හගුරන්කෙත පොත්ගුල් විහාරය

විකිපීඩියා වෙතින්

මෙය හගුරන්කෙත පැවති රජමාලිගාවෙහි කොටස් භාවිතා කරමින් ගොඩනගන ලද විහාරස්ථානයකි. මහනුවර රාජධානි සමයෙහි රජවරුන් විසින් ආරාක්ෂිත නගරයක් ලෙස හගුරන්කෙත භාවිතා කර ඇත. එකල සතුරු ආක්‍රමණවලින් බේරා ගැනීමට දළදා කරඬුවද මේ චෙෙත්‍ය තුල සඟවා තැබූ බව සඳහන් වේ. මෙහි පැවති රජමාළිගාව ඇතුළු අනෙකුත් ගොඩනැගිලි වරින්වර සතුරු ප්‍රහාරයන්ට ලක්ව වර්ෂ 1818 දී අවසන් වරට විනාෂකරන ලද බව සදහන් වේ. එහි පැවති ශිලාමය නිමාණ භාවිතා කරමින් වර්ෂ 1830 දී පමණ මෙය ඉදිකිරීම් පොහොලියද්දේ හිමි නමක් විසින් ආ⁣රම්භ කර ඇති අතර පසුව දොරටියාවේ අත්ථදස්සි හිමි විසින් මෙය වර්ෂ 1880 දී පමණ පරිපූර්ණත්වයට පත්කර ඇත. මෙම විහාරය ගොඩනගන ලද්දේ පොළොන්නරු අවධියේ පටන් පැවති දෙව්රම් වෙහෙර පැවති ස්ථානයේ බවට මතයක් පවතී.

සංඝාවාසය ශෙෙලමය වාහල්කඩ සිරිපතුල සහිත ගෘහය මෙන්ම පැරණි පුස්කොලපොත් තැන්පත් කර ඇති පොත්ගුල් විහාරය ප්‍රතිමා ගෘහය මෙහි ප්‍රධාන වාස්තු විද්‍යාත්මක අංගයන්ය‍. පොත්ගුල තුළ ත්‍රිපිටකය, පැරැණි සාහිත්‍ය හා ශාස්‌ත්‍රීය ග්‍රන්ථ, සියම් දේශයෙන් ගෙන ආ බෞද්ද පොත්පත් ඇතුත් විශාල පුස්‌ කොළපත් ප්‍රමාණයක් තිබේ. පොත්ගුල් විහාරයෙහි වහලය සෙවිලි කිරීම සදහා තඹපත් හා ගල් ලෑලි උපයෝගි කර ගැනීම විශේෂත්වයකි. ප්‍රතිමා ගෘහයෙහි මහනුවර සම්ප්‍රදාය පිලිඹිබු කරන කැටයම් සිතුවම්, මූර්ති, කලාත්මක වශයෙන් විශිෂ්ට නිර්මාන වන අතර විහාර මන්දිරය මධ්‍යයෙහි සිතුවම් සහිත කුඩා ස්තූප වාස්තු විද්‍යාත්මක නිර්මාණ අතර වැදගත් තැනක් ගෙන ඇත.