සීක් අධිරාජ්‍යය
සීක් අධිරාජ්‍යය ਖ਼ਾਲਸਾ ਰਾਜ Khālsā Rāj | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1799–1849 | |||||||||||||||
ජාතික ගීය: Deg o Tegh o Fateh | |||||||||||||||
Ranjit Singh's Empire | |||||||||||||||
අගනුවර | Gujranwala (1799-1802) Lahore & Amritsar (1802-1849) | ||||||||||||||
පොදු භාෂාවන් | Administrative official: Persian Vernacular: Punjabi & Hindustani | ||||||||||||||
රජය | Federal monarchy | ||||||||||||||
Jathedar Maharaja | |||||||||||||||
• 1733-1735 | Nawab Kapur Singh | ||||||||||||||
• 1762-1783 | Sultan ul Quam Baba Jassa Singh Ahluwalia | ||||||||||||||
• 1801-1839 | Ranjit Singh Ji | ||||||||||||||
• June 1839-October 1839 | Kharak Singh | ||||||||||||||
• October 1839-November 1840 | Nau Nihal Singh | ||||||||||||||
• January 1841-September 1843 | Sher Singh | ||||||||||||||
• September 1843–March 1849 | Dalip Singh | ||||||||||||||
Maharaja² | |||||||||||||||
ඉතිහාසය | |||||||||||||||
• Death of General Baba Banda Singh Bahadur | 1799 | ||||||||||||||
1849 | |||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||
[convert: invalid number] | |||||||||||||||
ජනගහණය | |||||||||||||||
• 1849 ඇස්තමේන්තුව | 3 million[1] | ||||||||||||||
ව්‍යවහාර මුදල | Nanakshahi | ||||||||||||||
|
සීක් අධිරාජ්‍යය (1799 සිට 1849 දක්වා) සීක් සන්ධානය පාදක කොට ගෙන මහාරාජා රංජිත් සිං විසින් ආරම්භ කරන ලදී. අධිරාජ්‍යය බටහිර දෙසින් කාබුල් හා කන්දහාර් සිට කාශ්මීරය දක්වාද, උතුරු දෙසින්(ස්පර්ශ කරමින්) ටිබෙටයේ මායිම් දක්වාද, දකුණට ඉන්දු ගංගාව දක්වාද, නැගෙනහිරට වර්තමානයේ චීනයට අයත් ටිබෙට් ස්වාධින දේශය දක්වා විහිදුනි. අධිරාජ්‍යයේ ප්‍රධාන භූගෝලීය සාධකය වූයේ පන්ජාබයයි. (ඓතිහාසික පන්ජාබ් පලාත). සික් රාජ්‍යයේ ආගමික ප්‍රජා සංයුතිය වූයේ මුස්ලිම් (80%), හින්දු (10%) සහ සීක් (10%) වශයෙනි. වරෙක බලවත් රාජ්‍යයක් ව පැවති, මෙම රාජ්‍යය 1839දී මහාරාජා රංජිත් සිංගේ අභාවයත් සමග දරුණු ලෙස දුර්වල තත්ත්වයට පත් විය. දෙවැනි ඇන්ග්ලෝ-සීක් යුද්ධයෙන් පසු 1849දී බ්රි තාන්යු අධිරාජ්යටයේ සීමාවන්ට එකතු කිරීමෙන් පසු සීක් අධිරාජ්‍යයද අවසන් විය.
සීක් සන්ධානය පැවති සමයේ සීක් අධිරාජ්‍යයේ මූලාරම්භය 1707 තරම් කාලයක් ආපස්සට යන අතර අවුරන්සෙබ් ගේ අභාවයෙන් ආරම්භ වී මෝගල් අධිරාජ්‍යයේ පහත වැටීම දක්වා දිවෙන බව විස්තර වේ. මෝගල් අධිරාජ්‍යයේ පහත වැටීම නිසා දාල් කාල්සා නමින් හදුන්වන සීක් හමුදාවට මොගල් වරුන් හා ඇෆ්ගන්වරුන්ට විරුද්ධව වූ ගමනට අවස්ථාවක් ඇති විය. මෙය හමුදාවේ වර්ධනයට හේතු වූ අතර එය එකිනෙකට වෙනස් සන්ධාන වලට වෙන් වී පසුව ස්වාධීන රාජධානි වලට වෙන් විය. හමුදාවේ මෙම එක් එක් කොටස් මිස්ල් නමින් හැදින් වූ අතර ඒවා වෙනස් ප්‍රදේශ හා නගර පාලනය කරන ලදී. කෙසේ වෙතත් 1762-1799 දක්වා වූ කාලය තුල සීක් පාලකයින් රාජධානි තමන්ගේම කර ගත් තේය. විධිමත් සීක් අධිරාජ්‍යය ආරම්භ වූයේ 1801දී මහාරාජා රංජිත් සිං රාජාභිෂේකය ලබා දේශපාලන වශයෙන් එක්සත් අධිරාජ්‍යයක් ඇති කර සීක් සන්ධානය විසුරුවා හැරීමෙනි.
එක්සේසත් විම
[සංස්කරණය]ඓතිහාසික හැදින්වීම
[සංස්කරණය]1716 සිට 1799 දක්වා වූ කාල සීමාව දේශපාලනික වශයෙන් හා හමුදාමය වශයෙන් පන්ජාබයේ බොහෝ කලබලකාරී තත්ත්වයක් පැවති වකවානුවක් විය. මෙසේ වීමට හේතු වූයේ මෝගල් අධිරාජ්යලයේ පරිහානියයි. විශේෂයෙන් පන්ජාබයේ මොගල් අධිරාජ්යපයට විරුද්ධව සිදු වූ හමුදාමය ක්රිායාමාර්ග වේ. මේ නිසා ඇති වූ හිදැස සීක් සමාජය විසින් පිරවින. 19 වැනි සියවසේදී මෙම සීක් සන්ධානය නිරායාසයෙන්ම සීක් රාජධානියෙහි බලපෑමට යටත් වූ අතර තවමත් තදින් පැවති බව ඉතිහාසය පුරා දන්කට ඇත. බලන්න. හැදින්වීම Confederacy
භූ විද්‍යාත්මක පිහිටීම
[සංස්කරණය]මුල් සීක් අධිරාජ්‍යය හෙවත් පන්ජාබය වර්තමාන ඉන්දියාව හා පකිස්ථානය අතර මායිම්ව පිහිටි, කලාපයකි. “පුන්ජාබ්” හෙවත් “පන්ජාබ්” යන නම් පුන්ජි/පන්ජි (punji/panji) හා ඇබ් (Ab) “පහ” සහ “වතුර” යන තේරුම් ඇති පර්සියානු වචන වලින් සෑදුනකි. මෙම වචන දෙක එකට එකතු කිරීමෙන් ඇති වන වචනයෙහි අර්ථය “ ගංගාවන් පහේ භූමිය” “The land of five rivers” යන්න වේ. එයට හේතු වූයේ අවුරුදු 3000කට පෙර විනාශයට පත් වී ගිය ඉන්දු නිම්න ශිෂ්ටාචාරට මුල් වූ ඉන්දු ගංගාවේ අතු ගංගාවන් පහ වන “බීස්” (Beas), “රවී” (Ravi), “සූට්ලෙජ්” (Sutlej), “චේනබ්” (Chenab) සහ ජේලුම් (Jhelum) පන්ජාබයේ පිහිටා තිබීමය. පන්ජාබයට දීර්ඝ ඉතිහාසයක් හා සංස්කෘතික උරුමයක් ඇත. රටේ ජනතාව පන්ජාබීන් වශයෙන් හදුන්වන අතර ඔවුන් කථාකරන භාෂාව පන්ජාබී ලෙස හැදින්වේ.
සීක් සන්ධානය (1716-1977) සිටු වරුන් විසින් පාලනය කළ කුඩා හා මධ්යබම පරිමානයේ නිදහස් සෛවරී පන්ජාබී සීක් රාජ්යතයන් ගේ එකතුවකි. ඒවා දේශපාලන වශයෙන් ලිහිල් සම්න්ධතාවයකින් බැදුනු අතර සංස්කෘතික හා අගමීක වශයෙන් තද බැදීමක් විය. මේවායෙහි විස්තර වාර්තා අම්රිස්තාර් හා ලාහෝර් වල තබා තබුනි. සික් හමුදාවේ (ඩාල් කල්සා Dal Khalsa) වැඩීමත් සමග පාලනයට නව කලාපයන් ඇති වී සික් සිටු වරුන් ඉදිරියට ස්මෙන් මිස්ල්ස් සංඛ්යා්ව ඉබේම 12 දක්වා වැඩි විය. (70,000 Cavalry). මහා රාජා රංජිත් සිං මහා රාජා විසින් සීක් සන්ධානය පාදක කර ගෙන සීක් අධිරාජ්යලය (1799-1849) බිහි කරන ලදී.
අධිරාජ්‍යයේ අවසානය
[සංස්කරණය]අධිරාජ්‍යයාගේ මරණයෙන් පසු අභ්යඇන්තර බෙදීම් හා දේශපාලන වශයෙන්වූ අවිධාමත් කළමනාකරණය නිසා රාජ්‍ය බොහෝ දුර්වල විය. මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගන්නා ලද බ්‍රිතාන්‍ය අධිරාජ්යයය ඇන්ග්ලෝ-සීක් යුද්ධයේ පළමු පියවර දියත් කරන ලදී. 1849 දෙවන ඇන්ග්ලෝ-සීක් යුදුධයෙන් පසු බ්රි තාන්යො අධිරාජ්යළය විසින් අන්තිමේදී සීක් අධිරාජ්ය්ය අල්ලා ගන්න ලදී.
සටහන්
[සංස්කරණය]|Sikh Empire - Unification[permanent dead link] |-
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Heath2005
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි