සී.එම්. පන්ක්

විකිපීඩියා වෙතින්
සී.එම්. පන්ක්
පන්ක්, 2011 පැවති Nickelodeon Australian Kids' Choice Awards හිදී
නමෆිලිප් ජැක් බෲක්ස්[1]
උපතඔක්තෝබර් 26, 1978 (1978-10-26) (වයස 45)
චිකාගෝ, ඉලිනොයි, ඇ.එ.ජ.[2]
පදිංචිව සිටින නගරයචිකාගෝ, ඉලිනොයි, ඇ.එ.ජ.
මිල්වෞකි, විස්කොන්සින්, ඇ.එ.ජ.
විවාහකයා(න්)ඒ.ජේ ලී (වි. 2014)
වෘත්තීමය මල්ලවපොර ක්‍රියාකාරිත්වය
භාවිත නාමය(න්)සී.එම්. පන්ක්
උසඅඩි 6 අගල් 2 (මීටර් 1.88)[3]
බරරාත්තල් 218 (කිලෝග්‍රෑම් 99)[3]
හැදීවැඩුණු නගරයචිකාගෝ, ඉලිනොයි[3]
පුහුණුකරුවන්ඒස් ස්ටීල්[4]
ඩැනී ඩොමිනියන්[5]
කෙවින් කුයින්[5]
ඩේව් ටේලර්[6]
ෆිට් ෆින්ලේ[6]
විලියම් රීගල්[6]
ආරම්භය1999[7]
විශ්‍රාම ලද්දේ2014 ජනවාරි 26[8][9]
වෙබ් අඩවිය
CMPunk.com

ෆිලිප් ජැක් "ෆිල්" බෲක්ස්[1] (Phillip Jack "Phil" Brooks) (උපත 1978 ඔක්තෝම්බර් 26),[2] වඩා හොදින් හදුනන්නේ සී.එම්. පන්ක් (CM Punk) යන නමිනි. මොහු ඇමරිකාවේ මිශ්‍ර සටන් ශිල්පියෙකු, කොමික් පොත් රචකයෙකු, නළුවකු සහ හිටපු වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයෙකු වේ. මොහුව වඩාත්ම හොදින් හඳුනන්නේ WWE ආයතනයේ මල්ලවපොර ක්‍රීඩකයෙකු ලෙසයි. එහි නව යුගයේ WWE ශූරතාව (WWE Championship) වැඩිම කාලයක් රදවාගෙන සිටි ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වේ. එම වාර්තාව පිහිටුවන ලද්දේ 2011 නොවැම්බර් 20 සිට 2013 ජනවාරි 27 දක්වා දින 434 ක කාලයක් WWE ශූරතාව රදවාගනිමිනි. එය සෑම කාලයකදීම ගතහොත් හයවන දීර්ගතම කාලයයි.[10][11]

පන්ක් ඔහුගේ අවුරුදු 15 ක වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩා කාලය තුළ ලෝක ශූරතා කිහිපයක්ම දිනා ඇත. ROH ලෝක ශූරතාව (ROH World Championship) සහ ECW ලෝක ශූරතාව (ECW World Championship) ද වරක් බැගින් ඇතුලත්ව, WWE ආයතනයේ ලෝක හෙවිවේට් ශූරතාව (World Heavyweight Championship) තුන් වරක්ද, WWE ශූරතාව දෙවරක්ද දිනා ඇත. ලෝක ටැග් ටීම් ශූරතාව (World Tag Team Championship) (කොෆී කිංග්ස්ටන් සමග) හා WWE ඉන්ටර්කොන්ටිනෙන්ටල් ශූරතාව (WWE Intercontinental Championship) දිනාගනිමින් 19 වන WWE ත්‍රිපල් ක්‍රවුන් චැම්පියන් (Triple Crown Champion) හෙවත් ත්‍රිත්ව කුසලාන ශූරයා බවට පත්විය. එය දින 203 කදී[12] සම්පුර්ණ කල අතර එය සම්පුර්ණ කල වේගවත්ම ක්‍රීඩකයා බවට ඉතිහාසගත වේ. ඔහු ROH ටැග් ටීම් ශූරතාව (ROH Tag Team Championship) දෙවරක් දිනා ගැනීමට සමත් විය (කෝල්ට් කැබානා සමග). ඔහු දිනා ඇති මුළු ශූරතා ගණන 11 කි. ඔහු 2008 හා 2009 මනී ඉන් ද බෑන්ක් (Money in the Bank) තරග ජයග්‍රහණය කර ඇත (එය දෙවතාවක් දිනු එකම ක්‍රීඩකයා වේ).[13] එමෙන්ම WWE ආයතනයේ 2011 වසරේ පැවති ස්ලැමි සම්මාන (Slammy Award) උළෙලේදී වසරේ හොදම මල්ලවපොර ක්‍රීඩකයා (වසරේ සුපිරි තරුව) (Superstar of the Year) බවට පත්විය.[14]

පන්ක් තම වෘතීමය මල්ලවපොර ජිවිතයේ කෙටි කලකදී ස්වාධීන මාණ්ඩලික ප්‍රවර්ධන ශිල්පියෙකු බවට පත්වේ. මුලින්ම ඔහු රින්ග් ඔෆ් ඔනර් (Ring of Honor (ROH)) ක්‍රීඩකයන් ලැයිස්තුවේ සාමාජිකයෙකු බවට පත් විය. එමෙන්ම ROH රෙස්ලින් පුහුණු පාසලේ (ROH Wrestling Academy) ප්‍රථම ප්‍රධාන පුහුණුකරු බවට පත් විය. ඒ ඔහු ROH හි තරග වදින කාලයේදීමය. පන්ක් එම ආයතනයේ ඇති ශූරතා දෙකම දිනාගැනීමට සමත් විය. 2005 වසරේදී ඔහු WWE ආයතනය හා එක්වන අතර එහිදී ඔහුව ආයතනයේ ප්‍රවර්ධන කටයුත්තක් සදහා ඔහියෝ වැලි රෙස්ලින් (Ohio Valley Wrestling (OVW)) ආයතනයට සම්බන්ධ කරන ලදී. එහිදී ඔහු ඔහියෝ වැලි රෙස්ලින් ආයතනයේ ඇති සියලුම මල්ලවපොර ශූරතා ද දිනාගැනීමට සමත් විය. 2006 ජුනි 24 දින ඔහු තම මංගල රුපවාහිනී දැක්ම ඉදිරිපත් කළේය, ඒ ECW හි (එකල පැවති WWE ආයතනයේ එක් අංගයක්) තම කුසලතා දක්වමින්ය. මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි බාවිතා නොකිරීම නිසා ඔහු Straight Edge කෙනෙකු වේ.[5][n 1] මල්ලවපොර තරග තුලදී ඔහුගේ චරිතය හොද (hero) හෝ නරක (villain) වුවත් ප්‍රේක්ෂකාගාරයේ සිටින ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර එකලෙස ලබාගැනීමට හා ඔවුන් ප්‍රබෝධමත්ව තබාගැනීමට ඔහු සමත්කම් දක්වයි.[5] ඔහු මල්ලවපොර ක්‍රීඩකයන් කිහිප දෙනෙකුවම පුහුණු කර තිබේ.[15]

ජීවිතයේ මුල් අවධිය[සංස්කරණය]

බෲක්ස් උපත ලැබුවේ ඇමරිකාවේ චිකාගෝදීය. ඔහු හැදී වැඩුනේ ඒ අසල නගරයක් වූ ලොක්පෝර්ට් හිය.[16] ඔහු ඔහුගේ පවුලේ දරුවන් පස් දෙනාගෙන් එක් අයෙකුය; ඔහුගේ පියා ඉංජිනේරුවකු වූ අතර ඔහුගේ මව ගෘහණියක් විය. ඔහු අධ්‍යාපනය ලැබුවේ ලොක්පෝර්ට් ටවුන්ශිප් උසස් පාසලේය.[17]

මල්ලවපොර ජීවිතය[සංස්කරණය]

මල්ලවපොර ජීවිතයේ මුල් අවධිය (1999–2000)[සංස්කරණය]

2002 නොවැම්බර් 23 දින සී.එම්. පන්ක්, ඩැනී ඩොමිනියන් සමග ඉලනොයිස් ප්‍රාන්තයේ, ග්‍රයිස්ලේක් හි පැවති NWA Midwest අංගයේදී.

පන්ක්, බැක්යාඩ් රෙස්ලින් ෆෙඩ්‍රේශන් (Backyard Wrestling federation) හෙවත් ලූනැටික් රෙස්ලින් ෆෙඩ්‍රේශන් (Lunatic Wrestling Federation) ආයතනයෙන් තම මල්ලවපොර ජීවිතය අරබයි. ඒ 1990 දශකයේ අගබාගයේ ඔහුගේ මිතුරෙකු හා ඔහුගේ සහෝදරයා වන මයික් බෲක්ස් සමගිනි. ඔහු සී.එම්. පන්ක් යන නම භාවිතය ආරම්භ කලේ සී.එම්. වෙනෝම් නම් ක්‍රීඩකයා සමග චික් මැග්නට්ස් නම් කණ්ඩායමට එක්වීමෙන් පසුය. පසුව පන්ක් සමග වෙනත් ක්‍රීඩකයෙකු එම කණ්ඩායමේ ක්‍රීඩා කළේය.[18][5][19] ඔහුගේ මිතුරන් මෙන් නොව පන්ක්ට නියම වශයෙන් අවශ්‍ය වුයේ මල්ලවපොර ක්‍රීඩකයකු වීමටයි, ඔහු එය හුදෙක් සරල විනෝදයකට එහා ගියදෙයක් ලෙස සැලකුවේය.[5] ඉලනොයිස් ප්‍රාන්තයේ , මොකේනා නුවර වේර්හවුස්හි ක්‍රීඩාකරන අතරතුර පන්ක්ට ඔහුගේ සොහොයුරා කුඩා ව්‍යාපාරයකින් ඩොලර් දහස් ගණනක මුදල් වංචා කරගෙන ඇති බව ආරංචි වන අතර, එමගින් ඔවුන් අතර අන්‍යෝන්‍යය භේදයක් ඇතිවේ. එදායින් පසුව ඔවුන් එකිනෙකා කතා කොට නැත.[20]

බැක්යාඩ් රෙස්ලින් ෆෙඩ්‍රේශන් ආයතනයට සමුදී ඔහු චිකාගෝ නුවර "ස්ටීල් ඩොමීනියන්" ("Steel Dominion") නම් මල්ලවපොර පුහුණු පාසලට ඇතුළු වේ. එහිදී ඔහු වෘතීමය මල්ලවපොර ක්‍රීඩකයෙකු වීම සදහා ඒස් ස්ටීල්,[4] ඩැනී ඩොමිනියන් හා කෙවින් කුයින් යටතේ පුහුණු වේ. පුහුණුවේ එක් අංගයක් ලෙස ඔහු ශාන්ත පෝල්, මිනෙසොටා හි ඇති ස්ටීල් ඩොමීනියන් රෙස්ලින් ආයතනයේ මල්ලවපොර ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන ලදී.[5][6] ඔහුට එහිදී ස්කොට් කෝල්ටන් මුණ ගැසේ,[21][22] ස්කොට් කෝල්ටන් යනු පසුව කෝල්ට් කැබානා නමින් මල්ලවපොර ක්‍රීඩාවේ යෙදුනු ක්‍රීඩකයා වේ. පන්ක් සහ කැබානා හොදම මිතුරන් බවට පත් වන අතර, ඔවුන් ඔවුන්ගේ මුල් මල්ලවපොර ජීවිතය එක්ව ගත කළේය. ඔවුන් ස්වාධීන මාණ්ඩලික ප්‍රවර්ධන කටයුතු වලදීද ප්‍රතිවාදීන් ලෙස හෝ මිත්‍රයන් ලෙස ක්‍රීඩා කළේය.[21] ස්වාධීන මාණ්ඩලික ප්‍රවර්ධන කටයුතු වලදී ස්ටීල් ඩොමීනියන්හි උපාදිධාරීන් වන කෝල්ට් කැබානා, චුස්කී ස්මූත්, ඇඩම් ප්‍රේස්, පන්ක් සහ කළමනාකරු වූ ඩේව් ප්‍රාසක්ගේ මිත්‍රසම්මුතිය ගෝල්ඩ් බොන්ඩ් මාෆියා (Gold Bond Mafia) නමින් නම්කරනු ලැබුවේය.[5]

ඉන්ඩිපෙන්ඩන්ට් රෙස්ලින් ඇසෝසියේෂන් මිඩ්-සවුත් (2000–2005)[සංස්කරණය]

පන්ක්ගේ පෙර මල්ලවපොර ජීවිතයේ ප්‍රවර්ධනයන් බොහොමයක් ඉන්ඩිපෙන්ඩන්ඩ් රෙස්ලින් ඇසෝසියේෂන් මිඩ්-සවුත් හි (Independent Wrestling Association Mid-South (IWA Mid-South)) ඒවාය.[5]

රින්ග් ඔෆ් ඔනර් සහ ටෝටල් නන්ස්ටොප් ඇක්ශන් රෙස්ලින් ආයතන[සංස්කරණය]

රේවන් නම් ක්‍රීඩකයා සමග ඇතිවූ ආරවුල (2002–2004)[සංස්කරණය]

සී.එම්. පන්ක්, 2003 නොවැම්බර් 28 දින කොනෙක්ටිකට් ප්‍රාන්තයේ ෆෙයාෆීල්ඩ් හි පැවති රින්ග් ඔෆ් ඔනර් ආයතනයේ ද කන්ක්ලූශන් (The Conclusion) අංගයේදී රේවන්ට එරෙහිව පැවති කේජ් තරගය (cage match).

පසුව පන්ක් රින්ග් ඔෆ් ඔනර් (Ring of Honor (ROH)) ආයතනයට එක් වේ.[5] එම ආයතනයේ ටික කලක් සිටියදී රේවන් නම් ක්‍රීඩකයා සමග ආරවුලක් ඇතිවේ. එයට හේතුව වන්නේ රේවන්, පන්ක් සමග විශාල වශයෙන් නෝ ඩිස්කොලිෆිකේශන් තරග (No disqualification match) ක්‍රීඩා කිරීමයි.[23] ඔවුන් අතර වූ මෙම ආරවුල 2003 වසරේ ROH හි විශාලම ආරවුල ලෙස හැදින්වේ.[24] මෙම ආරවුලට හේතුව වූයේ පන්ක් මත්ද්‍රව්‍ය බාවිතා නොකරන නිසා පන්ක් විසින්, රේවන්ව රේවන්ගේ මතට හුරු වූ පියාට සමාන කරමින් ඔහුට අපහාසාත්මක වාග් ප්‍රහාර එල්ල කිරීමයි.[25] ඔවුන් අතර මෙම ආරවුල අවසන් වුයේ Ring of Honor ආයතනයේ ද කන්ක්ලූශන් (The Conclusion) අංගයේදී රේවන්ට එරෙහිව පැවති කේජ් තරගය පන්ක් ජයගැනීමත් සමගයි.[23] එම කාලය අතරතුරදීම පන්ක් NWA ටෝටල් නන්ස්ටොප් ඇක්ශන් රෙස්ලින් ආයතනයට (TNA) එක්විය. එහිදී ඔහු ජූලියෝ ඩිනේරෝද සමගින් රේවන්ගේ පිරිසට එක් විය.[5]

"සමර් ඔෆ් පන්ක්" (2004–2005)[සංස්කරණය]

සී.එම්. පන්ක් රින්ග් ඔෆ් ඔනර් හිදී.

ROH හිදී පන්ක් ROH ලෝක ශූරයා (ROH World Champion) වන සැමෝවා ජෝයි සමග එම ශූරතාව සදහා තරග වදී. එය තරග 3කින් සමන්විත තරග මාලාවක් වූ අතර, ඉන් පළමු තරගය 2004 ජුනි 12 දින වර්ල්ඩ් ටයිට්ල් ක්ලැසික් (World Title Classic) නමින් ඔහියෝ ප්‍රාන්තයේ ඩයිටන් හීදී පැවැත්විය, එය මිනිත්තු 60 කට සීමා වූ තරගයක් වූ අතර එය ජය-පරාජයකින් තොරව නිමාවිය. 2004 ඔක්තෝම්බර් 16 දින චිකාගෝ වල පැවති දෙවන තරගයද[22] මිනිත්තු 60ක තරගයක් වූ අතර එයද ජය-පරාජයකින් තොරව නිමාවිය.[23] එම තරගයේ DVD පටය රින්ග් ඔෆ් ඔනර් ආයතනයේ වැඩිම අදායමක් ඉපයූ DVD පටය බවට පත් විය. 2004 දෙසැම්බර් 4 දින ඕල්-ස්ටාර් එක්ස්ට්‍රාවැගන්සා 2 (All-Star Extravaganza 2) නමින් කාල සීමා රහිතව පැවති 3වන තරගයෙන් ජෝයි ජයග්‍රහණය කිරීමත් සමග පන්ක් හා ජෝයි අතර පැවති මෙම තරග මාලාව අවසන් විය.[23]

පන්ක් 2006 පෙබරවාරි 11 දින ROH හි අංගයක් වන "අන්ස්ක්‍රිප්ටඩ් II" ("Unscripted II") සදහා විශේෂයෙන් සහභාගී විය, ඒ එම අංගය සදහා සහභාගීවීමට සිටි ROH ක්‍රීඩකයෙකු වන ලෝ කී ඊට පෙර සතියේදී ROH ආයතනය හැරයාම නිසාවෙනි.[23]

පුද්ගලික ජීවිතය[සංස්කරණය]

බෲක්ස් අනිශ්වරවාදියෙකි.[26][27] එමෙන්ම ඔහු මාළු ඇතුළු අනෙකුත් මුහුදු ආහාර, ආහාරයට නොගනී (Pescetarian).[28] එමෙන්ම ඔහු ඇමරිකාවේ අයිස් හොකී කණ්ඩායම් වන චිකාගෝ බ්ලැක්හොක්ස්[29] කණ්ඩායමේ හා චිකාගෝ කබ්ස්[30] කණ්ඩායමේ රසිකයෙකි. ඔහු නිදහස් වේලාවට කොමික් පොත් කියවීමට ආසා කරයි.[31] [32] [33] වරක් ඔහු ඕල් ඇමරිකන් කොමික්ස් (All American Comics) නම් වෙළඳසැලකද සේවයකර තිබේ,[34] ඔහුගේ ප්‍රියතම කොමික් පොත ප්‍රීචර් (Preacher) නම් පොතයි.[35] වෘතීමය මල්ලවපොර ක්‍රීඩකයෙකු වන කෝල්ට් කැබානා ඔහුගේ හොදම මිතුරෙකි, ඔවුන් දෙදෙනා මුණ ගැසී ඇත්තේ ස්ටීල් ඩොමීනියන් රෙස්ලින් (Steel Domain Wrestling) පුහුණු පාසලේ සිටියදීයි.[21] ක්ලිෆ් කොම්ප්ටන් ද ඔහුගේ හොදම මිතුරෙකි. එමෙන්ම WWE ආයතනය සී.එම්. පන්ක්: බෙස්ට් ඉන් ද වර්ල්ඩ් (CM Punk: Best in the World)[36] නම් වාර්තාව සදහා ඉදිරිපත් කල රැන්සිඩ් (Rancid) නම් සංගීත කණ්ඩායමේ ලෝරස් ෆ්රෙඩ්රික්සන් ද පන්ක්ගේ හොදම මිතුරෙකි.

බෲක්ස්, 2014 ජුනි 13 වන දින ඒප්‍රිල් ජෙනෙට් මෙන්ඩිස් ව විවාහ කර ගත්තේය. ඇයව වඩාත් හොදින් හදුනන්නේ ඒ.ජේ. ලී නමින්ය. [37][38]

WWE ආයතනයේ වෛද්‍යවරයා වන ක්‍රිස්ටෝපර් එම්. අමාන් විසින් වරක් බෲක්ස්ගේ ඇතිවූ බැක්ටීරියා ආසාදනයක් පිළිබද වැරදි රෝග විනිශ්චයක් සිදුකල බව හා ක්‍රීඩා කිරීමේදී ඇතිවූ ආබාධ වලට නිවැරදිව ප්‍රතිකාර නොකළ බව බෲක්ස් විසින් කියා සිටියේය. එබැවින් ක්‍රිස්ටෝපර් එම්. අමාන් 2015 පෙබරවාරි 19 දින, අපකීර්තියට පත් කිරීම හා පෞද්ගලිකත්වයට හානි කිරීම යන කරුණු මත බෲක්ස්ට හා ස්කොට් කෝල්ටන්ට (කෝල්ට් කැබානාට) එරෙහිව නඩු මාර්ගයට පිවිසුණි,[39] ඔහු විසින් එක් විත්තිකරුවෙකුගෙන් ඩොල‍ර් මිලියන 1ක වන්දි මුදලක් ඉල්ලා සිටියේය.[40] මෙහිදී WWE ආයතනය අමාන් හට සහයෝගය පලකරමින් ප්‍රකාශයක් සහ වීඩියෝ පටයක් නිකුත් කළේය. එහි සදහන්ව තිබුනේ බෲක්ස් ඔහුගේ බැක්ටීරියා ආසාදනය පිළිබදව WWE ආයතනයේ කිසිදු අයෙකුට දැනුම්දී නොතිබූ බවයි.[41][42]

දිනාගත් ශූරතා හා කෞශල්‍යය[සංස්කරණය]

WWE ශූරතාව සමග.
ලෝක හෙවිවේට් ශූරතාව පළමු වරට දිනාගත් අවස්ථාව.
WWE ඉන්ටර්කොන්ටිනෙන්ටල් ශූරතාව සමග.
ලෝක ටැග් ටීම් ශූරතාව සමග.
  • ඉන්ටර්නැශනල් රෙස්ලින් කාටල්
    • අයි.ඩබ්ලිව්.සී. ලෝක හෙවිවේට් ශූරතාව (1 වරක්)[45]
  • මිඩ්-ඇමරිකන් රෙස්ලින්
    • එම්.ඒ.ඩබ්ලිව්. හෙවිවේට් ශූරතාව (1 වරක්)[46]
  • රිවෝල්වර්
    • "මෝස්ට් මෙට්ල් ඇත්ලීට්" සදහා ගෝල්ඩන් ගොඩ්ස් සම්මානය (2012)[57]
  • සෙන්ට් පෝල් චැම්පියන්ශිප් රෙස්ලින්
    • එස්.පී.සී.ඩබ්ලිව්. නදර්න් ස්ටේට් ලයිට් හෙවිවේට් ශූරතාව (1 වරක්)[59]
    • එස්.ඩී.ඩබ්ලිව්. නදර්න් ස්ටේ ටෙලිවිශන් ශූරතාව (2 වරක්)[59]

සටහන් හා ආශ්‍රිත[සංස්කරණය]

සටහන්
  1. Straight Edge යනු මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි බාවිතා නොකරන අය සදහා ලබා දෙන නාමයකි. මෙය ගෞරව නාමයක් ලෙසද සැලකිය හැක. වැඩි විස්තර සදහා ඉංග්‍රීසි විකියේ ඇති Straight Edge පිටුව බලන්න.
  2. පන්ක් තමන් පළමු වරට ශූරතාව දිනාගැනීමෙන් පසු එය රේ මිස්ටිරියෝ සහ ජෝන් සීනා සමග සංගාමී වශයෙන් තියාගනු ලැබුවා. ජෝන් සීනා පරාජය කිරීමෙන් පසුව පන්ක් ශූරයා බවට පත්වුණා, එහෙත් එය WWE ආයතනය විසින් ඔහු දෙවන වරට ශූරයා වූ බවට හදුනාගත්තේ නැහැ.[11]
ආශ්‍රිත
  1. 1.0 1.1 "Latest Status Info". United States Patent and Trademark Office. August 7, 2008. සම්ප්‍රවේශය 2008-08-17.
  2. 2.0 2.1 "CM Punk profile". NNDB.com. සම්ප්‍රවේශය 2007-09-22.
  3. 3.0 3.1 3.2 "Bio". WWE. සම්ප්‍රවේශය 2007-09-22.
  4. 4.0 4.1 Punk, CM (January 23, 2007). "Congratulations to Ace". WWE. සම්ප්‍රවේශය 2011-01-30.
  5. 5.00 5.01 5.02 5.03 5.04 5.05 5.06 5.07 5.08 5.09 5.10 CM Punk (November 2003). "Shoot with CM Punk" (DVD). RF Video. සම්ප්‍රවේශය 2007-04-14.
  6. 6.0 6.1 6.2 6.3 Wojick, Alan (June 21, 2003). "Wojick Interview". The Wrestling Clothesline. August 3, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-09-26. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
  7. "CM Punk Fast Facts". CMPunk.com. August 3, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 4, 2009. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
  8. "CM Punk can paint. Who knew?", by Ernest Wilkins, Red Eye Chicago
  9. http://www.pwinsider.com/article/87084/cm-punk-says-he-will-never-ever-ever-ever-be-inside-a-wrestling-ring-again.html?p=1
  10. "Are long title reigns cursed?". WWE. සම්ප්‍රවේශය 2013-01-28.
  11. 11.0 11.1 "WWE Championship title history". WWE. සම්ප්‍රවේශය February 5, 2012.
  12. Woodward, Buck (January 19, 2009). "CM PUNK MAKES WWE HISTORY WITH TITLE WIN". සම්ප්‍රවේශය 2012-03-07.
  13. Cohen, Eric. "Money in the Bank". about.com. සම්ප්‍රවේශය 2010-02-24.
  14. 14.0 14.1 14.2 "2011 Slammy Award Winners". WWE. 2012-12-12. සම්ප්‍රවේශය 2012-07-19.
  15. "Managers and wrestlers trained".
  16. https://twitter.com/CiNDER_JOE/status/614535331463888896
  17. Arroyave, Luis (April 5, 2009). "Local guy makes it big on World Wrestling Entertainment". Chicago Tribune. සම්ප්‍රවේශය August 12, 2015.
  18. Lagattolla, Al (December 17, 2001). "CM Venom Interview". Chicago Wrestling. February 22, 2004 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-09-26.
  19. Robinson, Jon (December 1, 2006). "CM Punk Interview". IGN. සම්ප්‍රවේශය 2007-03-19.
  20. Gomez, Luis (March 26, 2012). "Pipe bomb! More from my interview with WWE Champ CM Punk". Chicago Tribune. සම්ප්‍රවේශය April 5, 2012.
  21. 21.0 21.1 21.2 Straight Shootin' with CM Punk & Colt Cabana. Ring of Honor. July 1, 2005. September 27, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-04-14.
  22. 22.0 22.1 Straight Shootin' with Samoa Joe & CM Punk. Ring of Honor. March 10, 2005. 2011-07-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-04-14.
  23. 23.0 23.1 23.2 23.3 23.4 "Ring of Honor event results". Ring of Honor. August 22, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 22, 2009.
  24. Dunn, JD (May 30, 2006). "Dark Pegasus Video Review: Ring of Honor — One Year Anniversary Show". 411mania. සම්ප්‍රවේශය November 27, 2010.
  25. Dunn, JD (June 16, 2006). "Dark Pegasus Video Review: Ring of Honor – Death Before Dishonor". 411mania.com. සම්ප්‍රවේශය November 27, 2010.
  26. "Twitter/CMPunk: @PipeBombAlert I'm an atheist". twitter. November 30, 2012. සම්ප්‍රවේශය January 9, 2013. @PipeBombAlert I'm an atheist.
  27. "Twitter/CMPunk: @ambenja yes". සම්ප්‍රවේශය 5 June 2013. "were you always an Atheist?" yes.
  28. "Twitter/CMPunk: "@lKlMONO: @CMPunk Are you a Pescetarian?" Correct". twitter. March 28, 2012. සම්ප්‍රවේශය January 9, 2013. "@lKlMONO: @CMPunk Are you a Pescetarian?" Correct.
  29. "Twitter/@CMPunk: Readying the daggers. Lets go @NHLBlackhawks! #CHIvsLAK". සම්ප්‍රවේශය 5 June 2013. Readying the daggers. Lets go @NHLBlackhawks! #CHIvsLAK
  30. "Twitter/@CMPunk: Chicago Cubs". සම්ප්‍රවේශය 5 June 2013. "Who's your fav sports team?" Chicago Cubs.
  31. "CM Punk writes introduction to Marvel Comics' "Avengers vs. X-Men"". සම්ප්‍රවේශය 5 June 2013.
  32. "CM Punk pens intro for 'Avengers vs. X-Men' collection". USA Today. October 15, 2012. සම්ප්‍රවේශය 5 June 2013.
  33. "CM Punk Introduces Avengers Vs. X-Men". සම්ප්‍රවේශය 5 June 2013.
  34. "Fightin' Fanboys: WWE's CM Punk". සම්ප්‍රවේශය 5 June 2013.
  35. "Twitter/CMPunk: @KenedyJJohnson Preacher". සම්ප්‍රවේශය 5 June 2013. "What is your all time favorite comic book or graphic novel of all time? #subjecttoblock" Preacher
  36. "Talent List Interviewed for CM Punk DVD - Ace Steel, Chris Hero, Lita". සම්ප්‍රවේශය 5 June 2013.
  37. Scherer, Dave (June 14, 2014). "CM Punk—AJ Lee Update". PWInsider. සම්ප්‍රවේශය June 14, 2014.
  38. "C.M. Punk wedding note". Wrestling Observer Newsletter. June 14, 2014. සම්ප්‍රවේශය June 14, 2014.
  39. "WWE ringside doctor files lawsuit against Colt Cabana, CM Punk", by George Slefo, Chicago Sun Times, http://chicago.suntimes.com/news/7/71/381966/wwe-ringside-doctor-files-lawsuit-colt-cabana-cm-punk, ප්‍රතිෂ්ඨාපනය 2015-10-14 
  40. Payne, Marissa (February 20, 2015). "WWE's ringside doctor is suing CM Punk and Colt Cabana for $1 million". The Washington Post. සම්ප්‍රවේශය February 22, 2015.
  41. WWE physician slaps CM Punk with defamation lawsuit for podcast by Marcus Vangerburg of Yahoo Sports on February 20, 2015
  42. "WWE addresses CM Punk's allegations". WWE. February 20, 2015. සම්ප්‍රවේශය April 24, 2015.
  43. "Independent Wrestling Association Mid-South Heavyweight Title". wrestling-titles.com. සම්ප්‍රවේශය June 14, 2008.
  44. "Independent Wrestling Association Mid-South Light Heavyweight Title". Wrestling-titles.com. සම්ප්‍රවේශය June 14, 2008.
  45. Roelfsema, Eric. "IWC – International Wrestling Cartel World Heavyweight Title history". Solie. සම්ප්‍රවේශය June 14, 2008.
  46. Westcott, Brian. "MAW – Mid-American Wrestling MAW Heavyweight Title history". Solie. සම්ප්‍රවේශය June 14, 2008.
  47. Westcott, Brian. "NWA National Wrestling Alliance/Cyberspace Wrestling Federation CSWF/NWA Cyberspace Tag Team Title history". Solie. සම්ප්‍රවේශය June 14, 2008.
  48. "Wrestler Profiles". Online World of Wrestling.
  49. Westcott, Brian. "NWA – National Wrestling Alliance NWA Ohio Valley Wrestling Heavyweight/Ohio Valley Wrestling Heavyweight Title history". Solie. සම්ප්‍රවේශය June 14, 2008.
  50. Westcott, Brian. "NWA – National Wrestling Alliance NWA Ohio Valley Wrestling Southern Tag Team Title history". Solie. සම්ප්‍රවේශය June 14, 2008.
  51. "NWA – National Wrestling Alliance NWA Ohio Valley Wrestling Hardcore/Ohio Valley Wrestling Television history". Solie. සම්ප්‍රවේශය June 14, 2008.
  52. Pro Wrestling Illustrated. 33 (3): 74–75. 2012. {{cite journal}}: Missing or empty |title= (help)
  53. Pro Wrestling Illustrated. 33 (3): 80–81. 2012. {{cite journal}}: Missing or empty |title= (help)
  54. Pro Wrestling Illustrated. 33 (3): 76–77. 2012. {{cite journal}}: Missing or empty |title= (help)
  55. Pro Wrestling Illustrated. 33 (3): 84–85. 2012. {{cite journal}}: Missing or empty |title= (help)
  56. Pro Wrestling Illustrated. 33 (7): 12–18. 2012. ISSN 1043-7576. {{cite journal}}: Missing or empty |title= (help)
  57. Passero, Mitch (April 12, 2012). "Chris Jericho ruins CM Punk's "metal" moment". WWE. සම්ප්‍රවේශය April 12, 2012.
  58. 58.0 58.1 "Ring of Honor official title histories". Ring of Honor. June 10, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය June 14, 2008.
  59. 59.0 59.1 "Datenbank Profil – CM Punk" (German බසින්). Cagematch.de. සම්ප්‍රවේශය September 26, 2006.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  60. "CM Punk's first ECW Championship reign". WWE. සම්ප්‍රවේශය June 14, 2008.
  61. "CM Punk's first World Heavyweight Championship reign". WWE. සම්ප්‍රවේශය June 30, 2008.
  62. "CM Punk's second World Heavyweight Championship reign". WWE. සම්ප්‍රවේශය June 9, 2009.
  63. "CM Punk's third World Heavyweight Championship reign". WWE. සම්ප්‍රවේශය August 23, 2009.
  64. "CM Punk's first WWE Championship reign". WWE. සම්ප්‍රවේශය July 17, 2011.
  65. "CM Punk's second WWE Championship reign". WWE. සම්ප්‍රවේශය November 20, 2011.
  66. "Punk and Kingston's first World Tag Team Championship reign". WWE. සම්ප්‍රවේශය October 28, 2008.
  67. "CM Punk's first Intercontinental Championship reign". WWE. සම්ප්‍රවේශය February 26, 2009.
  68. Clayton, Corey (March 30, 2008). "Perseverance makes Punk 'Mr. Money' in Orlando". WWE. April 5, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-03-12.
  69. Rote, Andrew (April 5, 2009). "Twice as nice for CM Punk". WWE. සම්ප්‍රවේශය January 30, 2011.
  70. Tylwalk, Nick. "Raw: CM Punk rises, Vince falls in Chicago". SLAM! Wrestling. Canoe.ca. සම්ප්‍රවේශය May 1, 2009. Canadian Online Explorer
  71. "2008 Slammy Awards". WWE. December 8, 2008. සම්ප්‍රවේශය January 28, 2009.
  72. "2009 Slammy Awards". WWE. December 14, 2009. සම්ප්‍රවේශය January 2, 2010.
  73. Adkins, Greg (December 13, 2010). "Saluting the Slammys". WWE. සම්ප්‍රවේශය January 30, 2011.
  74. "WWE.com Exclusive Slammy Awards 2011". WWE. සම්ප්‍රවේශය 2012-12-12.
  75. 75.0 75.1 Meltzer, Dave (January 27, 2010). "Feb. 1 2010 Observer Newsletter: 2009 Awards Issue, Possible biggest wrestling news story of 2010". Wrestling Observer Newsletter. සම්ප්‍රවේශය January 30, 2010.
  76. 76.0 76.1 76.2 76.3 Meltzer, Dave (January 30, 2012). "Jan 30 Wrestling Observer Newsletter: Gigantic year-end awards issue, best and worst in all categories plus UFC on FX 1, death of Savannah Jack, ratings, tons and tons of news". Wrestling Observer Newsletter. Campbell, CA. ISSN 1083-9593.
  77. Meltzer, Dave (January 23, 2013). "The 2012 Wrestling Observer Newsletter Annual Awards Issue". Wrestling Observer Newsletter. Campbell, California. ISSN 1083-9593.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සී.එම්._පන්ක්&oldid=593792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි