සුවිසල් පැතුම්

විකිපීඩියා වෙතින්


පළමු සංස්කරණයේ 1 වන වෙළුමේ මාතෘකාව පිටුව, 1861 වර්ෂයේ ඡූලි

"සුවිසල් පැතුම් " ( ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස් ) යනු චාල්ස් ඩිකන්ස් විසින් රචිත දහතුන් වන නවකතාව වන අතර එය ඔහු විසින් නිමකරන ලද අවසාන නවකතාව යි. අනුවර්ත නාමයෙන් "පිප්" ලෙස හඳුන්වන අනාථ දරුවාගේ අධ්‍යාපනය පිළිබඳ ව මෙයින් නිරූපණය කෙරේ. මෙය ඩේවිඩ් කොපෆීල්ඩ් නවකතාවෙන් පසුව ඩිකන්ස් විසින් උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් රචිත දෙවන නවකතාවයි. මෙම නවකතාව ප්‍රථම වරට ඩිකන්ස්ගේ සතිපතා සඟරාව වන සර්ව වාර්ෂික වටයේ 1860 වර්ෂයේ දෙසැම්බර් 1 සිට 1861 අගෝස්තු මස දක්වා පළ විය. 1861 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී චැප්මන් සහ හොල් විසින් නවකතාව වෙළුම් තුනකින් ප්‍රකාශයට පත් කළහ.

මෙම නවකතාව 19 වන සියවසේ මුල් භාගයේ සිට මැද භාගයේ කෙන්ට් සහ ලන්ඩන් යන නගර ද ඩිකන්ස්ගේ වඩාත් සුප්‍රකට දර්ශනයන් ද උපයෝගී කරගනිමින් මෙම නවකතාව නිර්මාණය කර ඇත. මෙය සොහොන් භූමියක දර්ශනයකින් ආරම්භ වන අතර එහි දී ඇබෙල් මැග්විට්ච් කුඩා පිප් ව අමතයි. "සුවිසල් පැතුම් " ( ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස් ) නවකතාව දුප්පත්කම, සිරගෙවල්, නැව් හා දම්වැල් , මරණය වෙනුවෙන් සටන් කිරීම වැනි ඉතාමත් ප්‍රබල සංකල්ප රූපවලින් සමන්විත වේ. එමෙන් ම මෙහි ඉතාමත් අනර්ග චරිත සංකලනයක් දක්නට ලැබේ. ගුප්ත හැසිරීමවලින් යුක්ත වූ මිස් හැවිෂෑම්, රූමති එහෙත් අනුකම්පා විරහිත එස්ටෙලා, අවංක හා කරුණාවන්ත කම්මල්කරුවකුවන ඡෝ මේ සඳහා කදිම උදාහරණ වේ. ඩිකන්ස්ගේ තේමාවන් අතර ධනවත්භාවය හා දුප්පත්කම, ආදරය හා ප්‍රතික්ෂේප කිරීම හා අවසානයේ දී නපුරට එරෙහිව යහපත ඡය ගැනීම ඇතුළත් වේ. පාඨකයන් හා සාහිත්‍ය විචාරකයන් අතර ඡනප්‍රිය වූ "සුවිසල් පැතුම් " ( ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස් ) නවකතාව බොහෝ භාෂාවන්ට පරිවර්තනය කර ඇති අතර නොයෙකුත් අවස්ථාවන් හීදී විවිධ මාධ්‍යයන්ට අනුගත වී ඇත. නවකතාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එය විශ්වීය පිළිගැනීමට පත් විය. එහෙත් ඩිකන්ස්ගේ සමකාලීනයකු වූ තෝමස් කාලයිල් එයට නිගා දෙන ලෙස " නොන්සන්ස් පිප්" (විකාර පිප්) ලෙස හැඳින්වුවද. ඔහු සෑම අලුත් කොටසකින්ම සිනහවකින් ප්‍රතිචාර දැක්වීය. පසුව ඡෝඡ් බර්නාඩ් ෂෝ මෙම නවකතාවට ප්‍රශංසා කරනු ලැබුවේ "සෑම කොටසකින්ම නිත්‍යවශයෙන් ම සත්‍යවාදී ය" ලෙස යි. කාණ්ඩ වශයෙන් වූ පුකාශනයන් හී දී, "සුවිසල් පැතුම් " ( ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස් ) හා එහි විකිණුම කෙරෙහි මහඡනයාගේ ප්‍රතිචාරය පිළිබඳ ව ඩිකන්ස් ඉමහත් ප්‍රීතියට පත් විය. කතාවස්තුව මුලින් ම ඔහුගේ මනසේ ඇති වූ විට , ඔහු එය හැඳින්වූයේ " නැවුම් ඉතා අනර්ඝ හා විකෘති රූපී අදහසක් ලෙස යි. " 21 වන සියවසේ දී නවකතාව සාහිත්‍ය විචාරකයින් අතර හොඳ ඇගයීමක් ලැබූ අතර 2003 වසරේ දී එය බී.බී.සී හීද " ද බිග් රීඩ්" විමසුමෙහි 17 වන ස්ථානයට පත් විය.

කතා සාරාංශය[සංස්කරණය]

1812 දී පමණ නත්තල් දවසේ දී , වයස අවුරුදු හතක් පමණ වයසැති අනාථ දරුවකු වූ පිප්, තම දෙමව්පියන්ගේ සහ සහෝදර සහෝදරියන්යේ සොහොන් කොත් බැලීමට පැමිණි මොහොතේ දී නොසිතූ ලෙස සිරෙන් පැන ආ පුද්ගලයකු මුණගැසෙයි. අනාථ පිප් ව රැකබලා ගනු ලබන, ඉක්මනින් කෝපයට පත් වන ඔහුගේ සහෝදරිය හා කම්කල්කරුවකු වන ඇගේ ආදරණීය සැමියා ඡෝ ගාඡෙරිගෙන් කෑම හා ආයුධ කිහිපයක් සොරකම් කරන ලෙසට සිරකරුවා පිප්ට පවසයි. දඩුවම් ලැබෙනු ඇතැයි බියක් පැවතිය ද නත්තල් දිනයේ අළුයම පිප් පීරක් හා බ්‍රැන්ඩි රැගෙන ආපසු පැමිණියේ ය. එදින සවස නත්තල් රාත්‍රී භෝඡන සංග්‍රහය අතරතුර , පිප්ගේ සොරකම් හසුවීමට මොහොතකට මත්තෙන් , සොල්දාදුවන් පැමිණ ඡෝ ගෙන් ඉල්ලා සිටියේ විලංගු කිහිපයක් සකස්කර දෙන ලෙසයි. පැන ගිය තවත් වැරදිකරුවකු සමඟ සටන් කරන සිරකරුවෙකු නැවත අල්ලා ගැනීමේ දී ඡෝ සහ පිප් ඔවුන් සමඟ යති. පළමු වැරදිකරුවා පාපොච්චාරණය කරනුයේ කම්මල්කරුවාගෙන් ආහාර සොරකම් කළ බවට ය. එමඟින් පිප් නිර්දෝශී විය.

සැටිස් හවුස්හී දී පිප්ට ඡෝ පිළිබඳ ව ලැඡ්ඡාවක් ඇති විය.[සංස්කරණය]

සැටිස් නිවසේ දී පිප් ඡෝ පිළිබද ලැඡ්ඡාවට පත් වේ

වසර කිහිපයක් ගතවිය. අබලන් වූ සැටිස් මන්දිරයේ ඇගේ පැරණි මංගල ඇඳුමින් සැරසී සිටින ධනවත්, හුදෙකලා අවිවාහක ස්ත්‍රිය, හැවිෂෑම් මෙනවිය යි. ඇය ගාගරිස්ගේ නෑදෑයකු වන පම්බල්චුක් මහතාගෙන් ඉල්ලා සිටින්නේ තමා බැලීමට පිරිමි දරුවකු සොයා දෙන ලෙසට ය. පිප් හැවිෂෑම් මෙනවිය හමුවන අතර ඇය දරුකමට හදාවඩාගත් දියණිය වන එස්ටෙලා පිළිබඳ ව ආදරයක් ඇතිකර ගනී. එස්ටෙලා හැවිෂෑම් මෙනවිය දිරිමත් කරන පරිදී, පිප් පිළිබඳ ව කිසිඳු හැඟීමකින් තොර ව කටයුතු කරයි. වෙළඳාමක් ඉගෙනගැනීමට තරම් වයස වන තෙක් පිප් නිතිපතා හැවිෂෑම් මෙනවිය හමුවෙයි. ආගන්තුක කම්මල්කරුවකු ලෙස බැඳීමට පිප් සඳහා මුදල් ලබාදෙන අවස්ථාවේ දී ඡෝ අවසන් වරට පිප් සමඟ හැවිෂෑම් නිවසට පැමිණේ. ඡෝගේ කීකරු සහායක ඩොල්ඡ් ඔර්ලික් පිප්ට ඊර්ෂ්‍යා කරන අතර ඡෝ මහත්මියට ද ඔහු අකැමතිය. පිප් සහ ඡෝ නිවසින් බැහැරව සිටින විට ඔර්ලික්, ඡෝ මහත්මියට අමානුශික ලෙස පහරදෙන අතර ඇයට කතා කිරීමට හෝ ඇගේ වැඩ කටයුතු කිරීමට නොහැකි තත්වයට පත් විය. ඕර්ලික් එම ප්‍රහාරය සිදුකළ පුද්ගලයා යැයි සැක කෙරේ. ඡෝ මහත්මිය ප්‍රහාරයෙන් පසු කරුණාවන්ත විය. නමුත් ඇයගේ මොළයට හානි සිදුවිය. පිප්ගේ හිටපු පාසල් මිතුරියක් වන බිඩී ඇය රැකබලා ගැනීම සඳහා නිවැසියන් සමඟ එක් වේ.

එස්ටෙලා සහ පිප් සමඟ හැවිෂෑම් මෙනවිය.[සංස්කරණය]

පිප්ගේ ආධුනිකත්වය වසර හතරක් ගෙවී ගිය පසු , නීතීඥයකු වන ඡැගර්ස් පිප්ට නිර්නාමික අනුග්‍රාහකයකුගෙන් මුදල් ලැබී ඇති බවත් , ඔහුට මහත්වරයකු වීමට ඉඩ ලබා දෙන බවත් දැනුම් දෙයි. පිප් ලන්ඩන් බලා පිටත්වීමට නියමිත ව ඇත. නමුත් හැවිෂෑම් මෙනවිය ඔහුගේ ප්‍රතිලාභියා යැයි උපකල්පනය කරමින් ඔහු මුලින් ම ඇය බැලීමට පැමිණියේ ය.

මිස් හැවිෂෑම් එස්ටෙලා සහ පිප් සමඟ

පිප් ලන්ඩනයේ බනාඩ්ස් තානායමේ මැතිව් පොකට් නම් තම උපදේශකවරයායේ පුතු වන හර්බට් පොකට් සමඟ ඡීවත් විය. මැතිව් පොකට් යනු හැවිෂෑම් මෙනවියගේ ඥාති සහෝදරයෙකි. හර්බට් සහ පිප් මීට පෙර සැටිස් නිවසේ දී මුණගැසී ඇති අතර එහි දී එස්ටෙලාගේ ක්‍රීඩකයෙකු ලෙස හර්බට් ප්‍රතික්ෂේප විය. හැවිෂෑම් මෙනවිය ඇගේ පෙම්වතා විසින් වංචා කර හැරගිය ආකාරය හර්බට් පිප්ට පවසයි. පිප්හට සෙසු ශිෂ්‍යයන් වන, දරුණු ගති පැවතුම් ඇති වංශවත් පවුලක පුද්ගලයෙකු වන බෙන්ට්ලි ඩ්‍රමෙල් සහ ස්ටෝටොප් හමුවෙයි. ඡැගර්ස් විසින් පිප්ට අවශ්‍ය මුදල් ලබා දෙයි.

ඡෝ බර්නාඩ්ස් තානායමේ දී පිප් හමුවීමට ගිය විට පිප් ඔහු පිළිබඳව ලැඡ්ඡ විය. එස්ටෙලා සංචාරයක් සඳහා සැටිස් හවුස් වෙත පැමිණෙන බවට ඡෝ හැවිෂෑම් මෙනවියගේ පණිවිඩය පිප්ට පවසයි. එස්ටෙලා මුණගැසීමට පිප් නැවත එහි පැමිණෙන අතර හැවිෂෑම් මෙනවිය විසින් ඔහුව තව තවත් ධෙර්යමත් කරනු ලබයි. කෙසේ හෝ ඔහු ඡෝ හමුවීමෙන් වැළකී සිටී. ඔර්ලික් දැන් හැවිෂෑම් මෙනවිය වෙනුවෙන් සේවයේ යෙදී සිටිනු දැක ඔහු නොසන්සුන් විය. ඔර්ලික් නෙරපා හැරීමට පොරොන්දු වන ඡැගර්ස් වෙත ඔහු තම සැක සංකා ගැන සඳහන් කරයි. ආපසු ලන්ඩනයට පැමිණි පිප් සහ හර්බට් ඔවුන්ගේ ආදර රහස් හුවමාරු කරගනිති. පිප් එස්ටෙලාට ආදරය කරන අතර හර්බට් ක්ලාරා සමඟ විවාහ ගිවිසගෙන සිටී. සමාඡයට හඳුන්වා දීම සඳහා එස්ටෙලා රිච්මන්ඩ් වෙත යවන විට පිප් හමුවෙයි. පිප් සහ හර්බට් ණයින් බර වෙති. ඡෝ මහත්මිය මිය යන අතර පිප් අවමංගල්‍ය කටයුතු සඳහා සිය ගමට පැමිණේ. පිප්ගේ වයස අවුරුදු විසි එක වන විට වාර්ෂිකව ඩොපර් 500 ක් ලෙස නියම කෙරුණි. ඡැගර්ස්ගේ ලිපිකරු වන වෙමික්ගේ සහාය ඇතිව හර්බට්ගේ අනාගත අපේක්ෂාවන් ඉදිරියට ගෙන යාමට පිප් සැලසුම් කරන්නේ නිර්ණාමිකව ක්ලැරිකර්ගේ නැව් තැරැව්කරු සමඟ එක්ව ඔහුට තනතුරක් ලබා දෙමිනි. පිප් එස්ටෙලා සැටිස් හවුස් වෙත ගෙන යයි. ඇය සහ මිස් හැවිෂම් එස්ටෙලාගේ සිත්පිත් නැතිභාවය පිළිබඳ ව ලන්ඩනයේ දී , බෙන්ට්ලි ඩ්‍රමෙල් තමන් එස්ටෙලා සමඟ විවාස වන බවට පිප්ට තරවටු කරයි. පසුව, රිච්මන්ඩ් හි මුණගැසීමේ සාදයකදී , එස්ටෙලා බෙන්ට්ලි ඩ්‍රමෙල්ව මුණගැසුණුබව පිප් දුටු අතර ඔහු ගැන ඇයට අනතුරු අඟවයි. ඇය පිළිතුරු දෙන්නේ ඇයව හසුකර ගැනීම පිළිබව ඇයට කිසිඳු චකිතයක් නොමැති බවයි.

වයස අවුරුදු 23 සම්පූර්ණ වී සතියකට පසු , පිප් දැනගන්නේ පල්ලියේ සොහොනේ දී තමාට හමු වූ වැරදිකරුවන ඇබෙල් මැග්විට්ච් තම නිර්ණාමික අනුග්‍රාහකයා බවත්, ඔහුව හමුදාට විසින් අල්ලා ගැනීමෙන් පසුව නිව් සවුත් වේල්ස්වලට පිටත්කර යවා ඇති බවයි. ඔහු එහි නිදහස ලබා ගැනීමෙන් පසුව ධනවත් වී ඇති නමුත් මරණයේ වේදනාවන් හේතුවෙත් ඔහුට ආපසු එංගලන්තයට යා නොහැකි වී ඇත. කෙසේ වෙතත් ඔහු තම සාර්ථකත්වට හේතුව වූ පිප්ව හමුවීමට නැවත පැමිටණ්. පිප් මවිතයට පත්වන අතර ඔහුගෙන් මුදල් ලබා ගැනීම නතර කරයි. පසුව, පිප් සහ හර්බට් පොකට් විසින් මැග්විට්ච්ට එංගලන්තයෙන් පැන යාමට සැලසුමක් සකස්කරයි. මැග්විට්ච් තම අතීත කතාව පිප් සමඟ බෙදා ගන්නා අතර , පල්ලියේ සොහොනේ දී ඔහු සටන් කළ පලා ගිය වැරදිකරු හැවිෂෑම් මෙනවිය අතහැර දමා ගිය වංචනිකයා වූ කොම්පීසන් බව හෙළි කරයි. එස්ටෙලා බැලීමට පිප් නැවත සැටිස් නිවස වෙත පැමිණ ඇති අතර දැන් ඔර්ලික් ඔහුගේ සේවකයා බවට පත් වි ඇත. පිප් තම අනුග්‍රාහකයා පිළිබඳ ව වැරදි අදහසක් ඉස්මතු කිරීම සම්බන්ධයෙන් ඔහු හැවිෂෑම් මෙනවියට චෝදනා කරයි. ඇය එසේ කළ බව පිළිගත් නමුත් ඇගේ සැලසුම වූයේ තම ඥාතීන්ට කරදර කිරිම බව පවසයි. පිප් එස්ටෙලාට තම ආදරය ප්‍රකාශ කරයි. එනමුත් ඇය ඩ්‍රම්ල් සමඟ විවාහ වීමට අදහස් කරන බව කිසිඳු හැඟීමකින් තොරව ඔහුට පවසයි. සිත් තැවුලට පත් පිප් නැවත ලන්ඩනයට ඇවිද යන අතර එහිදී කොම්පීසන් තමා සොයන බවට වෙමික් ඔහුට අනතුරු හඟවයි. පිප් සහ හර්බට් මැග්විට්ච්ගේ පළා යාමට කටයුතු සකස් කරමින් සිටිති. ඡැගර්ස්ගේ නිවසේ දී රාත්‍රී ආහාරය ලබා ගන්නා විට, ඡැගර්ස් තම සේවිකාව වන මොලී ව සොයාගත් ආකාරය වෙමික් විසින් පිප්ට පවසන ලදී. ඇය මිනීමැරුම් චෝදනාවට ලක්ව තිබිය දී ඡැගර්ස් විසිව් ඇයව බේරාගෙන ඇත. පසුව , පසුතැවිල්ලෙන් යුතුව හැවිෂෑම් මෙනවිය පිප්ට පවසන්නේ එස්ටෙලා කුඩා අවදියේ ඡැගර්ස් විසින් තමා‍ට ගෙනවිත් දුන්බවත් එස්ටෙලාව හිත්පිත් නැති පුද්ගලයකු බවට පත්කළ බවත් ය. එස්ටෙලාගේ දෙමව්පියන් පිළිබඳව ඇය කිසිවක් නොදනී. එස්ටෙලා දැන් විවාහක බව ඇය පිප්ට පවසයි. ක්ලැරිකර් හි හර්බට් පොකට්ගේ තනතුර සඳහා ගෙවීමට ඇය පිප්ට මුදල් ලබා දෙන අතර ඔහුගෙන් සමාව ඉල්ලා සිටී. පිප් පිටත්ව සුළු මොහොතකට මත්තෙන් හැවිෂම් මෙනවියගේ ඇඳුමට ගිනි ඇවිලේ. පිප් ඇයව බේරා ගනී. එස්ටෙලා සහ පිප්ට එලෙස හැසිරීම පිළිබඳ ව විලාප නගමින් ඇය අවසානයේ ඇගේ තුවාල හේතුවෙන් මිය යයි. එස්ටෙලා යනු මොලී සහ මැග්විට්ච්ගේ දියණිය බව පිප් දැන් තේරුම්ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ඡැගර්ස් පිප්ගේ සැකය මත ක්‍රියා කිරීමට නොයන ලෙස අධෙර්යමත් කරයි.

මැග්විට්ච් තමා පිළිබඳ ව පිප්ව දැනුවත් කරයි.[සංස්කරණය]

මැග්විට්ච්ගේ සැලසුම් සහගත පැන යාමට දින කිහිපයකට පෙර , පිප්ට තම පැරණි නිවස අසල සොරොව්ව අසළට පැමිණෙන ලෙස නිර්ණාමික ලිපියක් ලැබිණි. එහි දී ඔහුව ඝාතනය කිරීමේ අදහසින් යුතුව ඔර්ලික් විසින් අල්ලා ගනු ලැබේ. පිප්ගේ සහෝදරියට තමන් පහර දුන්බව ඔහු කිසිඳු පැකිළීමකින් තොරව පැවසීය. ඔහු පිප්හට මිටියකින් පහර දීමට ආසන්නව සිටින විට , හර්බට් පොකට් සහ ස්ටාටොප් පැමිණ ඔහුව බේරාගනී. ඔවුන් තිදෙනා මැග්විට්ච්ව හැම්බර්ග් වෙත වාෂ්ප බෝට්ටුවකයෙැවීම සහා රැගෙන ගිය හ, ඔමුන්ව මුණදැසෙනුයේ කොම්පීසන් රැගත් පොලිස් බටේටුවකිනි. මැගිවිට්ච් කොම්පීසන් අල්ලා ගන්නා අතර ඔවුන් ගඟේ සටන් කරති. බරපතල තුවාල ලැබූ මැග්විට්ච් පොලීසිය විසින් අත්තඩංගුවට ගනු ලැබේ. කොම්පීසන්ගේ සිරුර පසුව සොයා ගැනේ.

මැග්විට්ච් තමා පිළිබඳ ව පිප්ව දැන්වත් කරයි

ඔහුගේ නඩු විභා‍ගයෙන් පසු මැග්විට්ච්ගේ ධනය ඔහුට හිමිවන බව පිප් දනී. එහෙත් ක්ලැරිකර්ගේ කාර්යාලය කළමනාකරණය සඳහා ඊඡිප්තුවේ කයිරෝවට යාමට සූදානම්වන හර්බට් , පිප්ට එහි තනතුරක් ලබා දෙයි. නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටින පිප් සෑම විටම බන්ධනාගාර රෝහලේ මැල්විට්ච් හමුවීමට යන අතර මරණ මංචකයේ දී ඔහුගේ දියණිය වන එස්ටෙලා ඡීවතුන් අතර සිටිනබව ඔහුට පවසයි. හර්බට් කයිරෝවට පිටත්ව ගිය පසු පිප් ඔහුගේ කාමරයේ දී අසනීපවන අතර අධික ණය හේතුවෙන් අත්තඩංගුවට පත් වේ. කෙසේ වෙතත්, ඡෝ ඔහුව රැකබලා ගන්නා අතර ඔහුගේ ණය ද පියවයි. පිප් සුවය ලැබීමට පටන්ගත් විට , ඡෝ ඔහුටත් නොකියාම පිප්ගේ නිවසින් පිටත් වේ. පසුව පිප් බිඩීව යෝඡනා කිරීමට නැවත පැමිණෙන්නේ ඇය ඡෝ සමඟ විවාහ වී ඇත්දැයි සනාථ කර ගැනීමටයි. පිප් ඡෝගෙන් සමාව ඉල්ලා, ඔහුට ආපසු ණය ගෙවන බවට පොරොන්දු වී කයිරෝවට පැමිණේ. එහි දී ඔහු හර්බට් සහ ක්ලාරා සමඟ නවාතැන් බෙදා ගන්නා අතර අවසානයේ සමාගමේ තෙවන ස්ථානයට පත් වේ. සමාගමේ තනතුර සඳහා පිප් තමන්ට මුදල් ගෙවූ බව හර්බට්ට වැටහේ.

වසර එකොළහක් ඊඡිප්තුවේ වැඩ කිරීමෙන් පසුව පිප් නැවත එංගලන්තයට ගොස් ඡෝ, බිඩී සහ ඔවුන්ගේ පුත් ඡූනියර් පිප් හමුවේ. පසුව සැටිස් හවුස්හි නටබුන් අතර දී ඔහුට වැන්දඹු එස්ටෙලා මුණගැසෙයි. ඇය තමන්ට සමාව දෙන ලෙස පිප්ගෙන් ඉල්ලා සිටී. ඇය දැන් ඉතාමත් දුක්ඛිත ඡීවිතයක් ගතකරනබව සහතික ය. පිප් එස්ටෙලාගේ අතින් අල්ලාගෙන නටබුන් අතරින් ඇවිද යන විට, ඔහු දකින්නේ " ඇයගෙන් වෙන්වන සෙවනැල්ලක් නොමැතිබව" යි.

"https://si.wikipedia.org/w/index.php?title=සුවිසල්_පැතුම්&oldid=470373" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි