හසිතුප්පාදය

විකිපීඩියා වෙතින්
ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

හසිතුප්පාදය නම් හාස්යා උත්පාදනයයි.විවිධ හාස්ය වර්ග තිබේ.සාමාන්යා පුහුදුන් අය සිනා නඟන්නේ කිසිදු පැහැදිලි අර්ථයක් සලකාගෙන නොවේ.අනුන්ට සිනාවීම සඳහා මෙන්ම අනුන්ව හාස්යියට ලක්කොට ප්රීසතිවීමට පවා සාමාන්ය් පුහුදුන් මනුෂ්යස වර්ගයා නොපැකිලෙනබව වටහාගත හැකිය.නමුදු අර්හත්ව මාර්ගඵල අවබෝධයට පත්වූ රහතන්වහන්සේලා,පච්චෙක බුදුවරු එසේම සම්මා සම්බුදුවරු ආදී උසස් උතුමන්වහන්සේලා තමන්වහන්සේලාගේ සිත්හි පහළවන හාස්යමයට අනුන්ගේ වැරදි අඩුපාඩු නොව බුද්ධිමය කරුණක්ම පාදක කරගනු ලබන බව ධර්මානූකූලව ඉතා පැහැදිලිය.හසිතුප්පාදය යනු අර්හත්වය මාර්ගඵල ලාභී උතුමන්ගේ සිත තුළ ඇතිවන නොකිලිටිවූ ආනන්දමය ස්වභාවය ලෙස හඳුනාගත හැකිය.සම්මා සම්බුද්ධ හෝ පච්චෙක බුද්ධ වනුයේද රහත් මාර්ගඵලය අවබෝධකොට ගත් උතුමන්ය.එබැවින් හසිතුප්පාදය ක්ෂීණාස්ර වයන්ටම අයත් දෙයක් ලෙස සැලකිය හැකිය.ඒ හැර සෙසු ආර්යයන් වහන්සේලා හා පුහුදුන් පුද්ගලයින්ගේ සිනාව එබඳු උසස් බුද්ධිමය පවසරියක් ඇති දෙයකැයි හෝ එසේ නොවෙතැයි පැහැදිලිව අර්ථ දැක්වීම පිණිස සම්මතයක් නැත.අර්හත්ඵලය නම් සකල ක්ලේශ ප්රෙහීණ කිරීමයි.එසේ ක්ලේශ ප්ර්හීණකල උතුමා විෂයෙහි සිතේ රාග, ද්වෙෂ හා මෝහ සිතිවිලි නැත.එබැවින් උන්වහන්සේලාගේ සිත්හි ඇතිවන ආනන්දමය හාස්යත ලක්ෂණය තුළ ගැබ්ව ඇත්තේ බුද්ධිමය ස්වභාවයක් බව උපකල්පනය කරගත හැකිය.හසිතුප්පාදය යන වචනයෙන් අර්ථ දැක්වෙන්නේ සිනාව ඉපදවීමයි.සිනාව හුදු සිනාවක්ම පමණක්ද නොඑසේ නම් බුද්ධිමය පැතිකඩක් සහිත සිනාවක්ද යන කාරණය එහි සංවේදීභාවයට බෙහෙවින් බලපායි.රහතන්වහන්සේලාගේ සිට සෝවාන් ආර්ය ශ්රාවවකයා දක්වා අනුක්රනමයෙන් ඊට පහළ මාර්ගඵල ලාභී වූ උතුමන්තුළ සිනාව ඇතිවනුයේ එකී මාර්ගඵල ප්රයතිවේධයට සාපේක්ෂකව බුද්ධිමය පැතිකඩෙහි බලපෑම සහිතව බව සිතිය හැකිය.සිනාව රස නිෂ්පත්තියට අදාළය දෙයක්ද වේ. මේ අනුව සිනා රසය හාස්යක රසය ලෙසද දක්වා තිබේ.එසේම සිනාව නඟන පුද්ගලයාගේ ඇති බුද්ධි මට්ටම අනුව ඒ සිනාව උසස් හෝ පහත් මට්ටම දක්වා වර්ගීකරණයකට ලක්විය හැකිය.එම වර්ගීකරණය ඇතිවනුයේ බුද්ධිමට්ටමේ ඇති වෙනස නිසාය.මේ හේතුව නිසා හුදු රස වින්දන මාධ්යේයක් ලෙස හඳුනාගෙන පැවති සිනාවෙහි බුද්ධිමය පැතිකඩ සිනාවේ ර්ගීකරණය කෙරෙහි බලපෑ හැකිබව අවධාරණය කළ යුතුය. සිනාව පිළිබඳ විවරණය අවසානයේ විසංගත බව නමැති ගුණය විශේෂයෙන් ඇතිවීම බුද්ධිමය පැතිකඩ ඉහළ මට්ටමක රඳා පැවැත්මට ඉවහල්වේ. සිනාව ජනිත කරවීමෙහිලා විවිධ රසායනික ද්රඳව්යව මනසට බලපෑම් කරන බැව් නූතන මනෝ විද්යාාඥයින් විසින් සොයා ගෙන තිබේ. සිනාවට හේතු වන මොළයේ රසායනික වෙනස්‌කම් පිළිබඳව උනන්දු වන අයකුට සිනාවේ ගැබ්වන බුද්ධිමය ලක්‌ෂණය නිර්ණායකයක් ලෙස ගත හැකිය. විචාර පූර්වක ආකල්ප සිනාවේ තාර්කික ආකෘතිය ගොඩනැඟීමේ කාර්යයේදී බෙහෙවින් උපකාරී වියහැකිය. හාස්යපතුළින් බුද්ධිය විකසිතවන ආකාරය පිළිබඳ පර්යේෂණ කාර්යයේ නිරතවන්නෙකුට සිනාවේ තාර්කික ආකෘතිය තුළින් විද්ය මාන වන වෙනත් ලක්‌ෂණයක්‌ හෝ සැලකිල්ලට ගත හැකිය. ජීව විද්යාාවෙහි හා බටහිර සායනික මනෝවිද්යා වෙහි මේ පිළිබඳව පර්යේෂණ දැනටමත් සිදු වී තිබේ. කෙසේ වුවත් සියලු කරුණු හෝ දත්ත ග්රවහණය කරනු ලබන්නේ මනසින් මිස අනෙක්‌ ඉන්ද්රිළයකින් නොවේ. ශාරීරිකව සිදු වන රසායනික වෙනස්‌කමක්‌ යනු හුදෙක්‌ ම මනසෙහි වන වෙනස්‌කමෙහි පිළිබිඹුවකි. මේ නිසා සිනහව වැනි දෙයක ජීවවිද්යාකත්මක පැතිකඩ සොයා යැමේ දී මනසෙහි ක්රිබයාකාරීත්වය ද එහි සිදුවන ක්‌ෂණික බුද්ධිමය අරගලය ද අමතක කළ නොහැකිය.හසිතුප්පාදයේ නියම අගය රඳාපවතිනුයේ එය හුදෙක් ජීව විද්යාුත්මක ක්රිළයාවළියකට එහා ගිය බුද්ධිමය පසුබිමක් තුළ සිදුවන්නක් බැවිනි. යමෙකුගේ බුද්ධි මට්ටම ඉහළ යාමට සාපේක්ෂව ඒ පුද්ගලයා විසින් සිදු කරන සංජානන ක්රියයාවළියේ වැඩි වටිනාකමක් ගැබ්වේ.එවිට එබඳු පුද්ගලයෙකුගේ කායික,වාචික හා මානසික ක්රිරයාකාරීත්වයතුළම මේ වෙනස පැහැදිලිවම දැකගත හැකිය.බුද්ධි මට්ටම මඟින් යම් පුද්ගලයෙකුගේ මානසික ක්රියයාකාරීත්වය මැනවින් පාලනය වේ.එසේම එබඳු පුද්ගලයෙකු විසින් යම් අරමුණක් කෙරෙහි දක්වන ආකල්ප සෙසු අය එබඳු අරමුණුක් කෙරෙහි දක්වන ආකල්පවලට වඩා වෙනස් වේ.මේ වෙනස්කම් වනාහී පිරීහීමේ ලකුණ ඇති පහළ අගයක් දක්වන වෙනස්කමක් නොවේ.මේ වෙනස ධනාත්මක වෙනසකි.සංජානන පැතිකඩ ධනාත්මක වෙනසකට සාපේක්ෂොකව දක්වන සංචලතාව ඒ පුද්ගලයාගේ සියළු මනෝකායික හැසිරීම් රටාවේ පොදු ධනාත්මක මට්ටම කදිමට නිරූපණය කරයි.හසිතුප්පාදය ඉහළම ආර්ය මට්ටම වන අර්හත්වයේ ඇඟවුම්කාරකය වේ. හසිතුප්පාදය මඟින් සාමාන්යස හාස්ය මට්ටමට වඩා අඩු කායික සංචලතාවක් ප්රූදර්ශනය කළද එහි අන්තර්ගත සංජානන ප්රනබලතාව අධිකය.එබඳු සංජානන ප්රාබලතාවයක් නිසි අයුරින් ග්රරහණයකිරීමට නම් ග්රාහණයකරගන්නා පුද්ගලයාද අදාළ සංජානන මට්ටමට පැමිණ සිටිය යුතුය.නැතහොත් එබඳු සංජානන ප්රනබලතාවක් සහිත පුද්ගලයින්ගේ එබඳු බාහිර සංජානන ලක්ෂණ පිළිබඳ ප්ර භාමත් ලෙස කටයුතු කිරීමේ හැකියාවක් පැවතිය යුතුය.රහතන්වහන්සේලාගේ මුවඟට නැඟෙන ප්ර සන්නබවට හසිතුප්පාද යැයි ව්යගවහාරව පවතියි.එම ප්රනසන්නතාව උන්වහන්සේලා විසින් පළකරනුයේ අනුන්ට ප්රටදර්ශන වීම සඳහාද නැතහොත් හුදෙක් උන්වහන්සේලාගේ චිත්ත අභ්යනන්තරයේ හටගත් ප්රදසන්න බව නිසා ඇතිවූ සියුම් සොම්නස උන්වහන්සේලා විසින් ඳරාගන්නාවූ එක්තරා ස්වරූපයක් ලෙසට ද යන්න පිළිබඳව ගැඹුරින් විමසිය යුතුව ඇත.තමන්වහන්සේලාගේ හසිතුප්පාදයට අරමුණු වූ යම් දෙයක් පිලිබඳව බුද්ධිගෝචර අවධානයක් යොමුවනු දැකීමේ කැමැත්ත පෙරදැරිව ඇතිවූ සිනාවක් නම් හසිතුප්පාදයෙහි ධර්ම සන්නිවේදන ලක්ෂණ ගැබ්ව ඇතැයි පැවසිය හැකිය.එසේ නොමැතිව රහතන්වහන්සේලා හසිතුප්පාදය පහළ කරනුයේ උන්වහන්සේලාගේ සිතේ යම් අරමුණක් පිළිබඳ ඇතිවූ සියුම් සොම්නස පෙරදැරිව නම් හුදෙක් තණ්හා ආශාව පෙරටුකරගත් විඳීමේ චේතනාවකින් තොරව එය නිරාමිස සිතේ ඇතිවූ අපණ්හිත චිත්ත ස්වභාවයක් බවද පැහැදිලිව ප්රිකාශ කළහැකිය. සිනාව භෞතික ඇසින් නිරීක්ෂණය කළහැකි වුවද සිනාව භෞතික ක්රිලයාකාරීත්වයකට පමණක් සීමා නොකළ යුත්තකි. සිනාව වැනි දෙයක්‌ දෙස මනසෙහි ක්රිවයාකාරීත්වය මුළුමනින් ම අමතර කර දමා භෞතිකව පමණක්‌ බලන්නෙක්‌ බරපතල මුළාවකට වැටෙයි. ජීව විද්යා්වෙන් හෝ වෙනත් බාහිර නිරීක්ෂකකයෙකු සැලකිලිමත් වන්නේ භෞතික සිනාව ගැන පමණක්‌ නම් එම විශ්ලේෂණය අතිශයින් ම සීමා සහිත වේ. මෙම භෞතික සිනාව නම් දෙතොලෙහි චලනයයි. එවිට දසන් දෙපළ විවරව දැක්වෙන මට්ටමට දෙතොල ඉහළට එසවෙයි.දෙතොලෙහි දෙකෙළවර මඳක්‌ උඩු අතට නැඹුරු වී කම්මුල්වල සිදු වන පේශිවල චලනය ම සිනාව ලෙස අර්ථ දක්‌වන්නට හැකි නම් සම්මා සම්බුදුජාණන්වහන්සේගේ මුවින් නැඟෙන මන්දස්‌මිතය ද, යමකු අවමන් කරනු පිණිස නඟන අපහාසාත්මක සිනහව ද එකම සංසිද්ධියක අදියර දෙකක්‌ ලෙස සැලකිය යුතු වේ. එහෙත් ඒවා එකිනෙකින් බොහෝ සෙයින් වෙනස්‌ බව අමතක කළ හැකි නො වේ. සම්මා සම්බුදු වරුන්ගේ සිනා නැඟීම අතිශයින්ම කාරුණික හා බුද්ධිමය වපසරියක් තුළ සිදුකෙරෙන්නක් ලෙස පැහැදිලි කළ හැකිය.ඊට සමාන හෝ ආසන්න වියහැකි මට්ටමේ බුද්ධිමය වපසරියක වූ සිනාවක් කිසිදු වෙනත් ක්ෂීණාස්රනවයන්වහන්සේ නමකට නැඟිය නොහැකිය.මහා කරුණාවද මහා ප්රකඥාවද මෙබඳු හසිතුප්පාදයක්තුළ ගැබ්වේ.රහතන්වහන්සේගේ හසිතුප්පාදයට වඩා පච්චෙක බුදුවරුන්ගේ හසිතුප්පාදය තුළ කරුණා හා ප්රවඥා ලක්ෂණ ගැබ්වේ.එසේම පච්චෙක බුදුවරුන්ගේ හසිතුප්පාදයට වඩා සම්මා සම්බුදුවරුන්ගේ හසිතුප්පාදය තුළ මහාකරුණා හා මහා ප්රුඥා ලක්ෂණ ගැබ්වේ.මෙයට අදාළව ප්රසජානන, ආවේදන හා චර්යා යන ක්රි්යාකාරීත්ව මට්ටම් බලපානුලබන බව පෙන්වාදියහැකි වේ. පුද්ගල චෛතසික මට්ටම අනුව හසිතුප්පාදය පවා විවිධ වනබව මේ අනුව පහසුවෙන් වටහා ගත හැකිය.සකල ක්ලේශ ප්රටහීණව වීතරාගී වීතදෝස හා වීතමෝහ වන මට්ටමට ළඟාවූ උතුමන්හි සිත්තුළ පවා ඇතිවන හසිතුප්පාදයේ විවිධ මට්ටම් පවතියි.ක්ලේශ ප්ර්හීණබවේ කිසිදු වෙනස්කමක් නැතිවුවද ප්රටඥාවෙහි විශාරත්වමය මත බුද්ධිමට්ටම්හි වෙනසක් පවතිනබව පිළිගැනීමට සිදුවේ.සිනාව සෘජු ආත්ම ප්ර්කාශනයකි.හසිතුප්පාදයෙහිද ඒ ලක්ෂණ ඇත.රහතුන්ගේ,පසේබුදුවරුන්ගේ සම්මා සම්බුදුවරුන්ගේ සිත්හි ඇතිවූ සොම්නස පිළිබඳ ආත්ම ප්රණකාශනයක් ලෙස හසිතුප්පාදය දැක්වීමට හැකිය.හසිතුප්පාදය නම් සිනාවේ ලෝකෝත්තරමට්ටම ප්ර කාශයට පත්වීමත් ලෙස සැලකිය හැකි වේ.සිනාව පිළිබඳව කවර නිර්ණායක පැවතියද බුද්ධි මට්ටම උසස් පුද්ගලයෙකුගේ සිනාවේ ඇති ඉහළ ආධ්යා ත්මික කුසලතාව හසිතුප්පාදය තුළින් ප්රුකාශයට පත්වීම වැළකිය නොහැකිය.සිනාවට ඇති හැකියාව මනුෂ්යියෙකුහටම මිස සෙසු කවර ගණයේ හෝ සතෙකුහට උපතින්ම පිහිටා නැත. මේ හේතුව නිසා සත්ව ලෝකයතුළ සිනා නැඟිය හැකි එකම සත්වහ වර්ගයා මනුෂ්යායාම බව දක්වා තිබේ.මේ හැකියාව මිනිසාහට ලැබී තිබෙන්නේ මිනිසාගේ මස්තිෂ්ක ධාරිතාව සත්වය ලෝකයෙහි සෙසු සත්වි වර්ගවලට වඩා අධිකව පවත්නා බැවිනි.මේ හේතුව නිසා සෙසු සත්වෝ වර්ගයා අතුරින් ඒ හැකියාව ඇති එකම සත්වප විශේෂය මිනිසාබව පැහැදිලිව පෙනී යයි.මිනිසා උපතින්ම ලබා ඇති ඒ සිනා නැඟීමේ හැකියාව වර්ධනය හෝ මර්ධනය කළහැකිද යන්න පිළිබඳව මානව ඇගයුම් ඉතාම වේගවත්ව වෙනස්වෙමින් යයි.අනුන්ව හෙළා දැකීමේ හෝ පහත්කර සැලකීමේ අභිප්රාසයක් නැතිව ඇති කරගනු ලබන සිනාව බොහෝ සේ ශ්රේයෂ්ඨ බව පැහැදිලිව කිව යුතුය.මිනිසා බුද්ධිමය මට්ටම අතින් උසස්වීමට සමානුපාතිකව මානවයා නඟන සිනාවේ මට්ටමච අනුක්රකමිකව ඉහළට යනු ඇත. හසිතුප්පාද යන්නද එලෙස බුද්ධි මට්ටම ඉහළට පැමිණි පසුව බාහිරව ප්රහකාශයට පත්වන කිසියම් සංකේතාත්මක මානව ක්රි්යාකාරකමක් බව සැලකිය හැකිය.හසිතුප්පාදය තරමට උසස් මානසික හැකියාවක් උරුමකරගෙන නැති නමුදු සාමාන්ය් පුහුදුන් මට්ටම අභිබවනය කළ සිනා නඟන්නාවූ පුද්ගලයින් සිටිය හැකිය.සෑම අවස්ථාවකදීම හසිතුප්පාදය ඉහළම මානසික මට්ටම මූර්තිමත් කර පෙන්වන්නක් ලෙස සැලකිය හැකිය.හසිතුප්පාදය නමැති අතිපාරිශුද්ධ සිනා නැඟියහැකි මානසික මට්ටමකට අවතීර්ණවිය නොහැකිලෙස අවම බුද්ධි මට්ටමක පසුවන අයද මේ අතරතුර හිඟ නැත. හසිතුප්පාදය සමඟ සිනාව පිළිබඳ බෞද්ධ අර්ථකථනය තුළ දැකිය හැකි තවත් සුවිශේෂී ලකුණක් පිළිබඳව මෙහිදී අවධානය යොමුවේ.එනම් සිනාව හුදෙක් මාංශපේශී චලනයකට පමණක් සිමාවූ දෙයක් නොවූ බවයි.එසේම මාංශ පේශී චලනයෙහි වුවද බාහිරව දැකියහැකි කිසියම් ප්රෙමාණාත්මක වෙනසක් පවා සංජානන මට්ටමේ උසස් පහත් බවට අනුගතව ඇතිවිය හැකි බවයි.මාංශපේශීවල චලනය අධිකවූ සිනාව වඩා පහළ මට්ටමේ සංජානන සහිතව සිනා නැඟීමේ කාර්ය සඳහා මෙන්ම මාංශපේශී චලන හැකිතාක් අවම මට්ටමේ චලන වඩා ඉහළ හා ප්රසශස්ත මට්ටමේ සංජානන සඳහාද දැකගත හැකිබව පෙනීයයි.සිනා නැඟීමේදී උපයෝගීවන මාංශපේශී සංචලනය හැකිතාක් අඩුවීමට සාපේක්ෂකව වඩා උසස් ආධ්යාකත්මික හැකියාවන් නිරූපණය වේ.එසේම සිනා සිමේදි උපයෝගී වන මාංශපේශී සංචලනය හැකිතාක් අධිකවීමට සාපේක්ෂව වඩා දුර්වල මානසික මට්ටමක් ඇති බවද නිරීක්ෂණය කළහැකිවනු ඇත.මේ හේතුව මත යමෙකුගේ සිනාව බාහිරව නිරීක්ෂණය කිරිම තුළින් බොහෝදුරට ඒ පුද්ගලයාගේ ආධ්යාේත්මික හැකියාව පිළිබඳ දළ නිගමනයක් ලබාගත හැකි බවද පෙනී යයි.නමුදු සෑම අවස්ථාවකදීම මේ තත්වය පොදු නැතිබවද සිහිතබාගත යුතුවේ.මන්ද සෑම පුද්ගලයෙකුම එක හා සමාන නොවෙන්නාක් මෙන්ම යමෙකුගේ ආධ්යාේත්මික ගුණවත්කම් බාහිර සාධක මත තීරණය කිරීම එතරම් බුද්ධි ගෝචර කටයුත්තක් නොවන බැවිනි.බාහිර චර්යාව මත පිහිටා මානසික ගුණවගාව තීරණය කිරීමේ බටහිර ෆ්රොොයිඩියානු ආකල්පය දළ වශයෙන් මිස මුළුමනින්ම අදාළකරගැනීම එතරම් ප්රොඥාගෝචර නොවන්නේ මේ හේතුව නිසාය.ලෞකික ධ්යාමන උපදවා පරචිත්ත විජානන ඥාණය නොලැබූවෙකුහට අනුන්ගේ සිත් දැනගැනීමේ ශක්තියක් නැති බැවින් බාහිර චර්යා මත පදනම්ව හැර සිතින් සිත පිරිසිඳ බලා පැහැදිලිව දැනගැනීමේ හැකියාවක් නැත.එබැවින් යම් තරමකට වත් චර්යාව මානසික මට්ටම තීරණය කිරීමෙහිලා අදාළ කරගැනීමේ හැකියාවක් පවතින බවද මෙහිදී අමතක කළ යුතු නැත. මදක් විකසිතවූ නෙත්සර ඇති සැලෙන තොල් ඇති හාස්යම ‘ස්මිත’ නම් වෙයි.කෙටියෙන් දැක්වුවහොත් ස්මිත යනු දෙනෙතට වඩාත් බරවූ සිනා නැඟීමකි.මෙහි මාංශපේශී සංචලනය ඉතාම අල්ප බව පෙනේ.දෑසින් සිනා සෙන්නාක් මෙන් බාහිරව ප්රතදර්ශනය වේ.සොම්නස උතුරාහැලෙන දෙනෙතින් යුතු එහෙත් දෙතොල් සංචලනය ඉතාම අවම මට්ටමක පවතින සියුම් හදවතකින් යුතු සිනා නැඟීමක් ලෙස හැඳිනගත හැකිය.මන්දස්‌මිතය යනු අප බොහෝ විට එකිනෙකා කෙරෙහි ප්ර සන්න බව පළ කිරීම සඳහා ආවේණිකවම නඟන්නෙකි. ස්මිත යන්නටත් වඩා අඩු මට්ටමක් මන්දස්මිතය යන්න තුළ ගැබ්වේ.ස්මිතයෙහි පමණටවත් දෙතොල්හි මාංශපේශී චලනයක් මෙහි නොදැක්වේ.මාංශපේශී චලනයක් ඇත්තේම නැති ප්රතමාණයට මඳ සිනා නැඟීමක් දිස්වේ.මෙබඳු වූ සිනා උපදවනුයේ උසස් මානසික හා අධ්යාමත්මක මට්ටමකට පත්වූ උතුමන්බව විශ්වාසයක් තිබේ. බුද්ධ, ප්රෙ ත්යටක බුද්ධ, මහ රහත් උත්තමයෝද, මහා කරුණාවෙන් මන්දස්‌මිතය පළ කරති. එම ක්රිපයාව කරනු ලබන්නේ හසිතුප්පාද චින්තය නම් අහේතුක ක්රිනයා සිතෙනි. අහේතුක ක්රි්යා සිතක්‌ පිළිබඳ ආභිධර්මික විවරණය නම් එය විපාක නො උපදවන, එමෙන්ම කිසිදු කර්මයක විපාකයක්‌ ද නො වන සිතක්‌ යනුවෙනි. හසිතුප්පාදය නම් සිනාව අර්ථදක්වන නාමය නොව එබඳු සිනාවකට හේතුවූ සිත හඳුන්වන නාමයක් ලෙස දැක්විය හැකිය.හසිතුප්පාදය අහේතුක ක්රිකයා සිතක් වූ නිසාම එයින් කිසිදු ප්ර තිඵලයක් හෝ කර්ම ඵල විපාකයක් ගෙන නොදෙයි.සොම්නස පමණක් ඇතිකරවා චිත්ත සැහැල්ලුව පමණක් ගෙනදෙයි.රහතන්වහන්සේලාගේ සිතේ හසිතුප්පාදය චිත්ත ඉපදීමේදී ඇතිවන සොම්නස ධ්යාෙන මට්ටමකදී සිතේ ඇතිවන පහන් ස්වභාවයකට ආසන්නය.එසේ වුවත් ඒ සිත් ලෝකෝතර නොවන බැවින් ලෞකික ධ්යා න සිත්හි ඇති වින්දනීය ස්වභාවය හසිතුප්පාද සිත තුළ නැත.රහතන්වහන්සේලා නම් සියළු වින්දනීය ස්වභාවයන් ප්රයහාණය කළ උතුමන්ය.විඳීම නම් ක්ලේශ සිතට උරාගන්නා ස්වභාවයයි.එය තීන්ත පොවන කඩදාසියකට තීන්ත උරාගන්නාක් පරිදි සිදුවේ.බාහිර වින්දනීය තත්වයන් කෙරෙහි තෘෂ්ණාව නිසා ක්ලේශ ධර්ම සිතට උරාගැනීම සිදුවේ. මේ උරාගන්නා ස්වභාවය තෘෂ්ණාවයි.ඒ උරාගන්නා ස්වභාවයකට අනුව සිතේ සකස්වීම අවිද්යාේව නිසා සිදුවේ.මේ සිතේ උරාගන්නා ස්වභාවය අධිකව පැවතීම නිසා සිතට නැඟෙන හාස්යදයේදී දැඩි වින්දනීය ලක්ෂණ ඇතිවේ.එබඳු හාස්යවයන්වලදී හාස්ය ය සමඟ විඳීමේ අධික වූ ආශාවක් හටගනියි. කෙනෙකුගේ සිත ඇතුළට උරාගන්නාවූ හාස්ය් මුසු වින්දනීය ස්වභාවයක් සකස්වනුයේ ඒ අනුවය. හසිත්තුපාදය නම් රහතන්වහන්සේගේ හාස්යනයයි.එහි ආවේදන ස්වභාවයක් නැති පමණට සියුම්ය. එහිදී ආවේදනය නැතිබව හෝ සියුම්බවේ ප්රයමාණයට නිර්වේදීය ලක්ෂණ ඇතිවීවේ.නිර්වේදීය වූ ස්වභාවයකට චිත්තගතික භාවයන් පත්වීම අර්හත්ව මාර්ග ඵල අවබෝධයේදී සිදුවේ.අර්හත්වයට පත්වූ උතුමාතුළ සිතේ ඇත්තේ හුදෙක් බුද්ධිමය ක්රිවයාකාරීත්වයක් පමණකි.භාවමය වශයෙන් එම උතුමා රාගය හා ද්වේශය සම්පුර්ණයෙන්ම දුරුකළ අයෙකු බැවින් එතුමාගේ සිතෙහි හසිතුප්පාදය සමඟ ඇතිවනුයේ නිර්වේදීය ලක්ෂණ සමඟ මුසුවුන භාවමය සංවේදනයන්ය.එම සංවේදනතුළ විඳීමේ හැකියාව නැත.විඳීම නැතිකළ හෝ අඩුකළ පමණට එබඳු භාවයන්හි බුද්ධිමය අංශය වඩා දියුණු වේ.සිතේ ඇති විඳීමේ ලක්ෂණ අධික වූ තරමට සිනාවේ මාංශ පේශී සංචලනය අධිකභාවය ඉතා පැහැදිලිව දැකගත හැකිය.මෙබඳු අවස්ථාවලදී එබඳු සිනාවන්හි මතුපිට ස්වභාවය අසංවරශීලී ලක්ෂණ පැහැදිලිව ඉස්මතු කරවයි.අනුන්ගේ වරදක් දැක හාස්යත හෝ උපහාසය පිණිස සිනාසීමේදී වඩාත් බහුලව දැකිය හැකිවනුයේ මෙබඳු ස්වරූපයේ සිනාවන්ය.මෙබඳු සිනාවන්හි ස්වරූපය ඉතා රළුය.නමුදු මාංශපේශී සංචලනය ඉතා අවම මට්ටමක පවතින සිනාවන්හි බුද්ධිමය ගුණය අධිකය. එසේම එබඳු සිනා නැඟීමට නම් සිතේ විඳීම් මට්ටම නිර්වේදය දක්වා සියුම්කර හෝ ප්රගහාණය කර තිබිය යුතුවේ.මෙබඳු නිර්වේදී උතුමන්වහන්සේලා බොහෝවිට සිනා නඟනුයේ දෙතොලෙහි හෝ දෙකම්මුලෙහි සංචලනයන් මඟින් නොවේ.එබඳු සිනාවන්හි මාංශපේශී සංචලනයන් සිදුවුවද එය ඉතාම අල්ප මට්ටමකිනි.දැනට ඉහළම ආධ්යා්ත්මික මට්ටම නිරුපණය කෙරෙනුයේ හසිතුප්පාදය මඟිනි.මන්ද හසිතුප්පාදය සිදුකළ හැක්කේ අර්හත්වයට පත්වූ උතුමන්ට පමණක්බව දක්වා තිබීම නිසාය.මේ හසිතුප්පාද චිත්තයෙන් පමණක්‌ ම සිනාව උපදවන්නේ පූර්ණ විමුක්‌තිය ලද රහතුන් වහන්සේලා පමණි. ඒ හේතුව මත එබඳු සිනා "සිත" සහ "හසිත" වශයෙන් දක්‌වනු ලැබේ. මෙයින් පැහැදිලිවනුයේ හසිතුප්පාදය සිත හා හසිත වශයෙන් දෙකොටසකට බෙදිය හැකිබවයි.අර්හත්වය ලැබූ උතුමන්වහන්සේලා විසින් මුහුණේ දක්වන මන්දස්මිතය ස්වරූපය හා අවස්ථානූරූපීව ද්විවිධ හැඩයකින් දක්වා තිබේ."සිත" යනුවෙන් හඳුන්වන්නේ ප්රනසන්න බවද සුහදතාව ද සොම්නස ද පළ කිරීමට ඇස්‌ දෙක පමණක්‌ මඳක්‌ විවෘත කොට පළ කරන සිනාව ය. දත්වල අග දක්‌වා, හඬ නො නඟා පළ කරන සිනහව "හසිත" ලෙස හඳුන්වනු ලැබේ.අර්හත්වය ලැබූ උතුමන්වහන්සේලා සිය සොම්නස බැහැරට ප්ර්කාශ කිරීම උදෙසා දෙයාකාර ස්වභාවයෙහි සිනා ප්ර්කට කරන බව සඳහන්ය. මේ සිනා වර්ග දෙකම හසිතුප්පාද සිතට අයත් ලෙස උපකල්පනය කළහැකිය.මින් සිත නම් සිනා නැඟීම සඳහා මාංශපේශී සංචලනය දෙනෙත් අවට ප්රඋදේශයට පමණක් සීමාකර ඇති අතර හසිත නම් සිනාවේදී එම මාංශපේශී සංචලනය හඬ නොනැඟෙන පරිදි දත්වල අග දක්වා ප්ර දර්ශනයකිරීම දක්වා පුළුල්කොට ඇති බව පෙනී යයි.මෙහිදී එක් අවස්ථාවකදී අවම මාංශපේශී සංචලනය තුළින් ස්වකීය භාවමය හැඟීම් සන්නිවේදනයට දක්වන ලද දක්ෂතාවය නිසා හසිත නම්වූ සිනාවෙහි ඇති සුවිශේෂීත්වය වඩාත් පැහැදිලිව කැපී පෙනෙයි.මෙහිදී සිත හා හසිත යන දෙයාකාර මාංශපේශීවල සංචලනයට ඉවහල්වූ එකම හසිතුප්පාද සිතින් මෙහෙයවන ලද අර්හත්වයට පත් උතුමාගේ ක්රිංයා සිත එකක්ම බව පෙනී යයි.එනමුදු දෙයාකාර මාංශපේශී සංචලන මෙහිදී විද්යගමානය.නමුදු එලෙස වූ පමණකින් සිත හෝ හසිත දෙයාකාර සිනා එකිනෙක උසස් හෝ පහත් මට්ටමකට නොවැටෙයි. රහතන්වහන්සේ විසින් සිනා පහළ කිරීමේදී ඇතිකරගනු ලබන සිත හසිතුප්පාද චිත්තය ලෙස හැඳින්වෙන නමුදු සේඛ පුද්ගලයින් හෙවත් තවමත් පරිපූර්ණ අවබෝධයට නොපත් අයගේ සිනා පිළිබඳ වර්ගීකරණයක්ද ව්ය්තිරේකව දක්වා ඇත.පූර්ණ විමුක්‌තිය නො ලද පුද්ගලයෝ මෙහි දක්වා ඇති සිනා වර්ගීකරණයට අයත් නොවන තවත් බොහෝ ආකාරවලින් සිනාසෙන බව ඉතා පැහැදිලිව දැකගත හැකිය. ඒ සෑමවිටකදීම එම සිනා සමඟ ඔවුන්ගේ මානසික හා අධ්යාවත්මික වත් පිළිවෙත් සම්බන්ධව පවතින බව අමතක නොකළ යුතුය.එම සිනා සඳහා පාදක වන්නේ හුදෙක්‌ ම හසිතුප්පාද චින්තය නමැති අහේතුක ක්රිසයා සිත නොවේ. උසස් මානසික හා ආධ්යාවත්මික මට්ටමක සිත පවතින අවස්ථාවලදී ඇතිවන සිනාවන්හි මාංශපේශී සංචලනය අවම මට්ටමක පවතින උසස් සිනා වර්ගයන්ට අයත් සිනාබව තේරුම්ගත හැකිය.රහත්ඵලයට පත්නොවූ සෝවාන් මඟඵලලාභී ආර්යන්වහන්සේලාගේ සිට අනාගාමී මඟඵල ලාභී ආර්යන්වහන්සේලා දක්වා ආර්යපුද්ගලයන්ට ඇතිවන සිනා එබඳු උතුමන්ගේ සිත්හි ක්රිරයාත්මක වන චිත්ත ආවේගවල ස්වභාවය අනුව විචලනය වියහැකි බව මෙහි අර්ථයයි.නමුදු සාමාන්යියෙන් පහළ මාර්ගඵලය වන සෝවාන් මට්ටමෙහි ඇති සංජානන හැකියාව අනුව පහළම ආර්යන්වහන්සේලාට හිමි සිනාවද අනුක්රලමිකව වඩා උසස් මඟ ඵල ලාභී ආර්ය මට්ටමට ළගාවීමේදී අනුක්රසමිකව සිනාවේ බුද්ධිමය පැතිකඩ වඩා උසස් තලයකට පරිවර්තනය වන ඉහළ මට්ටම්වල මඳ සිනාවද දැකගත හැකිබව මේ අනුව පැහැදිලි වේ.සෝවාන් මාර්ග ඵලයෙහි සිට සකෘදාගාමී හා අනාගාමී යනුවෙන් මාර්ගඵල කීපයක්ම ඇති බැවින් සිනාවෙහි ප්රමභේද ඊට අනුගතව කීහිප ආකාරයකින් දැකගත හැකිබව මේ අනුව පෙනී යයි.එක් එක් මාර්ගඵල මට්ටම්වල චිත්ත ස්වභාව තීරණයවනුයේ ඊට අදාළ විඳීමේ ස්වභාවය අනුවය.එබැවින් සිනාවද එහි විඳීමේ ස්වභාවයට අනුව ක්රාමිකව අනුවර්තනය වනබව මේ අනුව පෙනී යයි.ඕලාරිකව සිනාසීමෙහි නිරතවනුයේ පුහුදුන් මිනිසුන්ය.මන්ද ඔවුන්ගේ විඳීමේ ස්වභාවය ඉතා රළු හා දැඩිවන බැවිනි.යම් කිසිවෙකුගේ සිතේ ඇති විඳීමේ හැකියාවට සමානුපාතිකව සිනාවේ ස්වභාවය ඊට අනුගතව ක්රනමික ලෙස අනුවර්තනය වියහැකි බව මේ අනුව මනාව පැහැදිලිවේ.සාමාන්යව මිනිස් ප්ර ජාව අතර හාස්යමය උපහාසය හා අපහාසය ආදී වශයෙන් සිනාවේ ප්රිභේද රාශියක් පවතිනුයේ මේ න්යාපයයට අනුවබව මින් පැහැදිලිවේ.හාස්යද යනුවෙන් හඳුන්වන සිනා නැඟීමට වඩා උපහාසය යනුවෙන් හඳුවන සිනා නැඟීමේදී කිසියම් සමාජදුබලතාවයකට හෝ පුද්ගල දුබලතාවකට එරෙහිව නැඟෙන විචාරපූර්වක සිනා නැඟීමක් ප්රජකට කෙරේ.එසේම එය අපහාසය නමින් හඳුන්වන සිනාවට වඩා ශිෂ්ටබවක්ද පළ කෙරේ.නමුත් අපහාසය නම් මුළුමනින්ම අනුන්ව ගර්භාවට ලක්කිරීමේ පහත් චේතනාව මුල්කර ගෙන ඇතිවිය හැකි සිනා නැඟීමකි.එය සිදුකරනුයේ එතරම් නුවණ දියුණු නොවූ පාපී චේතනාවන් වලින් යුතු මිනිසුන් බව පෙනී යයි.මේ සිනා නැඟීම්වලට සාපේක්ෂකව හසිතුප්පාදය ප්රයඥාව මුලික සිනා වර්ගයක් ලෙස පැහැදිලිව කැපී පෙනෙන අතර එහි ස්මිත හා මන්ද ස්මිත ලක්ෂණ විද්යනමාන වියහැකි වුවද අපහසිත හා අතිහසිත ලක්ෂණ නම් කිසිසේත් විද්යසමාන නොවනබව පැහැදිලිව දැක ගත හැකිය.එසේම හසිතුප්පාදයෙහි සිත හා හසිත යන ලක්ෂණවලින් යුතු සිනාව විද්යැමාන විය හැකි වුවද හාස්යා, උපහාසය හා අපහාසය යන ත්රිමත්ව වැදෑරුම් සිනාවර්ග කිසිසේත්ම අන්තර්ගතව නොපවතින බවද පෙනී යයි.සාමාන්ය පුහුදුන් පුද්ගලයෙකුට උපහාසය හා අපහාසය මෙන් හාස්යො නමින් හඳුන්වන සිනාව තුළ එතරම් ප්රහබල දෝෂයක් නොපෙනන නමුදු රහතන්වහන්සේනමකගේ සිනාව වූ හසිතුප්පාදයට සාපේක්ෂකව හාස්ය් තුළ විශාල දෝෂ සහගත තත්වයන් නිරීක්ෂණයවේ. ආර්ය විනය අනුව හාස්යයය හැඬීමකටත් නර්තනය උමතුවෙන් සිදුකරන දැඟලිල්ලකටත් උපමාකර ඇත්තේ එබැවිනි.ඒ නිසා හසිතුප්පාදය නමින් හඳුන්වන රහතන්වහන්සේගේ සිනාවට සාපේක්ෂව සාමාන්යආ හාස්යහ හැඬීමක් හා සමාන බව දත යුතුය.එවිට උපහාසය හා අපහාසය යන සිනාවන්වලට හිමිවන ස්ථානය සිතාගත නොහැකි තරම් පහළමට්ටමකට පහත වැටෙනබව පැහැදිලිව පෙනීයයි. ඉහත සඳහන් ප්රතකාශයෙහි ආර්ය විනය යන්න අර්හත්ව මාර්ගඵලාවබෝධයට පත්වීමට ඇති මාර්ග ප්රනතිපදාව අවසන්කර ඇති උතුමන්වහන්සේලාගේ තත්වය හා සේඛ උතුමන්ගේ ක්රිමයාපිළිවෙත යන දෙයාකාර ස්වභාවයන්ම ගතහැකිය.එසේ ගැනීමේදී සේඛ උතුමන්වහන්සේලාගේ සිනාව විහසිත හා උපහසිත යන මට්ටම් දෙකක් තුළින් ප්රගකාශයට පත්වී තිබේ.එය හසිතුප්පාදය තරම් මුල්පෙලේ සිනාවක් නොවෙතත්,ඊට ආසන්න මට්ටමක පවතින සිනාවර්ගයක්බව උපකල්පනය කළහැකිය. මේ හසිත, විහසිත හා උපහසිත යන සිනාවර්ග තුන අතරින් හසිත යන සිනාවර්ගය පමණක් රහත් මාර්ගඵල අවබෝධයට පත්වූ උතුමන්වහන්සේලාට ඇතිවනබව දක්වා තිබේ.මන්ද හසිතුප්පාද ක්රි යා සිත උපදනුයේ රහතන්වහන්සේලාහට පමණක්ම වන බැවිනි. හසිත නමැති සිනා වර්ගය ඇති වනුයේ හසිතුප්පාසය නමැති ක්රිනයා සිත හේතුකොට ගෙනය.හසිතුප්පාද ක්රිනයා සිත හැරුණුවිට ඊට අමතරව සිත තුළ ඇතිවන ලෝභ මූල සිත් ද, මෝහ මූල සිත් ද රාශියක්‌ සාමාන්ය පුද්ගලයකු ගේ සිනාවට මුල්වේ. යම් පුද්ගලයෙකුගේ සිත්තුළ පවතින රාගාදී අකුශල චේතනා හෝ දානාදී කුශල චේතනා හේතුකොටගෙන ඊට අදාළ සිනා වර්ග ඒ පුද්ගලයාගේ චිත්ත සන්තානයතුළ පහළ වේ.මේ සිනාවන් "විහසිත", "උපහසිත", "අපහසිත" සහ "අතිහසිත" වශයෙන් හඳුන්වනු ලැබේ.ඒ සිනාවල අන්තර්ගතවනුයේ විඳීමේ අධික ආශාවයි.විඳීම අනුක්ර"මිකව අඩුවන ස්වභාවයට සාපේක්ෂ ලෙස ඔවුන්ගේ සිනාවේ ඕලාරික ස්වරූපය සුඛුම ස්වරූපයකට පරිවර්තනය වනබව පැහැදිලිවේ.ඒ නිසා සිනාවේ ස්වභාවය චිත්ත අභ්යුන්තරිකව ඇතිවන විඳීමේ හැඩතලය අනුව වෙනස්වියහැකිබව මේ අනුව අවබෝධවේ.විඳීමේ ස්වභාවය අඩුවන තරමට සිනාවේ සුඛුම ස්වරූපය අධිකවනබව හා විඳීමේ ස්වභාවය වැඩිවන තරමට සිනාවේ ඕලාරික ස්වරූපය අධිකවන බව මින් පෙනී යයි. මදක් පෙනෙන දත් ඇති හාස්යත ‘හසිත’ නම් වෙයි. මධුර නාද ඇති හාස්යධය ‘ විහසිත’ නම් වෙයි.විවිධ සිනාසීම් අතර මිහිරි හඬක්‌ නැඟෙන සිනාව "විහසිත" නම් වේ. විහිසිත සිනාවේදී අංග සංචනලයක් සිදු නොවේ. මිහිරි නාදයක් පතුරවන අතර එය හුදෙක් සිහින් ශබ්දයක් මිස මාංශ පේශී සංචලනයක් නොවේ.එසේම "උපහසිත" යනු හිස්‌ හා උරහිස්‌ සැලෙන සිනහවයි. එහි ශබ්දය හා මුහුණේ මාංශපේශී සංචලනය අන්තර්ගතය. එපමණක් නොව හිස හා උරහිස යන ශරීරාවයව පවා උපහසිතයේදී සංචලනය වන බව දක්වා තිබේ. අර්හත්වයට පත් නො වූ එහෙත් විමුක්‌ති මාර්ගස්‌ථ හෝ මාර්ගඵලලාභී මනුෂ්යනයන් "විහසිත" හා "උපහසිත" යන සිනාවන් පළ කරන බැව් සඳහන් වේ. ඉන් අදහස්වනුයේ සේඛ පුද්ලයින් හා සේඛ මාර්ග ප්ර තිපදාවට පිවිසි පුද්ගලයින්ය. රහතන්වහන්සේලා විසින් සිදු කරන සිත හා හසිත වර්ගයේ සිනා නැඟීමට විමුක්ති මාර්ගස්ථ හා සේඛ පුද්ගලයින් අසමත්ය. සේඛ හා සේඛ මඟට පිවිසි පුද්ගලයින්ගේ චිත්ත සන්තානය සුඛුම ස්වරූපයකට පරිවර්තනය වෙමින් පවතින බැවින් සිත හා හසිත ලෙස හැඳින්වෙන රහතුන්ගේ සිනා වර්ගීකරණයතුළම උප වර්ගයක් වූ විහසිත හා උපහසිත යන මට්ටම්වල සිනා නැඟීමට සේඛ හා සේඛ මාර්ගස්ථ පුද්ගලයින් සමත්ය. විමුක්ති මාර්ගස්ථ හා සේඛ පුද්ගලයින් සිනාසීමේදී හිස් හා උරහිස් යන ශරීරාංග සෙලවුවද ඔවුන්ගේ සිනානැඟීම් පුහුදුන්ගේ පමණ රළු හා ඕලාරික නොවේ. පුහුදුන්අයද සිනා නැඟීමේදී හිස්,උරහිස් හා වෙනත් ශරීරාංග සංචලනය මෙන්ම රළු ඕලාරික ශබ්ද නිකුත් කරන නමුදු එය සේඛ හා සේඛ මාර්ගස්ථ පුද්ගලයින්ට වඩා පැහැදිලි ලෙසම වෙනස්ය.යම් පුද්ගලයෙකු උසස් ආධ්යාසත්මික මට්ටමකට ප්ර්වේශව සිටිනබව සිනා නැඟීමේදී එකී සිනා සිත හා හසිත මට්ටම්වල සිනාවලට සාපේක්ෂකව දැනගතහැකිය.හසිතුප්පාදය නම් සිත හා හසිත යන ද්වි ස්වරූප සිනාසීම් ඇතිකරන ක්රි්යාසිත හඳුන්වන නාමය වන බැවින් ඊට සාපේක්ෂකව විහසිත හා උපහසිත ද්වි ස්වරූප සිනාසීම් ඇතිකරන සිත් කුසල ලෙස හඳුනාගත හැකිය.උපහසිත හා විහසිත යන ද්වි ස්වරූප සිනාසීම් සිදුකරනුයේ සේඛ හා සේඛ මාර්ගස්ථයින් බැවින් එම සිනාසීමේ චිත්තය කුශල චිත්තයක් ලෙස සැලකිය හැකිය.එසේම ඊට වඩා පහළ මට්ටම්වල සිනා වර්ග සේ සැලකිය හැකි අපහසිත හා අතිහසිත යන සිනා දෙවර්ගය පුහුදුන් පුද්ගලයින් විසින් සිදුකරන බැවින් ඒ සිනා නැඟීම් සිදුකරනුයේ අකුශල චිත්තයකින් බව කිවහැකිය. "අපහසිත" යනු ඇස්‌වලින් කඳුළු ගලන සිනා වර්ගයකි. ශාරීරික අවයව සියල්ල සොලවමින්, දඟලමින් කරන සිනා වර්ගය "අතිහසිත" ලෙස හඳුන්වනු ලැබේ. ගණිකාවන්, නිළියන්, නිරූපිකාවන් වැනි කාමය පිණිස සිරුර හුවා දක්වන වෘත්තීය මට්ටමින් සිරුර ප්රවධානකොට රැකියාවේ යෙදෙන අය මෙබඳු සිනාසීම්වල නිරතවන බව පෙනේ.ඊට හේතුව එබඳු සිරුර හා ශරීර අවයව සංචලනය කොට නඟන සිනාවල කාම සංඥාව අධිකව පවතින බැවින් එබඳු සිනා දකින අයගේ කාමාශා වර්ධනය වියහැකි බැවිනි.එබඳු සිනා නඟන අයගේ අපේක්ෂාවද එයම බැවින් ඔවුන් එසේ සිනා නඟනුයේ වෘත්තිමය මට්ටමින් බව මේ අනුව පැහැදිලිවේ. ඉහළ මට්ටමේ සිනාසීම් අතර අහේතුක ක්රිනයා සිතක්‌ වන හසිතුප්පාද චිත්තයෙන් ජනික කරවනු ලබන්නේ සිත, හසිත යන සිනාවන් පමණි.මෙහි දී ශ්රේ ෂ්ඨ සිනාව ලෙස හඳුනාගත් හසිතුප්පාද ගුණය සම්බන්ධ වන්නේ බොහෝ සෙයින් ම සිත, හසිත වැනි සිනාවන්ට ය. ඒ සඳහා හසිතුප්පාද චිත්තයට අමතරව වෙනත් ක්රි,යා සිත්ද බොහෝ සෙයින් දායක වියහැකිය. මේ අනුව සිනාවෙහි බුද්ධිමය පැතිකඩ, ආභිධර්මික විවරණයන්ට පටහැනි වන්නක්‌ නො වේ. ජීව විද්යාපව හෝ වෙනත් ශරීරය හා සම්බන්ධ විද්යානවක්‌ හෝ අනුසාරයෙන් සිනාව පැහැදිලි කිරීමට උත්සාහ ගන්නා විට මේ විවරණයද තාර්කික ආකෘතිද සැලකිල්ලට ගන්නේ නම් වඩාත් හොඳ විග්රවහයක් එමඟින් ලබා ගත හැකිය. ස්කඣ - ශීර්ෂම යන මොවුන්ගේ චඤ්චලවීම සහිත වූ හාස්යි ‘උපහසිත’ හෙවත් අවහසිත නම් වෙයි. කඳුළු පිරුණු ඇස් ඇති සිනාව ‘අපහසිත’ නම් වික්ෂිවප්තවූ ශරීරාවයව ඇති හාස්යව ‘අතිහසිත’ නම් වේ. මේ ෂඩ් භෙදයන් අතුරෙන් පිළිවෙළින් සිත හා සහිත යන හාස්ය ය උත්තම ජනයන්ගේද මධ්ය යෙහි හාස්ය් වූ විහසිත හා උපහසිත මධ්ය ම ජනයන්ගේද අන්තයෙහිවූ හාස්ය‍යවූ අපහසිත හා අතිහසිත නීචයන්ගේද වේයයි කියන ලදි. මෙහි හාස්ය යන වචනය සැකසීම සඳහා භාවිතා වන ‘හස්’ ධාතුව සමතළ කිරීමෙහි හා සිනායෙහි වැටේ. මෙහි සිනායෙහිය. සිනහව සම්බන්ධයෙන් සංස්කෘත භාෂා ව්ය වහාරයතුළ ඊට සමාන අරුත් දනවන විශාල වචන සංඛ්යාධවක් යෙදී ඇතිබව පෙනී යයි. උපහාසය හා අපහාසය ඉන් දෙකක් පමණකි. ඊට අමතරව සිනාවට පර්යාය වචන ලෙස හාස, මන්දහාස, අනුහාස, අවහාස, පරිහාස, සංහාස, අට්ටහාස, හසිත, ස්මිත, මන්දස්මිත, ස්මය, උත්ස්මය, විහාස, විහසිත, විහසන, මන්දහාස්යා, හාස්ය , පරහස හසිත, පරිබ හාස ආදී වදන් රැසක් සාහිත්යි හා භාෂා ව්යපවහාරයෙහි පවතියි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ--175.157.63.208 03:35, 29 ඔක්තෝබර් 2012 (යූටීසී)

"https://si.wikipedia.org/w/index.php?title=හසිතුප්පාදය&oldid=466274" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි