හඳේ හාවා

විකිපීඩියා වෙතින්

හඳේ හාවා යනු පෙරදිග රටවල ජනතාව විසින් පියවි ඇසට සඳෙහි පෙනෙන බවට සැලකෙන රුවකි. ස්ථාපිත ජනප්‍රවාදයක් වන මෙම සංකල්පයට මෙරට කුඩා දරුවන් මහත් ලැදි කමක් දක්වයි. එසේම බෞද්ධ ජාතක කතාවක් වන සස ජාතකයට අනුව ‍බොසතානන් වහන්සේ සාවකුව ඉපිද සිදුකල දාන පාරමිතාවක් හේතුවෙන් ශක්‍ර දේවේද්‍රයා විසින් සද මත සාවකු ගේ රුව සටහන් කල බව දැක්වේ. තාරකා විද්‍යාඥයන් දක්වන පරිදි චන්ද්‍රයා මත පවතින විශාල පර්වත හා ආවාට වෙත සූර්‍යා ලෝකය වැටීමෙන් ඇතිවන දෘෂ්ටි මායාවක් සාවකුගේ රුවට සමාන රුවක් සේ දිස්වන බවයි. නැගෙනහිර ආසියානු රටවල ජනප්‍රවාද වලට අනුව මෙම හාවා වංගෙඩියක් සහ මෝල්ගහක් ආධාරයෙන් යමක් කොටන ආකාරයක් පෙන්නුම් කරන අතර, එම වංගෙඩියෙහි අඩංගු ද්‍රව්‍ය චීන, ජපන්, කොරියානු සහ වියට්නාම් ජනශ්‍රැති වල විවිධාකාර වේ. චීන ජනප්‍රවාද වලට අනුව මෙම හාවා චන්ද්‍රයාට අධිපති දෙවඟන චැන්ග්'ඊ ගේ සහායකයා වේ.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හඳේ_හාවා&oldid=495173" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි