සූර්යා පිළිබඳ විද්‍යාත්මක අවබෝධ කරගැනීම්වල වර්ධනය

විකිපීඩියා වෙතින්

සූර්යා පිළිබඳ ප්‍රථම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලබාදීමේ ගෞරවය ග්‍රීක දාර්ශනික “ඇනක්සගෝරස්”ට හිමි වේ. සූර්යා යනු ගිනිගෙන දැවෙන අතිවිශාල ලෝහ ගෝලයක් බවත් එය හේලීස් දෙවි‍යාගේ දිව්‍යමය රථය නොවන බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය. මෙම මිථ්‍යා දෘෂ්ටික අදහස් ප්‍රචලිත කිරීමේ වරදට ඔහු මරණ දඩුවට නියම කරන ලදී. “පෙරික්ලස්” පසුව කරන ලද සොයාගැනීමේ මගින් ඔහුට නිදහස ලැබුණි. පෘථිවියේ සිට සූර්යාට ඇති දුර නිවැරදිව ගණනය කළ පුද්ගලයා වනුයේ “එරටෙස්තන්ස්”ය. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී කිලෝමීටර මිලියන 149 ලෙස ගණනය කළ එම අගය වර්තමාන ගණනයන් සමග ආසන්න වශයෙන් සමාන‍ වේ.

ග්‍රහලෝක ගමන් කරන වෘත්තාකාර මාර්ගයක කේන්ද්‍රයේ සූර්යා පිහිටි බවට වන මතය පැහැදිලිව ඉදිරිපත් කරනු ලැබුවේ පුරාණ ග්‍රීකයෙකු වූ “අරිස්ට්‍රඩ්‍රස්” සහ ඉන්දියානුවන් විසිනි. (සූර්යා කේන්ද්‍රික වාදය බලන්න) 16 වැනි ශත වර්ෂයේදී “නිකලස් කොපර්නිකස්” විසින් මෙම මතය නැවතත් භාවිතයට ගන්නා ලදී. 17 වන ශත වර්ෂයේ දී දුරේක්ෂය සොයාගැනීමත් සමග ගැලීලියෝ ගැලිලි , තෝමස් හර්රෝට්ට සහ අනෙකුත් තාරකා විද්‍යාඥයින්ට සූර්ය ලප පිළිබඳව විස්තරාත්මක අධ්‍යයනයක යෙදීමට ඉඩ ප්‍රස්ථාව ලැබිණි. ගැලීලියෝ විසින් සූර්ය ලප පිළිබඳව යම් යම් බටහිර විචාර ඉදිරිපත් කිරීම ද සිදුවණි. සූර්ය ලප සූර්යා මතුපිට පවතින යම් දෙයක් මිස සූර්යා හා පෘථිවිය අතරින් ගමන් ගන්නා කුඩා වස්තු විශේෂයක් නොවන බව ඔහු ප්‍රකාශ කර සිටියේය. “හෑන් රාජ යුගයේ සිටම සියවස් ගණනක් පැරණි චීන තාරකා විද්‍යාඥයන්ගේ වාර්තා තුළ ද සූර්ය ලප පිළිබඳ තොරතුරු දැකිය හැක. 1672 දී “ජියෝවාන් කැසිනි” හා “ජේන් රිචර්” අගහරු ග්‍රහලෝකයට ඇති දුර ද ඉන් පසු සූර්යාට ඇති දුර ද නිර්ණය කළේය. සූර්යා ලෝකය ප්‍රිස්මයක් මගින් නිරීක්ෂණය කරන ලද “සර් අයිසැක් නිවුටන්” විසින් එය විවිධ වර්ණයන් ගෙන් සැදුම් ලද්දක් බව පෙන්වා දෙන ලදී. 1800 දී විලියම් හර්ස්චල් විසින් සූර්යා වර්ණාවලියේ රතු වර්ණය ආශ්‍රීතව අධෝරක්ත විකිරණය සොයාගන්නා ලදී. 1800 දී පමණ සුර්යා පිළිබඳ වර්ණාවලීක්ෂ අධ්‍යයනයන් වර්ධනය වන ලදී.

ජෝෂප් වොන් ෆ්රවුන්හොෆර් විසින් සූර්යා වර්ණාවලිය තුළ අව‍ශෝෂණ රේඛා සොයාගන්නා ලදී. මේවායින් බොහෝ ප්‍රබල රේඛා ෆ්රවුන්හොෆර් රේඛා ලෙස අදත් හඳුන්වනු ලැබේ. වර්ණාවලිය ක්‍රමයෙන් විශාලනය කරගෙන යෑමේදී නැතිවී ගිය වර්ණයන් බොහොමයක් දැකිය හැකිය.

නූතන විද්‍යාත්මක කාලයේ මුල් අවධිය තුළ සූර්යා බල ශක්ති ප්‍රභවය ඉතා විශාල ප්‍රහේලිකාවක්ව පැවතියේය. සූර්යා යනු නිරන්තරයෙන් සිසිලනය වන ද්‍රව්‍යමය ගෝලයක් බවත් එහි අභ්‍යන්තර තාප ශක්තිය පිටතට විකිරණය කරනු ලබන බවත් ලෝඩ් කෙල්වින් ප්‍රකාශ කර සිටියේය. කෙල්වින් සහ හර්මන් වොන් හෙල්මෝල්ට්ස් එකතුව සූර්යාගේ ශක්ති පිටවීම පිළිබඳව පැහැදිලි කිරීමට “කෙල්වින් - හෙල්මොල්ට්ස් යාන්ත්‍රණය” ගොඩනංවන ලදී. අවාසනාවකට ඔවුන්ගේ ගණනයන්ට අනුව සූර්යාගේ වයස වසර මිලියන 20 පමණ වුවද භූ ගර්භ විද්‍යාව අනුව එය වසර බිලියන කිහිපයක් වයස බව සනාථ වී තිබිණි. 1890 දී ජෝසප් ලොක්යර් විසින් සූර්ය වර්ණාවලිය තුළ හීලියම් වායුව සොයාගන්නා ලද අතර ඔහු විසින් සූර්ය පරිණාමය පිළිබඳ උල්කාෂ්මික උපන්‍යාසයක් ගොඩනංවන ලදී.

1904 වන තෙක්ම මෙම ගැටළුව සහ සාධාරණ විසඳුමක් නොලැබුනේය. සූර්යාගෙන් බාහිරයට ශක්තිය ලැබීම සූර්යා තුළ වන කිසියම් තාප ප්‍රභවයක් මගින් සිදු වන බව අර්නස්‍‍ට් රදර්ෆඩ් ගේ මතතය විය. විකිරණශීලී පෘතඃකරණය මෙම‍ ප්‍රභවය බව ඔහුගේ අදහසයි. ඇල්බට් අයින්ස්ටයින් විසින් ඔහුගේ ස්කන්ධ - ශක්ති සමීකරණය වන E = mc2 මගින් මෙම ගැටළුව වැදගත් හෝඩුවාවක් ගෙන දුන්නේය.

1920 දී සූර්යා තුළ පවතින අධික උෂ්ණත්වය සහ පීඩනය , නිසා එය තුළ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක් සිදුවීමේ හැකියාවක් පවතින බව සර් “ආතර් එඩිංග්ටන්” විසින් කියා සිටියේය. හයිඩ්‍රජන් පරමාණු හීලියම් පරමාණු බවට පත්වන මෙම ක්‍රියාවලියේ දී සිදුවන සමස්ත ස්කන්ධ හානිය මගින් සූර්යා තුළ ශක්තිය ජනනය වන බව ඔහුගේ මතය විය. 1925 දී “සෙ‍සිලියා පයෑන්” විසින් සූර්යා තුළ හයිඩ්‍රජන්හි බලපෑම සනාථ කරන ලදී. 1930 දී න්‍යෂ්ටික විලයනය පිළිබඳ න්‍යායාත්මක සංකල්ප වැඩි දියුණු වීම. තාරකා භෞතික විද්‍යාඥයින් වූ “සුබ්‍රමනියම් චන්ද්‍රසේකර” සහ “හේන්ස්බේතා” අතින් සිදුවිය.

හේන්ස් බේතා විසින් සූර්යා ශක්තිය සපයන ප්‍රධාන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා දෙකක් ගණනය කරන ලදී.

“තාරකාවන් තුළ මූලද්‍රව්‍යවල සංස්ලේෂණය” නමින් නම් කරන ලද ප්‍රභවාත්මක වාර්තාවක් මාග්‍රට් බර්බිජ් විසින් ප්‍රසිද්ධ කරන ලදී. මෙම වාර්තාව හරහා විශ්වයේ දැනට පවතින බොහෝ මූලද්‍රව්‍ය අපගේ සූර්යා වැනි තරුවලදී සිදුවන සංස්ලේෂණ ක්‍රියාදාමවල ප්‍රතිඵලයක් නිසා බිහිවන බව ඇය ප්‍රකාශ කර සිටියේය. මෙම ප්‍රකාශනය අදවන විටත් ක්ෂේත්‍රය ලැබූ ප්‍රබල ජයග්‍රහනයක් සේ සැලකේ.

http://en.wikipedia.org/wiki/Sun#Development_of_scientific_understanding