සූර්යාගේ මන්දාකිණිය තුළ පිහිටීම

විකිපීඩියා වෙතින්

හිරු ක්ෂීරපථ මන්දාකිණියේ ඔරියන් බාහුවේ අභ්‍යන්තර නිම්වළල්ලේ “ලෝකන් ෆ්ලෆ්” (Local Fluff) හෝ ගවුල්ඩ් බෙල්ට් (Gould Belt) නමින් හඳුන්වන ස්ථාන ආසන්නයේ පිහිටා ඇති අතර එහි සිට මන්දාකිණියේ මධ්‍යයට කල්පිත දුර 7.62+-0.32 kpc වේ. මෙම ඔරියන් බාහුව හා පර්සියස් බාහුව (Perseus Arm) නමින් හැඳින්වෙන ඊළඟ බාහුව අතර දුර ආලෝක වර්ෂ 6500 ක් පමණ වේ. හිරු හා සෞරග්‍රහ මණ්ඩලය පිහිටා තිබෙන්නේ විද්‍යාඥයින් විසින් චක්‍රාවාටයේ වාසයට සුදුසු යයි නම් කරන ලද ස්ථානයේය. (Galactic habitable)


හිරුගේ ගමන් මගෙහි කූටය (solar Apex) යනුවෙන් හඳුන්වනු ලබන්නේ චක්‍රාවාටය තුළ හිරු ගමන් කරන දිශාවය. චක්‍රාවාටය තුළ සූර්යයාගේ සාමාන්‍ය ගමන් දිශාව හර්කියුලිස් තාරකා රාශිය අසල පිහිටි වේගා තරුව දෙසට වන අතර ඒ එහි සිට ක්ෂීර පථයේ මධ්‍යයට දළ වශයෙන් අංශක 60 ක ආතතියක් සහිතවය. මන්දාකිණිය වටා හිරුගේ කක්ෂය ආසන්න වශයෙන් ඉලිප්සීය හැඩය ගන්නා අතර එය මන්දාකිණියේ spiral arms හා ඒකාකාර නොවන ස්කන්ධ, ව්‍යාප්තිය නිසා සිදුවන කැළඹීම් ද සහිත වේ. ඊට අමතරව මන්දාකිණියේ තලයට සාපේක්ෂව, ඉහළ හා පහළට කම්පනය වන අතර එය පරිභ්‍රමණ වාරයකට වාර 2.7 ක් පමණ වේ. මෙය ප්‍රතිරෝධී බලයක් නොමැතිව සිදුවන සරල අනුවර්තී දෝලනයකට‍ බොහෝ සෙයින් සමානය. සාපේක්ෂව මන්දාකිණි තලයේ ඇති අධික තාරකා ඝනත්වය නිසා මෙම දෝලන බොහෝ විට පෘථිවියේ ජන නිරෝධන (mass extinction) කාල පරිච්ජේදවලට සමගතවන අතර ඒ එවිට පෘථිවිය සමග සිදුවන ග්‍රාහක සංඝට්ටන ප්‍රමාණය වැඩි නිසා‍ බව අනුමාන කෙරේ.

සෞර ග්‍රහමණ්ඩලයට චක්‍රාවාටය වටා එක් වටයක් යාමට (චාක්‍රාවාට වසරක්) වසර මිලියන 225-250 පමණ ගතවන අතර දැනට එය සූර්යාගේ සම්භවයේ සිට 20 – 25 පමණ පරිභ්‍රමණ සම්පූර්ණ කර ඇති අතර මිනිසාගේ සම්භවයේ සිට වටයකින් 1/1250 පමණ සම්පූර්ණ කර ඇතැයි සැලකේ. මන්දාකිණියේ මධ්‍යය වටා සෞරග්‍රහ මණ්ඩලයේ කෝණික ප්‍රවේගය ආසන්න වශයෙන් 220 km/s වේ. සෞරග්‍රහ මණ්ඩ‍ලයට එක් ආලෝක වර්ෂයක් චලනය වීමට වසර 1400 ක් පමණ හෝ 1 AU චලනය වීමට දින 8 ක් පමණ ගත වේ.

http://en.wikipedia.org/wiki/Sun#Location_within_the_galaxy