හමුදා විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

හමුදා විද්‍යාව යනු යුද්ධ හා අවිගත් සටන් වලදී හමුවන ක්‍රමවේද, මනෝවිද්‍යාව, පුහුණුව වැනි කරණු වලින් සමන්විත වන ක්ෂේත්‍රයන් හිදී කරන අධ්‍යනයයි. නිවැරදිව භාවිත කලහොත් ඕනෑම සතුරකු සමඟ ඇති වන සටනකදී භාවිත කරන්නාට විද්‍යාත්මක ක්‍රමයක් බවට මෙය පත්වේ. මෙහිදී සතුරා විරුද්ධවාදී හමුදාමය බලවේගයක්ද, ගරිල්ලා හෝ වෙනත් අසම්මත කණ්ඩායමක්ද, හමුදා විද්‍යාව දන්නා හෝ භාවිත කරන කණ්ඩායමක්ද යන්න වැදගත් නොවේ. හමුදා (භෞමික සටන්) විද්‍යාව පහත දැක්වෙන පරිදි ප්‍රධාන කරුණු 6 කින් සමන්විත වේ.


හමුදා සංවිධානය[සංස්කරණය]

සම්පූර්ණ හමුදාවට මෙන්ම හමුදා ඒකක පාලනය හා සංවිධානයට අවශ්‍ය ප්‍රශස්ථ ක්‍රමවේදයන් සංවර්ධනය කරයි. මෙයට අමතරව මෙම ක්ෂේත්‍රය මඟින් හමුදා ස්ථානගත කිරීම් හා මෑතකදී ජයගත් ප්‍රදේශ හෝ සතුරන්ගෙන් මුදාගත් ප්‍රදේශ වල හමුදා ආණ්ඩු පත්කිරීමද අධ්‍යනය කරයි.

හමුදා අධ්‍යාපනය හා පුහුණුව[සංස්කරණය]

හමුදා භටයන්, නිල නොලත් නිලධාරීන් ( උදා: සාජන්වරු ) පුහුණු කිරීම සම්බන්ධ ක්‍රමවේදයන් අනුගමනය කරයි. මෙය කුඩා හා විශාල ඒකක තනි තනිව හෝ එක්ව, සාමාන්‍ය හා අතිරේක සංවිධාන සඳහා පුහුණු කිරීම දක්වා විහිදේ. විශේෂයෙන්ම නිලධරයන්ට, සාමාන්‍ය අධ්‍යාපනය හා හමුදාවල බලපවත්නා දේශපාලනය සම්බන්ධව දැනුම ලබා දීමට හමුදා පුහුණුව උපයෝගී වේ.

හමුදා ඉතිහාසය[සංස්කරණය]

හමුදා ක්‍රියාකාරකම් අවුරුදු දහස් ගණනක් තිස්සේ ඒකාකාරීව ක්‍රියාත්මක වූ ක්‍රියාවලියකි. මේ සඳහා බලපවත්නා ප්‍රධාන උපායමාර්ග, සැලසුම් හා අවසාන අරමුණු ඉතිහාසය තුළ නොවෙනස්ව පවතී. උදාහරණයක් වශයෙන් "ඩබල් එන්විලොප්මන්ට්" නම් ක්‍රියා මාර්ගය දැක්විය හැක. මෙය ප්‍රධාන හමුදාමය උපායමාර්ගයක් වන අතර මුලින්ම ක්‍රි.පූ. 216 දී "කේනාර්" සටනේදී හැනිබල් විසින් යොදාගත් අතර, ඛලීඩ් ඉබ්න් අල්-වාලිඩ් විසින් "වලජ" සටනේදී ක්‍රි.ව. 633 දී යොදා ගන්නා ලදී. හමුදා ඉතිහාසය අධ්‍යනය මඟින් අතීතයේදී සිදුවූ වැරදි නැවත නොවීමටත්, උගත් පාඩම් තම වාසියට හරවා ගැනීමටත් ඉතිහාසයේ වූ සමානතා සහිත සටන් පිළිබඳව අදහසක් ලබා ගැනීමට තම ආඥාපතීන්ට හැකියාව ලබා දීම මගින් වර්තමාන ක්‍රියාකාරීත්වය ඉහල නැංවීමට හමුදා ක්‍රියා කරයි. හමුදා ඉතිහාසය තුළ දක්නට ලැබෙන ප්‍රධානතම ක්ෂේත්‍ර වන්නේ යුද්ධ හා සටන් පිළිබඳ ඉතිහාසය, යුධ කලාව සම්බන්ධ ඉතිහාසය හා එක් එක් විශේෂ හමුදා සේවාවේ ඉතිහාසයයි.

හමුදා භූගෝල විද්‍යාව[සංස්කරණය]

උස් බිම් අල්ලා ගැනීමට සුළු විරෝධතා ව්‍යාපාරයකට වඩා ඉතා වැඩි දෙයක් මෙයට ඇතුලත් වේ. හමුදාමය භූගෝල විද්‍යාව මඟින් ප්‍රත්‍යක්ෂව පෙනෙන යුද්ධයට අදාල වේදිකාවේ භූගෝලය මෙන්ම දේශපාලනය, ආර්ථික සහ ගැටුම් ඇති වීමට ඉඩකඩ ඇති ප්‍රදේශයන්හි ඇති අනෙකුත් ස්වාභාවික කරුණු වැනි අතිරේක ලක්ෂණද අධ්‍යනය කරයි. උදාහරණයක් ලෙස ඇෆ්ගනිස්ථානයේ සිදුවූ සෝවියට් යුද්ධය සඳහා ඇෆ්ගනිස්ථානුවන්ගේ සාර්ථක ආක්‍රමණ මෙන්ම ඉස්ලාමීය ජනරජයට පක්ෂ වීම යන කාරණා දෙකම බලපෑවේය.

හමුදා තාක්ෂණය සහ උපකරණ[සංස්කරණය]

හමුදා තාක්ෂණය යනු හමුදා බලය වැඩිකිරීමට භාවිතා කල හැකි තාක්ෂණය හා ව්‍යවහාරික භෞතීය විද්‍යාවන් ගැන කෙරෙන අධ්‍යනයන් පමණක් නොවේ. මෙය හමුදා උපකරණ නිපදවීම, ඒවා නිපදවීමට අවශ්‍ය කරන තාක්ෂණය සහ අමුද්‍රව්‍ය අවම කිරීම හා ක්‍රියාකාරීත්වය වැඩි කිරීම වැනි කරුණු ඇතුලත් වේ. උදාහරණයක් ලෙස ආනයනය කරන ලද රබර් හා පෙට්‍රෝලියම් හා ලිහිස්සි තෙල් වලට දක්වන යැපීම අඩුකිරීමට කෘතිම රබර් හා ඉන්ධන නිපදවීමට නාසි ජර්මනිය දැක්වූ උත්සාහය පෙන්වාදිය හැක. හමුදාමය තාක්ෂණය ආවේණික වන්නේ එහි යෙදීම් වලදී පමණක් වන අතර ප්‍රධාන විද්‍යාත්මක හා තාක්ෂණික මුදුන්පත්වීම් වලදී එසේ නොවේ. මෙම ආවේණික භාවය නිසාම පරිණාමික හා දුර්ලභ විප්ලවකාරී තාක්ෂණයන් ඒවායේ නියමිත හමුදා ව්‍යවහාරයන්ට භාවිත කිරීමට හමුදාමය තාක්ෂණික අධ්‍යනයන් උත්සුක වේ

"https://si.wikipedia.org/w/index.php?title=හමුදා_විද්‍යාව&oldid=384405" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි