සුජාතා අත්තනායක

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Sujatha Attanayake
සුජාතා අත්තනායක
උපත මැයි 12, 1942(1942-05-12)
කැලණිය, ශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රි ලාංකික
වෙනත් නම් විශාරද සුජාතා අත්තනායක , සුජාතා පෙරේරා , කලාශූරි සුජාතා අත්තනායක , ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය , හෙළ ගී අඹරේ රන් ස්වරය, Sujatha Aththanayaka
අධ්‍යාපනය වෙදමුල්ල මහා විද්‍යාලය,රජයේ සෞන්දර්ය විද්‍යා පීඨය,රජයේ සංගීත විද්‍යාලය,ඉන්දියානු ලක්නව් සංගීත විද්‍යාලය.
වෘත්තිය ගායනය
ආගම බෞද්ධ
කලත්‍රයා(යන්) නවරත්න අත්තනායක
දරුවන්
  • හේලි අත්තනායක
  • චානක අත්තනායක
  • සමින් අත්තනායක
තිළිණයන් සරසවිය සම්මාන, ස්වර්ණසංඛ සම්මාන, ජනාධිපති සම්මාන, කලාශූරී සම්මානය, කලාභූෂණ සම්මානය,කුමරතුඟු අනුස්මරණ සම්මානය,ඔස්කා උපහාර සම්මානය, ලයනල් එදිරිසිංහ සුවිශිෂ්ඨතා සම්මානය,සුධීර මාතා සම්මානය, රාජ්‍ය සංගීත සම්මානය, සුමති සම්මාන, සුවද පද්ම උපහාර සම්මානය, මැලිබන් උපහාර සම්මානය,ධීමති සම්මානය,ප්‍රණාම සම්මානය, රණතිසර සම්මානය,නිදහස් කලාභුෂණ සම්මානය, ඇතුළු සියලුම සංගීත සම්මානයන් [උපුටාදැක්වීම අවශ්‍යයි]
වෙබ් අඩවිය http://sujatha-attanayake.wikia.com/wiki/Main_Page

සම්මානනීය ගායන ශිල්පිනී ගායන හා වාද්‍ය විශාරද කලාශූරී සුජාතා අත්තනායක සංගීත දිවියේ සුවිශේෂිතා-

  • ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සහ දමිල අංශයේ විශිෂ්ට ශ්‍රේණිගත වූ එකම ගායිකාව ඇයයි.
  • ඉන්දියානු ලක්නව් සංගීත විද්‍යාලයෙන් ගායනය සහ සිතාර් වාදනය සඳහා විශාරද උපාධිය ලබාගත් අතර තබ්ලාව, වයලීනය සහ ගීටාරය වැයීමටද ඇය දකෂය.
  • ගැයූ මුලු ගීත සංඛ්‍යාව 5300 ඉක්මවන අතර දමිල ගීත 1000කට අධික ප්‍රමාණයක් ගයා ඇත.
  • සිංහල චිත්‍රපට 352කට සහ දමිල චිත්‍රපට 19ක් සඳහා ඇය පසුබිම් ගීත ගයා ඇත.
  • දකුණු ඉන්දියානු ජනප්‍රිය නිළි රාධිකා සඳහා පසුබිම් ගී ගැයූ ඇය ඉන්දියාවේ තිරගත වූ චිත්‍රපටයක ගී ගැයූ එකම සිංහල ගායිකාවයි.
  • ලංකාවේ වැඩිම භාශා ගණනකින් ගී ගැයු ගායිකාව ඇයයි. භාශා 8කින් ගී ගයා ඇත.(හින්දි, දමිල, උර්දු, නේපාලි, බංගලි, මරාති,වංග,ඉංග්‍රීසි)
  • ශ්‍රී ලංකාවේ පළමු සංගීත අධ්‍යක්ෂකවරිය ඇයයි. 70 දශකයේ තිරගත වූ "හරියට හරි"චිත්‍රපටය සහ 80 දශකයේ "සඳ කිඳුරු" චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇත.
  • කිසිඳු ශ්‍රී ලාංකික ගායකයෙක් හෝ ගායිකාවක් ඉන්දියාවේ ප්‍රසංග පවත්වා නොමැති අතර ඉන්දියාවේ ප්‍රසංග පැවැත්වූ එකම ගායිකාව ඇයයි.අදටත් ඇගේ ඉන්දියානු ගීත ඉන්දියාවේ ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කෙරේ.
  • ලංකාවේ සෑම නිළියකටම ඇය පසුබිම් ගී ගයා ඇති අතර ලක්ශෙට කොඩිය චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම සඳහාද පසුබිම් ගීතයක් ගැයුවාය. නලුවෙකු සඳහා පසුබිම් ගීත ගැයූ එකම ගායිකාව ඇයයි.
  • 1979 වසරේදී ඉන්දියානු සංගීත මහාචාර්‍ය දීපාල් නාග් මහත්මිය පැවැත්වූ සංගීත පරීක්ෂණයෙන් ලංකාවේ අනෙකුත් සියලුම ගායක ගායිකාවත් අභිභවා ලකුණු 96ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය ලබාගන්නා ලදී.

ප්‍රථම ස්ථානය - සුජාතා අත්තනායක දෙවන ස්ථානය - ලතා වල්පොල තුන්වන ස්ථානය - නන්දා මාලිනි හතරවන ස්ථානය - ඩබ්.ඩී.අමරදේව පස්වන ස්ථානය - වික්ටර් රත්නායක

  • ශ්‍රී ලංකා පොලිස් තේමා ගීතයේ සංගීත අධ්‍යක්ෂකවරිය ඇයයි.
  • ඇගේ දෙවන පුතු කපිතාන් චානක අත්තනායක රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවෙකි. ඒ හේතුවෙන් ඇය 1992 වර්ශයේදි ගායන ක්ශේත්‍රයෙන් ඉවත් වුණු අතර යුද්ධයෙ අවසානයත් සමග දැඩි රසික ඉල්ලීම නිසා 2012 වර්ෂයේදී ජීවන විල මැද නමින් අතිසාර්ථක ප්‍රසංග මාලාවක් ඉදිරිපත් කරන ලදි.
  • ඇය කතක් නර්ථන ශිල්පිනියකි.
  • ලංකාවේ වැඩිම කැසට්පට ප්‍රමාණයක ගී ගැයූ ගායිකාව ඇයයි. ඇයගෙ මුළු කැසට් පට ප්‍රමාණය 115කි.

මුල් කාලය[සංස්කරණය]

1942 වර්ෂයේදී සොයුරු සොයුරියෝ පස්‌ දෙනෙකුගෙන් සමන්විත වූ පවුලක තුන්වැන්නී ලෙස සුජාතා උපත ලැබුවාය. ඇගේ පියා පොලිස්‌ සැරයන් එම්.එම්.ඩී. පෙරේරා වූ අතර මව ටවර් හෝල් නිළියක හා ගායිකාවක වූ විමලාකාන්තා වූවාය. 1947දී සිය මූලික අධ්‍යාපන කටයුතු කැලණිය වෙදමුල්ල මහ විදුහලෙන් හැදෑරීය.[1]

1950 වසරේ ඔක්‌තෝම්බර් 05 දින ඇය ප්‍රථම වතාවට, ගුවන් විදුලිය කොළඹ සේවයේ විචිත්‍රාංගය වැඩසටහනට මල් සේ දිලේවා ගීතය ගායනා කළාය. එම ගීතය ගුවන් විදුලිය ඔස්සේ සජීවීව ප්‍රචාරය වූ බව සඳහන් වෙයි. පසුව 1954 වර්ෂයේදී ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ ආධුනික පැය වැඩ සටහනට ගී ගයා ප්‍රථම ස්‌ථානය ලබා ගැනීමට සමත් වූවාය. අනතුරුව ජයග්‍රාහක පෙළපාලිය වැඩසටහනේ තැටිගත කිරීමක්‌ සඳහා චන්ද්‍රසේන වීරසේකර (ගිල්බට්‌ මාස්‌ටර්) විසින් පද රචනය කරනු ලැබූ සාධු දන්ත දා ගීතය ගායනා කලාය. සිය ළමා වියේදීම ගායනා කල එම සාධු දන්ත දා ගීතයෙන් අතිශය ජනප්‍රිය වූ සුජාතා, එහිදී දක්ෂතම ගායිකාවක ලෙස ගුවන් විදුලියෙහි කිරුල දිනීය.[1]

අධ්‍යාපනය[සංස්කරණය]

වෙදමුල්ල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයද, රාජ්‍ය සෞන්දර්ය විද්‍යා පීඨයෙන් ද, රාජ්‍ය සංගීත විද්‍යාලයෙන්ද ඇය වැඩිදුර අධ්‍යාපනය හැදෑරීය. ඉන්දියාවේ ලක්නව් සංගීත විද්‍යාලයෙන් විශාරද උපාධිය හිමි කරගෙන ඇත.[1]

සංගීත ක්‍රියාන්විතය[සංස්කරණය]

ළමා වියේ සිටම ගීත ගායනයට පිවිසි සුජාතා ජනප්‍රිය ගායිකාවක ලෙස වයස අවුරුදු 18 වෙද්දී සංගීතය හැදෑරීමට රාජ්‍ය සංගීත විද්‍යාලයට ඇතුළු වූවාය. පසුව ඇය ඉන්දියාවේ ලක්නව් හි සංගීත විද්‍යාලයට ඇතුළු වී ශාස්ත්‍රීය සංගීතය හදාරා සංගීත විශාරද සහතිකය දිනා ගත්තාය. එවකට ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංගීත වැඩසටහන් ඉදිරිපත් කළ එකම ගායිකාව වූයේ සුජාතා අත්තනායකය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂකවරිය[1] වූයේද ඇයයි.චිත්‍රරපට සංගීත අධ්‍යක්ෂකවරියක් ලෙස [ හරියට හරි ] සහ [සඳ කිඳුරු] යන චිත්‍රපට වල සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත.

ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසද, ගුවන් විදුලි නාටක ගීතයන්ද ගැයුවාය. ඇය විසින් හින්දි, දමිළ, වංග, උර්දු මරාඨි නේපාලි වැනි භාෂා ගී ගැයීමේ දක්‍ෂතාවයක් ඇත. ඇය ගායනා කළ ගීත අතර බුදු ගුණ ගී, මව්ගුණ ගී, දේශාභිමානී ගී, විරහ ගී, ප්‍රේම ගී සහ ශාස්‌ත්‍රිය ගී වැනි ගී ඇත.

1980දී නේපාලයේ බිරේන්ද්‍ර රජු හා එමිලා දේවීය ලංකාවට පැමිණි දින ජනාධිපති මන්ධිරයේ පැවැත් වූ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයේදී 'ශුභ කාමිනා' නම් නේපාල ගීතය ගායනා කිරීමට අවස්ථාව ලැබී ඇත.[1] ආසියා හින්දි සේවයෙහි නේපාලි ගීතයක් ගායනා කරන ලද ප‍්‍රථම සිංහල ගායිකාව වූයේය. 'ස්වරම්' නම් ද්‍රවිඩ භාෂාවෙන් ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක්[1] ඇය විසින් බම්බලපිටියෙහි කදිරේෂන් ශාලාවේ පැවැත්වීය. ඉස්ලාම් ගී ප‍්‍රසංගයක්ද මරදාන ටවර් රඟහලේදී 'ඉලම්පිරෙයි ගීතන්ගල්' නමින් පැවත්වා ඇත.[1]

ඇය විසින් කැසට්පට 115 පමණ ඇගේ ගී ඇතුලත් කර ඇත. මේ අතරින් 'කදිර දේව සුරින්දා' කැසට පටය එකල්හි ලංකාවේ වැඩියෙන්ම අලෙවි වූ කැසට් පටයද විය.[1]

1956 දී සොහොයුරෝ චිත‍්‍රපටයෙන් චිත‍්‍රපට පසුබිම ගායනයට එක් වූ ඇය එහිදී ගායනා කළ සුරතල් මගේ පොඩි මුව පැටියා සංගීතවත් කරනු ලැබූයේ ආර්. මුත්තුසාමි නම් දමිළ සංගීත අධ්‍යක්ෂකවරයා විසිනි. එහි පද රචනය ඩබ්ලිව්. බෙනඩික් ප‍්‍රනාන්දුගේයි. යටගිය දවස චිත‍්‍රපටයේ දුක එක එක පෙරළිලා ගීත ගායනයට වසරේ හොඳම ගායන ශිල්පිනිය ලෙස ස්වර්ණ සංඛ සම්මානයෙන් පිදුම් ලැබුවාය. එහිආ සංගීතය ආර්. මුත්තුසාමිගෙනි. මේ වනවිට ඇය විසින් චිත‍්‍රපට 325ක[1] ගී ගයා ඇති අතර ඒ අතරින් දමිළ චිත‍්‍රපට 19 කද ගී ගයා ඇත.[1]

"අහසෙ ගෑවෙන සිතු විමනේ", "ඈත දියඹ වැන්නේ", "ශෝකය ගීතයක්‌", "දෙතැනක පිපුණත් එකමල්", "සූරියවංශේ සිංහල පුතුනේ", "සඳමුතුමල්දම්", "පෙම්වත තරහවෙලා", "මංගල කසී සළු", "පුංචි දවස්‌වල", "දුනුකෙයියා මලක්‌ වගේ", "බොලං පොඩි නංගි", "ආගන්තුක කුරුල්ලා", "අද හවසට මා", "හතර වටින් කළු කරගෙන" "සාධු දන්තදා" වැනි ගීත ඇය ගැයූ දහස්‌ ගණන්වූ සරල ගී අතර ඉතා රසවත් ගී සමුදායෝ වෙති.සියලුම චිත්‍රපට ගීත,සරල ගීත,ශාස්ත්‍රීය ගීත සහ වෙනත් භාශාවලින් ගැයූ ගීතවල එකතුව 6000කට අධිකය. එමෙන්ම ඇය දිඟු නිහැඬියාව බිඳ දමමින් 2016 වර්ශයේ ශ්‍රී ලංකා පොලිස් තේමා ගීතයද නිර්මාණය කරන ලදී.[1]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුජාතා_අත්තනායක&oldid=428189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි