සි.ටී ස්කෑන් (Computed tomography)

විකිපීඩියා වෙතින්

සි.ටී ස්කෑන් ක්‍රමය යනු සිරුරේ තෝරාගත් තලයක විස්තර දැක්වීමේ විකිරණ ක්‍රම වේදය (Tomography) භාවිතයට ගැ‍ෙනන වෛද්‍ය විද්‍යාවේ එක් ප්‍රතිරූපණ ක්‍රමයකි. මෙහිදී තනි අක්ෂයක් වටා භ්‍රමණය වන ද්විමාන එක්ස් කිරණ සමුහයක් මගින් අදාල රෝගියාගේ දේහ අභ්‍යන්තරය පිළිබදව ත්‍රිමාන ප්‍රතිබිම්භයක් ලබාගැනීම සදහා ඩිජිටල් ක්‍රමය යොදා ගැනේ. Tomography යන වදන ග්‍රීක භාෂාවෙන් පෙත්තක් යන තේරුම් ඇති tomos යන්නෙන් ද ලිවීම යන තේරුම ඇතිව graphein යන්නෙන් ද නිර්මාණය වී ඇත.

සි.ටී ස්කෑන් ක්‍රමය මුලින්ම හැදින්වූයේ EMI ස්කෑන් යන නමින් වන අතර එය ඇති වූයේ සංගීතය හා පටිගත කිරීම සදහා ප්‍රසිද්ධ EMI පරික්ෂණයේ ශාඛාවක් ලෙසටය. එය පසුකාලීනව Computed axial tomography සි.ටී ස්කෑන් ලෙස හැදින්‍ වේ.

සි.ටී. ක්‍රමයේදී ඉතා විශාල දත්ත ප්‍රමාණයක් මෙහෙය විය හැකි ක්‍රමෝපායක් ඇති අතර මෙහිදී එක්ස් කිරණ කදම්භයක් අවහිර කිරීමට ඇති හැකියාව මගින් විවිධ කොටස් නිරූපණය කරනු ලැබේ. අතීතයේදී මෙහිදී ලබාදුන් ප්‍රතිබිම්භ අක්ෂීය හෝ හරස්තල වල ඒවා වු අතර නුතන ස්කෑන් උපකරණ මගින් මෙම දත්ත විවිධ තල ඔස්සේ හෝ ත්‍රිමාණව දර්ශනය කරගත හැකිය.

සි.ටී ස්කෑන් ක්‍රමය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බහුලව දක්නට ලැබුණ ද වෙනත් ක්ෂේත්‍රයන්හි ද දක්නට ලැබේ. උදාහරණ ලෙස විනාශ කළ නොහැකි ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී සහ University of Texas at Austin හි DigiMorph නම් ව්‍යාපෘතියේදී ජීව විද්‍යාත්මක සහ පාෂාණ ධාතුවිද්‍යාත්මක නිදර්ශක අධ්‍යයනය සදහා සි.ටී ස්කෑන් ක්‍රමය යොදා ගන්නා ලදී.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Computed_tomography

"https://si.wikipedia.org/w/index.php?title=සි.ටී_ස්කෑන්_(Computed_tomography)&oldid=472641" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි