සේවක මණ්ඩලය (බ්‍රෝඩ්වේ රංග පීඨය)

විකිපීඩියා වෙතින්

සේවක මණ්ඩලය (බ්‍රෝඩ්වේ රංග පීඨය)

"බෝඩ්වේ" හි සංගීතමය හා වේදිකා නාට්‍ය වල සාර්ථකත්වය ප්‍රසිද්ධ රැඟුම්කරුවන් ප්‍රධාන චරිත නිරූපණය කිරීම මත රඳා පවතී. එමඟින් වැඩි ප්‍රේක්ෂක ජනතාවක් එම නාටක වෙත එක්රොක් කර ගැනිමට හැකි වේ. චිත්‍රපට හා රූපවාහිනි නළුවන් බොහොවිට එම චරිත හෝ ඒවායෙන් ඉවත්වන අයට ආදේශ කිරීමට හෝ යොදාගනී. එනමුත් ‍තවමත් වේදිකා නාටක මුලිකවම හා චිත්‍රපට හා රූපවාහිනි රඟදැක්වීම් දෙවැනිව කරන වේදිකා නලුවන්ද සිටියි.

අතීතයේදී, වේදිකා නලුවන්ට "වෝඩිවිල්" හා "බර්ල්කියු" වැනි සජීවී රඟදැක්වීම් පිළිබඳ සුපිරි ආකල්පය තිබිණි. ඔවුන් ඒවා අශීලාචාර, නුවමනා ලස්සන ඇති හා වාණිජමය ඒවා ලෙස දැකීය. ඔවුන්ගේ කලාව පිළිබඳව ඔවුන් ට අධි තක්සේරුවක් පැවතිණි. මෙම අකාලපය "නියම රඟමඩල" නම් වචනයෙන් පිළිබිඹු වේ. මෙම නිහතමානි ආකල්ප රේඩියෝ, රූපවාහිනි හා චිත්‍රපට රඟදක්වන්නන්ද පිළිගන්නා ලදී. චිත්‍රපට හා රූපවාහිනි නාටක වවලට වැඩිපුර මුදලක් ගෙවන බැවින් මෙම ආකල්පය අද වන විට අඩුවී තිබේ. "legit" (ලෙටය) හා "variety" (විවිධ) ලෙස රඟදැක්වීම් වල බෙදීම අදටත් පවති. කෙසේවුවත් නළුවන්ගේ සංගමයේ ව්‍යුහයේ "Actors Equity" (නළුවන්ගේ න්‍යාය) "නියම රඟමඩලේ" නළුවන් නිරූපණය කරන අතර "විවිධ නළුවන්ගේ ඇමරිකානු ශේණියේ" (American Guild of variety Artists) නිරූපනය කරන්නේ කථා පිටපතක් නොමැතිව කරන රඟ දැක්වීමයි. සංගමයේ අධිකාරිය යටතේ නාටක හා සංගීතමය නාටක නොපැමිණෙන බැවින් "බ්‍රෝඩ්වේ" නළුවන් නිරන්තරයෙන්ම න්‍යාය (Equity) කොන්ත්‍රාතු යටතේ ක්‍රියා කරයි.

"බ්‍රෝඩ්වේ" දර්ශන වලට සම්බන්ධ සෑම කෙනෙකුම වාගේ සංගම් හා අනිකුත් ආරක්ෂක හා වෘත්තීය සංවිධාන නියෝජනය කරයි. නළුවන්, නැට්ටුවන්, ගායකයින් හා වේදිකා කළමනාරුවන් හා සමාජකයන් "ඇමරිකානු න්‍යාය සම්මේලනෙය්නද සංගීතඥ්ඥයන් "ඇමරිකානු සංගීතඥ්ඥයන්ගේ පෙඩරලයෙන්ද" වේදිකා උදව්කරුවන්, ඇඳුම් අන්දවන්නන්, කොණ්ඩ මෝස්තර ශිල්පින්, නිර්මාණ ශිල්පින් හා ආසන පෙන්වන්නන් "වේදිකා සේවකයන්ගේ අනතර්ජාතික මිත්‍රත්වය" ටද අයත් වේ. අධ්‍යක්ෂවරුන් හා නර්තන රචකයන් "වේදිකා අධ්‍යක්ෂක හා නර්තන රචකයන්ගේ සමිතිය" ටද තිර රචකයන් "නාට්‍ය රචක ශ්‍රේණියටද", රඟමඩල කලමණාකරුවන්, ආයතන කලමණාකරුවන් හා මාධ්‍ය එජන්තවරු "කලමණාකරුවන් හා‍ වේදිකා මාධ්‍යය ඒජන්තවරුන්ගේ සම්මේලනය" ටද අයත් වේ. නළු වරණ අධ්‍යක්ෂවරුන් (casting directors) සමිතියක් පිහිටුවාගෙන නොමැත. (ප්‍රධාන කළමණාකරුවන් හා නිෂ්පාදකයන් කළමණාකාරිත්වයට අයත් වේ.)