Jump to content

සෙවන් සමුරායි

විකිපීඩියා වෙතින්
සෙවන් සමුරායි
ජපාන නිකුතු පෝස්ටරය
අධ්‍යක්ෂණයඅකිරා කුරොසවා
නිෂ්පාදනයසොජීරෝ මොටොකි
කථාව ලිවීමඅකිරා කුරොසවා
ෂිනෝබු හෂිමොටෝ
හිඩේයෝ ඕගුනී
රගපෑමතකාෂි ෂිමුරා
තොෂිරො මිෆුනේ
සංගීතයෆුමියෝ හයසකා
සිනමාකරණයඅසකාසු නකයි
සංස්කරණයඅකිරා කුරොසවා
බෙදාහැරීමතෝහෝ (ජපාන)
කොලොම්බියා පික්චර්ස් (එජ)
නිකුත් කල දිනය
  • අප්‍රේල් 26, 1954 (1954-04-26)
ධාවන කාලය
ව්නාඩි 207
රටජපානය
භාෂාවජපාන
අයවැය$500,000

සෙවන් සමුරායි (七人の侍 සිචිනින් නො සමුරායි?) යනු අකිරා කුරොසවා විසින් සම-රචනය, සංස්කරණය, සහ අධ්‍යක්ෂණය සිදුකරන ලද 1954 ජපාන වික්‍රමාන්විත නාටක චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය දිගහැරෙන්නේ ජපානයේ ප්‍රාන්තාන්තර යුධ ගැටුම් පැවැති යුගයෙහිදී වර්ෂ 1587 දීය. අස්වැන්න නෙලීමෙන් පසුව තම බෝග සොරා ගැනුමට නිතිපතා පැමිණෙන දාමරිකයන් කණ්ඩායමක් හා සටන් වැදීමට ස්වාමීන් විරහිත සමුරායි වරුන් (රෝනින්) සත් දෙනෙකු කුලියට ගන්නා ගොවියන්ගේ ගමක් පිළිබඳ කතාවක් එයින් දැක්වෙයි.

සෙවන් සමුරායි යන්න මෙතෙක් ගැනුනු විශිෂ්ටතම හා මහත් ආභාසාත්මක චිත්‍රපට අතුරින් එකක් බවද,[1] දිගු කාල පරිච්ඡේදයක් පුරාවට බටහිර ලෝකයේ ප්‍රචලිතව පවතින ජපන් චිත්‍රපට අතුරින් එකක් බවද සැලකෙයි. ජනප්‍රිය මෙන්ම විවේචනාත්මක පිළිගැනීම් වලට මෙය ලක්විය; සියළු කල් විශිෂ්ටතම චිත්‍රපට දැක්වුනු 1982 වසරේ සයිට් ඇන්ඩ් සවුන්ඩ් විවේචකයන්ගේ ලැයිස්තුවෙහි ඉහළම ස්ථාන තුන වෙත මෙය තේරුණු අතර, 1992 සහ 2002 දී අධ්‍යක්ෂක වරුන්ගේ ඉහළම චිත්‍රපට දහය අතරට තේරුණි.[2]

කතා වස්තුව

[සංස්කරණය]

කොල්ලකෑමේ යෙදුනු දාමරිකයන් රැලක් කඳු පෙදෙසක පිහිටි ගොවි ගම්මානයක් වෙත පිවිසුනු මුත්, මෙම ගම්මානය මෑතදී කොල්ලකෑ බව ඔවුන්ගේ නායකයා හඳුනාගන්නා බැවින්, ඔහු තීරණය කරන්නේ තවද මාස කිහිපයකින් පැමිණෙන අස්වනු නෙලීමෙන් පසු වන තුරු එය කොල්ලකෑමෙන් වැලකීම සුදුසු බවයි. මෙම සංවාදය ගම්වැසියෙකුගේ කණවැකෙයි. ගොවින් එකතුවී ගමේ වෘද්ධයා කරා යන අතර, ඔහු විසින් තීරණය කොට ප්‍රකාශ කරනුයේ, ගම ආරක්ෂා කිරීම සඳහා ඔවුන් විසින් සමුරායි වරුන් කුළියට ගත යුතු බවයි. පිරිනැමිය හැකි වෙනයම් වේතනයක් ඔවුන් වෙත නොමැති හෙයින්, වෘද්ධයා ඔවුන්ට පවසන්නේ "කුසගින්නෙහි සිටින සමුරායි වරුන් සොයන ලෙසයි."

මිනිසුන් කිහිපදෙනෙකු නගරයට ගොස් වෘද්ධයාගේ උපදෙස් ප්‍රකාර ක්‍රියා කල මුත්, ඔවුන් කතාබහ කල සෑම සමුරායි වරයෙක්ම කාර්යය භාරගැනීම ප්‍රතික්ෂේප කරති. සොරකු විසින් ප්‍රාණ ඇපයට ගත් කුඩා පිරිමි දරුවකු, පළපුරුදු සමුරායිවරයෙකු වන කැම්බයි විසින් දක්ෂ ලෙසින් මුදා ගන්නා අයුරු ඔවුහූ දැක බලා ගනිති. කට්සුෂිරෝ නම් තරුණ සමුරායිවරයෙක් මෙයින් චිත්ත ප්‍රමෝදයට පත්ව ඔහුගේ අනුගාමිකයෙක් බවට පත්වීමට අවසර ඉල්ලා සිටියි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ ෆුජිවාරා, ක්‍රිස් (2002-08-29). "කැනන් ෆොඩර් - වට් ඉට් මීන්ස් ටු කෝල් සෙවන් සමුරායි අ ග්‍රේට් ෆිල්ම්". ද බොස්ටන් ෆීනික්ස්.
  2. ^ "ද සයිට් ඇන්ඩ් සවුන්ඩ් ටොප් ටෙන් පෝල් 2002". සම්ප්‍රවේශය 2010-12-28.
"https://si.wikipedia.org/w/index.php?title=සෙවන්_සමුරායි&oldid=241227" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි