සූර්යයා - රසායනික සංයුතිය
සූර්යයා සෑදී ඇත්තේ රසායනික මුල ද්‍රව්‍ය වලිනි. ඒවා කොතරම් සුලබ ද, ග්‍රහලෝකවල ඇති මුල ද්‍රව්‍ය වලට ඒවායේ ඇති සබදතාවය සහ සුර්යයාගේ අභ්‍යන්තරය තුල ඒවායේ විසරණය කෙබදුද යන්න සොයා බැලීමට නොයෙකුත් විද්‍යාඥයින් විසින් මෙම මුලද්‍රව්‍යය විශ්ලේෂණය කරනලදි.
මුල ද්‍රව්‍ය වල සුලබතාවය
බාකල් (Bahcal) විසින් 1990 දී සොයාගෙන ඇති පරිදි සුර්ය අභ්‍යන්තරයෙහි ඇති විශේෂ මුල ද්‍රව්‍ය සමහරකගේ ස්කන්ධ ප්‍රතිශතයන් මෙසේය. හයිඩ්‍රජන් - 34% හීලියම් - 64% ඔක්සිජන් - 1%
ලිතියම්, බෙරලියම්, සහ බෝරොන්.
පෙර සිතුවාට වඩා ලිතියම්, බෙරලියම්. සහ බෝරොන් යන මුලද්‍රව්‍ය සුබල බව 1968 දී බෙල්ජියානු විද්‍යාඥයෙකු විසින් සොයා ගන්නා ලදි.
නියෝන්
2005 වර්ෂයේ දී විද්‍යාඥයින් කිදෙන් විසින් කියා සිටියේ සූර්යයා තුල නියෝන් වල සුලබතාවය පෙර සිතා සිටියාට වඩා වැඩි බවය.
හීලියම්
1986 වන තුරුම පිලිගෙන තිබුනේ සුර්යයාගේ හීලීයම් සංයුතිය Y = 0.25 බවය. නමුත් 1986 දී විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් එම සංයුතිය Y = 0.279 ක් බවට නිවැරදි කරන ලදි.
තනිව අයනීකරණය වූ යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය.
1970 දී යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය සුර්යයා තුල කොතරම් සුලබද යන්න පිලිබද පර්යේෂණ දියත් කරන ලදි.
තනිව අයනීකරණය වූ යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය වල සම්පූර්ණ Gf අගයන් මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ කොරෝලිස්, බොස්මාන් සහ වෝනර් විසිනි. ස්මිත් නැමැත්තා විසින් වැඩි දියුණු කරන ලද F අගයන් පරිගණක ගත කරන ලදි. තනිව අයනීකරණය වූ යකඩ කාණ්ඩයේ මුල ද්‍රව්‍ය වල සුලබතාවය 1978 වසරේ දී බෙයිමොන්ට් විසින් සොයාගන්නා ලදි. ඇතැම් යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය වල එනම් කොබෝල්ට් සහ මැනක්ගනීස් වැනි මුලද්‍රව්‍ය වල සුලබතාව තිරණය කිරිමට අපහසු වී ඇත්තේ එම මුලද්‍රව්‍ය සතුව පවතින ඉතාමත් සියුම් ව්‍යුහයන් නිසාය.
සූර්යයා සහ ග්‍රහලෝකවල භාගික ස්කන්ධ සබදතාව.
සූර්යයාගේ සහ ග්‍රහලෝක වල නිෂ්ක්‍රීය වායුන්ගේ සමස්ථානික සංයුති අතර භාගික ස්කන්ධ අතර සබදතාවයක් ඇති බව බොහෝ ලේඛකයින්ගේ අවධානයට ලක් වූ කරැණකි. උදාහරණ ලෙස සුර්යයාගේ සහ ග්‍රහලෝකවල (Ne) සහ සෙනොන් (Xe) යන මුලද්‍රව්‍ය වල සමස්ථානික සංයුතිය පිළිබද සබදතාවය ඔවුන් විසින් පෙන්වා දෙන ලදි. කෙසේ නමුත් 1983 වන තුරුම විශ්වාස කළේ සෞරග්‍රහ වායුගෝලීය සංයුතිය හා සූර්යයාගේ සංයුතිය සමාන බවය.
1983 වසරේ දී විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් අනාවරණය කලේ ග්‍රහලෝක සහ සූර්ය ඇති නිෂ්ක්‍රීය වායු වන සමස්තානිකයන්ගේ සංයුතිය අතර භාගික වල සමස්ථානි සබදතාවට හේතුව සූර්යයාගේ භාගීකරණය බවය.
මුලද්‍රව්‍ය විසරණය.
සූර්යයා සෑදී ඇත්තේ රසායනික මුලද්‍රව්‍ය වලිනි. සුර්යයා තුල මෙම මුලද්‍රව්‍ය විසරණය වී ඇති ආකාරය එනම් සූර්ය අභ්‍යන්තරය තුළ ඒවායේ පැතිරීම පිළිබද විශේෂ විද්‍යාත්මක අවධානයක් යොමු විය. සුර්ය මුලද්‍රව්‍ය වල විසරණය තීරණය කරන සාධක කිහිපයක් ඇත. ගුරැත්වාකර්ෂණය ඉන් එකකි. ගුරුත්වාකර්ෂණය නිසා බරින් වැඩි මුලද්‍රව්‍ය (උදාහරණ ලෙස වෙනත් බරින් වැඩි ලෝහ නොමැති අවස්ථාවලදී හීලියම් ) සූර්ය ස්කන්ධයේ මධ්‍යයට ඇලී පවතින අතර හයිඩ්‍රජන් වැනි බරින් අඩු මුලද්‍රව්‍ය සූර්යාගේ බාහිර පෘෂ්ඨයෙ දෙසට පැතිරි පවතී.
හීලියම් විසරණය
සූර්ය අභ්‍යන්තරය තුල හීලියම් වල විසරණය විද්‍යාඥයින් ගේ විශේෂ අවධානයට පාත්‍ර වන්නකි. කාලයත් සම්‍රග හීලියම් වල විසරණ ක්‍රියාවලිය වේගවත් වන බව සොයාගෙන ඇත.
ප්‍රකාශ ගෝලයේ (Photosphere) සංයුතිය.
ප්‍රකාශ ගෝලයේ සංයුතිය, එනම් සූර්යාගේ මතුපිට ස්ථරවල සංයුතිය, ආදි සෞරග්‍රහ මණ්ඩලයේ රසායනිත සංයුතියට සමානතාවක් දක්වන බව 1968 දී සොයා ගන්නා ලදි. නමුත් ඩියුටීරිය, ලිතියම්, බොරෝන් සහ බෙරිලියම් යන මුලද්‍රව්‍ය වල සංයුතියන් මීට වඩා වෙනස් වේ.