සීමාව (ගණිතය)
Jump to navigation
Jump to search
![]() |
සීමා[සංස්කරණය]
ගණිතයේදී සීමාව යන සංකල්පය, ශ්‍රීතයක ස්වායත්ත විචල්‍යය යම් ලක්ෂ්‍යයකට ආසන්න වන විට හෝ එය පදනම් රහිතව විශාල වීමේදී ශ්‍රීතයෙහි හැසිරීම විස්තර කිරීමට හෝ අනුක්‍රමයක අවයව, ඒවායේ දර්ශක අපරිමිතව විශාල වීමේදී හැසිරෙන ආකාරය විස්තර කිරීමට හෝ භාවිතා කරනු ලැබේ. සීමාව කලනය හා ගණිතමය විශ්ලේෂණෙය් අනෙක් අංශ වලදී ව්‍යුත්පන්න හා සන්තතිකතාව අර්ථ දැක්වීමටද යොදා ගනී.
ශ්‍රීතයක සීමාව යන සංකල්පය තවදුරටත් ස්ථලක ජාලයක් පිලිබද සංකල්පය දක්වා ව්‍යාප්ත වී ඇති අතර අනුක්‍රමයක සීමාව ප්‍රවර්ග වාදයේදී සීමාවට හා සෘජු සීමාවට ලඟ සබඳකම් දක්වයි.