හම්බන්තොට කසල

විකිපීඩියා වෙතින්

ශී‍්‍ර ලංකාවේ සෑම නගරයකටම කසළ විශාල අර්බුදයක් බවට පත් වී තිබේ. නමුත් එය සම්පතක් බවට පරිවර්තනය කර ගැනීමට හම්බන්තොට ජනතාව සමත් වී සිටිති. එයට ප‍්‍රධාන හේතුව වන්නේ හම්බන්තොට නගර සභාවේ ඒකාබද්ධ කසළ කළමනාකරණ මධ්‍යස්ථානයයි .

හම්බන්තොට නගරයෙන් රැස්කර ගන්නා කසළ ඒකාබද්ධ කසල කළමනාකරණ මධ්‍යස්ථානයට ගෙන එනු ලැබේ. රැස්කරගත් කසළ මෙහිදී දිරා යන හා දිරා නොයන ද්‍රව්‍ය වශයෙන් වෙන් කර ගනු ලැබේ. එසේ වෙන් කරගත් දිරාපත් වන ද්‍රව්‍ය කොම්පොස්ට් පොහොර සෑදීමට උපයෝගි කර ගැනේ. නොදිරන ද්‍රව්‍ය වෙනත් නිෂ්පාදන සදහා යොදා ගැනේ.

හම්බන්තොට නගර සභාව සහ බල ශක්ති සංසදය ඒකාබද්ධව මෙම ක‍්‍රීයාවලිය සිදු කරනු ලබන අතර ඒ සදහා රාජ්‍ය නොවන සංවිධාන ආධාර සපයති.

බලශක්ති සංසදයේ සභාපති අශෝක මහතා පවසන්නේ නොදිරන ද්‍රව්‍ය යොදා ගනිමින් වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කිරිමට බලාපොරොත්තු වන බවයි.

නිවෙස්වල දී කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය උපදෙස් කසළ කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ලබා දී ඇත. ඒ අනුව කෘමි සතුන් බෝ නොවීම සහ දුර්ගන්ධය ඇති නොවීම වැදගත්ය.

මෙම උපදෙස් අනුව සාර්ථකව පවත්වාගෙන යන ගෙවතු වගාවන් හම්බන්තොට ප‍්‍රදේශයේ දැකගත හැකිය. ඉවත දමන අපද්‍රව්‍ය සම්පතක් බවට පත් කරගත් ජන කොටසක් හම්බන්තොට ප‍්‍රදේශයේ ජීවත් වෙති. මේ මල් පල දරමින් සෞභාග්‍යමත් නිරොගි පරපුරක් බිහි කිරිමට දරන්නේ අපේම රටේ මිනිස් කොටසකි.

"https://si.wikipedia.org/w/index.php?title=හම්බන්තොට_කසල&oldid=470390" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි