සූත්‍රය (ගණිතය)

විකිපීඩියා වෙතින්

Formula එකක් හෙවත් සූත්‍රයක් යනු ප්‍රතිඵලය ලෙස අගයක් හෝ පෙළක් ලැබෙන යම්කිසි සමීකරණයකි. දත්ත ගොනු සඳහා වන මෘදුකංග මෙන්ම පැතුරුම්පත් වලට අයත් මෘදුකාංගවල ද මෙසේ යම්කිසි සූත්‍රයක් ඇතුළු කර අගයක් සොයා ගැනීමට අවසර ලබා දේ.

උදාහරණයක් ලෙස X+2 යනු X හි අගයට 2ක් එකතු කිරීමෙන් අවශ්‍ය අගය ලබා ගැනීම සඳහා වන සූත්‍රයයි.

පැතුරුම්පත් සඳහා සූත්‍ර ලිවීමේදී එක්කෝ කලින් අර්ථ දක්වන ලද විචල්‍යයක් හෝ නමක් පාවිච්චි කළ හැකි නමුදු සාමාන්‍යයෙන් සිදු වන්නේ එහි යම්කිසි කොටුවක් (Cell එකක්) හෝ කිහිපයක් සම්බන්ධ කර සූත්‍රය තැනීමයි.

උදාහරණයක් ලෙස A1 නම් කොටුවේ 8 ද A2 නම් කොටුවේ 6 ද A3 නම් කොටුවේ 10 ද ඇතැයි සිතමු. A1 හි අගය හා A2 හි අගය එකතු කර එම පිළිතුර A3 වල අගයෙන් ගුණ කර ලැබෙන උත්තරය A4 නම් කොටුවේ දැක්විය යුතු යැයි ද සිතමු.

MS Excel නම් මෘදුකාංගයේ දී A4 නම් කොටුවේ = (A1 + A2) * A3 යන සමීකරණය ඇතුළු කළ යුතු අතර Lotus 123 නම් මෘදුකාංගයේ දී එම සූත්‍රය @ (A1 + A2 ) * A3 යන්න විය යුතුය

"https://si.wikipedia.org/w/index.php?title=සූත්‍රය_(ගණිතය)&oldid=551911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි