සිවිල් ජනතාව ඝාතනය කිරීම.

විකිපීඩියා වෙතින්


කෙන්ට් සහ ඩොලර් ෆාම් ඝාතනය. කෙන්ට් සහ ඩොලර් ෆාම් ඝාතනයන් L.T.T.E ය විසින් ශ්‍රී ලංකා යුද්ධයේදී සිංහල සිවිල් වැසියන් ඝාතනය කිරීමේ මුල් අවස්ථාවන් වලින් එකකි. 1984 නොවැම්බර් 30 දින ඊසාන දිග ශ්‍රී ලංකාවේ මුලතිව් දිස්ත්‍රික්කයේ කුඩා ගොවිපල ගම්මාන දෙකක මෙම මනුෂ්‍ය සංහාරයක් සිදු විය. ඊසාන දිග ලංකාව දමිළ නිජබිම බවය. එහෙයින් 1980 දී ඔවුන් ජන වර්ග ශුද්ධ කිරීමේ ව්‍යාපාරය ආරම්භ කල බවත් L.T.T.E ය ප්‍රකාශ කර සිටියහ. ලංකාවේ උතුරු නැනෙහිර පළාත් ජන වාර්ගික වශයෙන් පිරිසිදු කිරීම අරඹයා L.T.T.E ය විසින් කරන ලද අප්‍රමාණ ජනතා සංහාරයන්හි ප්‍රතිඵලයක් ලෙස එම පළාත් වල ජීවත් වූ සිංහල හා මුස්ලිම් ජනයාගේ ජීවිත හා දේපළ විනාශ වීමෙන් එම ජනතාව මහත් සේ පීඩා වින්දාහ.

අනුරාධපුරයේ මිනිස් සංහාරය 1985 දී L.T.T.E ය විසින් අනුරාධපුරයේ දී කළ මිනිස් සංහාරයේදී ගැහැණු ළමයින් ඇතුළු 146 දෙනෙක් ඝාතනයට ලක්වූහ. L.T.T.E ය අනුරාධපුර ප්‍රධාන බස් නැවතුම් පලට ඇතුළු වී ස්වයංක්‍රීය ආයුධ වලින් ඉවක් බවක් නැතිව සිදු කළ වෙඩි තැබීම් වලින් බස් රථ එන තෙක් බලාසිටී ස්ථානයේ මහජනතාව මැරුම් කෑහ. සමහරෙක් තුවාල ලැබූහ. මෙම සිදුවීම් සැලසුම් කළේ දෙමළ ජනතාවගේ දරුණු ලෙස පළිගැනීමට සිංහල මහ ජාතිය ප්‍රකෝප කිරීමයි. ඒ තුළින් දෙමළ ජනතාව අතරේ L.T.T.E යේ තත්ත්වය වඩාත් ශක්තිමත් කිරීමේ අදහස ඇතිවයි.

L.T.T.E ය ආසපු යෑමට පළමු ඔව්හු විල්පත්තු ජාතික වනොද්‍යානයට කඩා වැදී එහි සේවය කළ සිංහලයින් 18 දෙනෙක් මරා දැමුහ.

http://en.wikipedia.org/wiki/Eelam_War_I#Civilian_killings


References[සංස්කරණය]