සුමර්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ලෝකයේ දැනට දන්නා පුරාණතම ශිෂ්ටාචාරය වන්නේ දකුණු මෙසපොටේමියාවේ පිහිටි සුමර් ( අර්ථය :- දීප්තිමත් භාවයට අධිපති දෙවියන්ගේ භූමිය හෝ සුමරියානු භාෂාවේ භූමිය) ය. උබායිඩ් කාලයේ (ක්‍රි.පූ 6 වන සහස්‍රයේ අග භාගයේ ) මුල්ම ඉරිදු ජනාවාස වලින් පටන් ගෙන උරුක් කාලය (ක්‍රි.පූ 4 වන සහස්‍රය) සහ රාජවංශික කාලය (ක්‍රි.පූ 3 වන සහස්‍රය) පසු කරගෙන ක්‍රි.පූ 2 වැනි සහස්‍රයේ මුල් භාගයේ බැබිලෝනියානු නැග්ම දක්වා එය පැවතුණි. සුමරියානු භාෂාව කතා කරන සියළුම පුද්ගලයන්ට පුද්ගලයින්ට “සුමරියන්වරු” යන වදන භාවිතා වේ.

සුමර්හි වූ නගර, වසර පුරා කෘෂිකර්මාන්තය කළ මුල්ම නගර විය. (ක්‍රි.පූ. 5300 සිට) , මෙම ආර්ථිකය නිසා නිර්මාණය වූ ආහාර ද්‍රව්‍යය අතිරික්තය , අස්වැන්න නෙළීමෙන් පසු වෙනත් පෙදෙසකට ජනතාව සංක්‍රමණය වීම වෙනුවට ඔවුන් එක් තැනක ජනාවාස බවට පත් වීමට හේතු විය. තවද, විශාල ජන ඝනත්වයක්ද ඇති වීමටද එය හේතු විය. ඒ සඳහා විශාල කම්කරු බලකායක් සහ කම්කරු බෙදීමක් අවශ්‍යය විය. මෙම සංවිධානාත්මක භාවය, වාර්තා තබා ගැනීමේ අවශ්‍ය්‍යතාවයට හා ලේඛන කලාවේ දියුණුවට පෙරමුණ ගත්තේය. ( ක්‍රි.පූ 3500)

කෘෂිකර්මාන්තය සහ දඩයම් කිරීම

වඩා පහත් මෙසපොටේමියාවට හඳුන්වා දී තිබූ කෘෂිකාර්මික ජීවන ක්‍රමය සුමරියන්වරුද එසේම අනුගමනය කළහ. එමෙන්ම ඊජිප්තුවේ භාවිතා කළ වාරිමාර්ග තාක්ෂණයම භාවිතා කළහ. ඇඩම්ස් කියා සිටින්නේ එම වාරිමාර්ග සංවර්ධනය වීම, නාගරීකරණය සමග සම්බන්ධ වී තිබූ බවයි. තවද, ජනගහනයෙන් 89% ක් ජීවත් වූයේ නගරවල බවද කියා සිටී.

ඔවුහු බාර්ලි, කුරු මෑ, කරල් හට ගන්නා ශාක , තිරිඟු, රට ඉඳි, ළූනු, සලාද ගස් , ලීක්ස් සහ අඹ වගා කළහ. තවද, ඔවුහු ගවයින් , බැටළුවන් , එළුවන් සහ ඌරන් ඇති කළහ. ඔවුහු තම බාරයන් ගෙන යාමේ ප්‍රාථමික සත්වයා ලෙස ගොනාද ඔවුන්ගේ ප්‍රාථමික ප්‍රවාහන සත්වයා ලෙස බූරුවන් හෝ ඉක්විඩ්ස් ද භාවිතා කළහ. සුමරියන්වරු බොහෝ ලෙස මාළු ඇල්ලීම කළ අතර වලි කුකුල්ලු හා කුරංගයන් දඩයම් කළහ.

සුමරියානු කෘෂිකර්මාන්තය වැඩි වශයෙන්ම රඳා පැවතියේ වාරිමාර්ග මතයි. ඔවුන්ගේ ජල අවශ්‍යතා ඉටු වූයේ ඇළ මාර්ග , දිය පාරවල් , අගල් , අමුණු හා ජලාශ මගිනි. ටයිග්‍රීස් ග‍ඟෙන් නිරන්තරව ඇති වූ ප්‍රචණ්ඩ ගංවතුරවල් සහ එතරම් ප්‍රචණ්ඩකාරී නොවූ යුප්‍රටීස් ගංවතුර ආදිය නිසා ඇළ මාර්ග නිතර ප්‍රතිසංස්කරණය කරන්නට සිදු වූ අතර වැලි, මඩ ඉවත් කිරීමද දිගින් දිගටම කරන්නට සිදු විය. මිණුම් දඬු හා මායිම් ගල් නිතර ස්ථාන ගත කරන ලදී. ආණ්ඩුවට ඇළ මාර්ගවල වැඩට පුද්ගලයින් අවශ්‍ය විය. ධනවතුන්ට ඒවායින් නිදහස්වීමට හැකිවිය.

ගංවතුර කාලයෙන් , වසන්ත විෂුවයෙන් සහ අකිටු හෙවත් නව අවුරුදු උත්සවයෙන් පසු ගොවීන් ඇළ මාර්ග ප්‍රයෝජනයට ගනිමින් තම කුඹුරුවල වතුර බැඳ ඉන්පසු බැස යන්නට සලස්වති. ඉන්පසු ඔවුන් ගොනුන් ලවා කුඹුර මැඩවීමෙන් වල් පැළ නැසීමට සලස්වති. ඊළඟට ඔවුන් පිකැස් වලින් කුඹුර පෝරුගාති. කුඹුර වේළුණු පසු තුන්වරක් හාති, පෝරු ගාති සහ රේක්ක කරති. ඉන්පසු බීජ වැපිරීමට පෙර කෙටේරියකින් බිම කුඩු කරති. අවාසනාවට උච්ච වාෂ්පීකරණ අනුපාතය , කුඹුරුවල ලවණ ගතිය වැඩි වීමට බලපායී. උර් III කාලය වන විට ගොවීහු තම ප්‍රධාන වගාව ලෙස තිරිඟු වෙනුවට ලවණ වලට ඔරොත්තු දෙන බාර්ලි වගාවට පෙළඹී තිබුණි.

සුමරියන්වරු අස්වනු නෙළීම කළේ වියළි ශරත් ඍතුවේදීය. ඒ සඳහා තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම් සැකසී තිබුණි. එම තිදෙනා වූයේ අස්වනු නෙළන්නා, මිටි බඳින්නා හා මිටි සකස්කරන්නාය. ගොවීහු ධාන්‍ය වල ඉස් නටුවෙන් වෙන් කිරීමට පාගන වැගන් රථ යොදාගත් අතර ධාන්‍යය ගැලවීමට පාගන ස්ලෙජ් රථ යොදා ගත්හ. ඉන්පසු ඔවුහු ධාන්‍යය හා බොල් පොතු මිශ්‍රණයට සුළං ඇල්ලීම කළහ.

මෙසපොතේමියාවේ නගර සහ රාජ්‍යන්[සංස්කරණය]

ක්‍රි .පූ 4 වැනි ශතවර්ෂයේ අගභාගයේදී සුමර්, ඇල මාර්ග සහ මායිම් ගල් වලින් ස්වාධීන නගර හා රාජ්‍යන් ලෙස බෙදී ගියේය.එක එක නගර දෙවි හෝ දෙවතවියකට කැප වූ දේවස්තානයක් කේන්ද්‍ර කොටගෙන ඉදිවිය. නගර රජ(ensi) කෙනෙකුන් හෝ ආණ්ඩුකාරවරයෙකු(lugal) විය .නගරයේ සමග බැදී සිටි .

ප්‍රථම නගර 5

  1. එරිඩු (Tell Abu Shahrain)
  2. බඩ් -ටිබිරා (probably Tell al-Madain)
  3. ලාර්සා (Tell as-Senkereh)
  4. සිපාර් (Tell Abu Habbah)
  5. ශුරුපක් (Tell Fara)

අනෙකුත් නගර :

  1. උරුක් (Warka)
  2. කිෂ් (Tell Uheimir and Ingharra)
  3. උර් (Tell al-Muqayyar)
  4. නිපුර් (Afak)
  5. ලගාෂ් (Tell al-Hiba)
  6. ගිර්සු (Tello or Telloh)
  7. උමා (Tell Jokha)
  8. හමාසි
  9. අදබ් (Tell Bismaya)
  10. Mari (Tell Hariri)
  11. අක්ෂක්
  12. අකාද්
  13. ඉසින් (Ishan al-Bahriyat)

කුඩා නගර (දකුණේ සිට උතුරට ):

  1. කෞරා (Tell al-Lahm)
  2. සබාලා (Tell Ibzeikh)
  3. කිසුරා (Tell Abu Hatab)
  4. මරද් (Tell Wannat es-Sadum)
  5. ඩිල්බට් (Tell ed-Duleim)
  6. බොර්සිපා (Birs Nimrud)
  7. කුතා (Tell Ibrahim)
  8. ඩේර් (al-Badra)
  9. එශ්නුන්නා (Tell Asmar)
  10. නාගාර් (Tell Brak) 2


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Sumer

"https://si.wikipedia.org/w/index.php?title=සුමර්&oldid=471939" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි