සිහල හා දමිළ අලුත් අවුරුද්දේ, පෙර වදන,

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ශක රජුගේ මෞලිය මන්ගල්ය ක්‍රි.ව 78 දී පමණ සිදුව ඇති අතර මේ වකවානුව ශ්‍රක යුගයේ ආරම්භය ලෙස ඉන්දියන් ඉතිහාසය සාක්ෂි දරය්. මෙම මන්ගල්ය සමරීම වස් හින්දු ජාතිකයන් සූර්යයාගේ මීන රාශියේ සිට මේශ රාශියට සන්ක්‍රමනය වීම් පදනම් කොට නව වසරක කාල මානය සම්මතයක් කොට ගෙන ඇත. සෘතු අනුවද අස්වනු නෙලීමෙන් අනතුරුව අ‍ටුකො‍ටු පිරුණු කාලයක් වන බැවින්ද ශ්‍රක රජු සමයේ ඉන්දියාව සෞභාග්යයෙන් පිරුණු යුගයක් වු බැවින්ද මෙම සමය උත්සව සමය ලෙස පවතීමට හේතු සාධක වු බව පෙනේ.

ඉන්දියාවෙන් ලද අභාෂය තුලින් ස්‍රි ලන්කාව තුලද සෘතු ක්‍රමයට මෙම සමය හොදින් ගැලපුනු බැවින්, සින්හල හින්දු අලුත් අවුරුද්ද මෙහි ස්ථාපිත වු බව පෙනේ. කෙසේ වුවද පෙරදිග ආසියනු රටවල විවිධ නම් වලින් මෙම වසර නම් කෙරේ. "සොන්ක්‍රාන්ත්" ලෙසින් තය්ලන්තයද, " උග්යෙන් මින්ලේ දොයො" ලෙසින් ටිබෙට් රටද මෙම නව වසර උත්සව ස්‍රියෙන් පවත්වය්.

එදිනෙදා කටයුතු වල නව පටන්ගැන්මක්, සුභදායි අපේක්ශා මත, නක්ශත්‍රානුකූලව පටන් ගැන්ම මෙහිදී කැපී පෙනේ. සමාජ සම්මත තහන්චි වලට මද බුරුලක් ලබා දෙමින් තරුණ තරුණියන් එක්ව උත්සව කටයුතු වලට සහභගි වීම දාදු, පන්ච වැනි ක්‍රීඩා වල යෙදීම රබන් වාදනය, කණ්ඩායමක් ලෙස සාමූහිකව වසර පටන් ගැන්ම මෙහිදී දක්නට ලැබෙන සුවිශේෂ සන්කල්ප වේ...