සිස්-ට්‍රාන්ස් සමාවයවිකතාව

විකිපීඩියා වෙතින්
සිස්-බියුට්-2-ඊන්
ට්‍රාන්ස්-බියුට්-2-ඊන්

කාබනික රසායන විද්‍යාවෙහි, සිස්/ට්‍රාන්ස් සමාවයවිකතාව (ජ්‍යාමිතික සමාවයවිකතාව, වින්‍යාස සමාවයවිකතාව, හෝ / ඉසෙඩ් සමාවයවිකතාව ලෙසින්ද හැඳින්වේ) යනු අණුවක් තුල ක්‍රියාකාරී කාණ්ඩයන්හී දිශානතිය විස්තර කෙරෙන ත්‍රිමාණ සමාවයවිකතා ස්වරූපයකි. සාමාන්‍ය වශයෙන්, එවැනි සමාවයවිකයන් වෙත, භ්‍රමණය විය නොහැකි, ද්විත්ව බන්ධන අඩංගු වන මුත්, බන්ධනයන්හි භ්‍රමණය අතිශයින් සීමා කෙරුණු, වලය ව්‍යුහයන් වෙතින්ද ඒවා පැන නැගිය හැක. කාබනික අණු සහ අකාබනික සමායෝජන සංකීර්ණයන් තුල සිස් සහ ට්‍රාන්ස් සමාවයවිකයන් ඇති විය හැක.

සිස් සහ ට්‍රාන්ස් යන පද බිඳී විත් ඇත්තේ ලතින් භාෂාවෙන් වන අතර, එහිදී සිස් යන්නෙහි අර්ථය "එකම පැත්තේ" යන්න සහ ට්‍රාන්ස් යන්නේ අර්ථය "අනෙක් පැත්තේ" හෝ "හරහා" යන්නයි. අයියූපීඒසී විසින් "ජ්‍යාමිතික සමාවයවිකතාව" යන පදය සැලකෙන්නේ "සිස් / ට්‍රාන්ස් සමාවයවිකතාව" සඳහා අභාවිත පර්යාය පදයක් ලෙසිනි. [1] සාමාන්‍ය ත්‍රිමාණ සමාවයවිකයතාව සඳහාද පර්යාය පදයක් ලෙස මෙය සමහර විට භාවිතා වෙයි (නිද. ප්‍රකාශ සමාවයවිකයතාව ජ්‍යාමිතික සමාවයවිකයතාව ලෙසින් හැඳින්වෙයි); ප්‍රකාශ-නොවන ත්‍රිමාණ සමාවයවිකයතාව සඳහා නිවැරැදි පදය වන්නේ පාරත්‍රිමාන සමාවයවිකතාව යන්නයි.

කාබනික රසායන විද්‍යාවෙහි[සංස්කරණය]

ආදේශක කාණ්ඩ එකම පැත්තට දිශානති වී ඇතනම්, පාරත්‍රිමාන සමාවයවිකය හැඳින්වෙන්නේ සිස් ලෙසින් වන අතර, අනෙක් අතට, ආදේශකයන් ප්‍රතිවිරුද්ධ දිශාවන්ට දිශානතව ඇත්නම්, පාරත්‍රිමාන සමාවයවිකය හැඳින්වෙන්නේ ට්‍රාන්ස් ලෙසිනි. සිස්/ට්‍රාන්ස් සමාවයවිකතාව පෙන්නුම් කරන කුඩා හයිඩ්‍රොකාබනයකට නිදසුනක් වන්නේ 2-බියුටීන් වෙයි.

ඇලිචක්‍රීය සංයෝගයන් මගින්ද සිස්/ට්‍රාන්ස් සමාවයවිකතාව පෙන්නුම් කිරීමට හැකියාවක් ඇත. වලය ව්‍යුහයක් නිසා ඇතිවන ජ්‍යාමිතික සමාවයවිකයකට නිදසුනක් වශයෙන්, 1,2-ඩයික්ලෝරොසයික්ලොහෙක්සේන් සලකන්න:

ට්‍රාන්ස්-1,2-ඩයික්ලෝරොසයික්ලොහෙක්සේන් සිස්-1,2- ඩයික්ලෝරොසයික්ලොහෙක්සේන්

භෞතික ගුණාංග සංසන්දනය[සංස්කරණය]

සිස් සහ ට්‍රාන්ස් සමාවයවික බොහෝ විට වෙනස් භෞතික ගුණාංග සහිත වෙති. සමාවයවික අතර වෙනස්කම්, සාමාන්‍ය වශයෙන්, පැන නගින්නේ අණුවෙහි හැඩයෙහි වෙනස්කම් නිසා හෝ සමස්ත ද්විධ්‍රැව ඝූර්ණය නිසාවෙනි.

සිස්-2-පෙන්ටීන් ට්‍රාන්ස්-2- පෙන්ටීන්
සිස්-1,2-ඩයික්ලෝරොඑතීන් ට්‍රාන්ස්-1,2- ඩයික්ලෝරොඑතීන්
සිස්-බියුටීන්ඩයොයික් අම්ලය
(මලීයෙක් අම්ලය)
ට්‍රාන්ස්- බියුටීන්ඩයොයික් අම්ලය
(ෆියුමැරික් අම්ලය)
ඔලෙයික් අම්ලය එලායිඩික් අම්ලය

2-පෙන්ටීන් වැනි සෘජු-දාම ඇල්කීන වල තාපාංකය, සිස් සමාවයවිකය සඳහා 37°C හා ට්‍රාන්ස් සමාවයවිකය සඳහා 36°C ක් වන බව සැලකූ කල, මෙම වෙනස් කම් ඉතා කුඩා විය හැකි බවක් පෙනේ. [2] ධ්‍රැවීය බන්ධන පවතියි නම් සිස් සහ ට්‍රාන්ස් සමාවයවික අතර වෙනස්කම් විශාල විය හැකි වන්නේ, 1,2-ඩයික්ලෝරොඑතීන් වල මෙනි. මෙම අවස්ථාවෙහිදී සිස් සමාවයවිකය සඳහා තාපාංකය 60.3°C වන අතර, ට්‍රාන්ස් සමවයවිකය සඳහා තාපාංකය 47.5°C වෙයි. [3] සිස් සමාවයවිකයේ ධ්‍රැවීය C-Cl බන්ධන ද්විධ්‍රැව ඝූර්ණ දෙක එක්ව අණුක ද්වීධ්‍රැව ඝූර්ණයක් ලබාදෙමින් ඇතිකරලන, අන්තර්-අණුක ද්විධ්‍රැව–ද්විධ්‍රැව බල (හෝ කේසොම් බල) ලන්ඩොන් අපකිරණ බල වලට එක් වෙමින් තාපාංකය ඉහළ නංවයි. අනෙක් අතට, ට්‍රාන්ස් සමාවයවිකයෙහි මෙය සිදු නොවන්නේ, C-Cl බන්ධන ඝූර්ණ දෙක එකිනෙකට අවලංගු වන අතර අණුව සතුව ශුද්ධ ශුන්‍ය ද්විධ්‍රැවයක් (කෙසේවෙතත් එය සතුව ශුන්‍ය නොවන චතුර්ධ්‍රැවයක් පවතියි) ඇති වන බැවිනි.

බියුටීන්ඩයොයික් අම්ලයේ සමාවයවික දෙකෙහි ගුණාංග සහ ප්‍රතික්‍රියකතාවන් අතර මහත්වූ වෙනස් කම් ඇති අතර ඒවා සඳහා මුළුමණින් වෙනස්වූ නම් පවා යොදා ඇත. සිස් සමාවයවිකය හැඳින්වෙන්නේ මැලෙයික් අම්ලය ලෙසින් වන අතර ට්‍රාන්ස් සමාවයවිකය හැඳින්වෙන්නේ ෆියුමරික් අම්ලය ලෙසිනි. සාපේක්ෂ තාපාංකය නිර්ණය කිරීමේදී තීරකය වන්නේ ධ්‍රැවීයතාව වන අතර, එසේ වන්නේ එය විසින් අන්තර්-අණුක බල ඉහළ නංවා තාපාංකයද ඉහළ නංවන නිසාය. එම ආකාරයෙන්ම, සාපේක්ෂ ද්‍රවාංකය සඳහා තීරකය වන්නේ සමමිතිය වන්නේ, එය විසින් අණුවෙහි ධ්‍රැවීයතාව වෙනස් නොකලද, ඝන අවස්ථාවෙහි වඩාත් හොඳ ඇසුරුමක් සහා ඉඩ සලසන බැවිණි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "අයියූපීඒසී ගෝල්ඩ් බුක් - ජියෝමෙට්‍රික් අසිසොමරිසම්". Goldbook.iupac.org. 2009-09-07. සම්ප්‍රවේශය 2010-06-22.
  2. "කෙමිකලන්ඩ් වැල්‍යුස්". Chemicalland21.com. සම්ප්‍රවේශය 2010-06-22.
  3. CRC හෑන්ඩ්බුක් ඔෆ් කෙමිස්ට්‍රි ඇන්ඩ් ෆිසික්ස්, 60වන සංස්කරණය (1979-80), පි.C-298