සෘජු තෝරාගැනීම

විකිපීඩියා වෙතින්

සෘජු තෝරාගැනීම යනු, දේශපාලන තනතුරුධාරීන් තෝරාගැනීමේ ක්‍රමයක් විස්තර කෙරෙන පදයක් වන අතර, තේරී පත්වීම සඳහා අභිමත පුද්ගලයා, පුද්ගලයන් හෝ, දේශපාලන පක්ෂය සඳහා ඡන්දදායකයන් විසින් මෙහිදී සෘජුව ඡන්දය ප්‍රකාශ කරනු ලැබේ. සෘජු මැතිවරණයකදී ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහකයන් හෝ තෝරාගන්නා ක්‍රමය පදනම් වන්නේ, භාවිතා වන මැතිවරණ ක්‍රමය මතය. වඩාත් බහුල ලෙසින් භාවිතා වන ක්‍රම වන්නේ, බහුත්ව ක්‍රමය සහ, ජනාධිපතිවරණ වැනි තනි ජයග්‍රාහක මැතිවරණ සඳහා වට දෙකෙහි ක්‍රමය සහ, ව්‍යවස්ථාදායක මැතිවරණයක් සඳහා පක්ෂ-ලැයිස්තු සමානුපාතික නියෝජන ක්‍රමය යන්නන් වෙති.

සෘජු ලෙසින් තේරී පත්වන මණ්ඩල සඳහා නිදසුන් වන්නේ, යුරෝපියානු පාර්ලිමේන්තුව (1979 වසරෙහි සිට) සහ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (1788 වසරෙහි සිට).[1]

මෙයට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, වක්‍රාකාර තෝරාගැනීමක් තුලදී, ඡන්දදායකයන් විසින් මණ්ඩලයක් තෝරාගනු ලබන අතර, එය විසින්, ඉන්පසුව, ප්‍රශ්නයට තුඩුදී ඇති තනතුරුධාරියා තෝරා පත් කර ගනියි. මෙයට නිදසුනක් වන්නේ, එජ මැතිවරණ පර්ෂදය වන අතර, ඡන්දදායකයන් විසින් තෝරා පත්කරනු ලබන මෙහි අභිනියෝජිතයන් විසින්, ඉන්පසුව, ඊළඟ ජනාධිපතිවරයා තෝරා පත්කරනු ලබයි.

මෙයද බලන්න[සංස්කරණය]


ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සෘජු_තෝරාගැනීම&oldid=593854" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි