සිරියාවේ රසායනික අවි වැඩසටහන

විකිපීඩියා වෙතින්

1970 ගණන් වලදී ඊජිප්තුවෙන් සහ සෝවියට් සංගමයෙන් අවි සහ පුහුණුව සැපයීමත් හා සමගම සිරියාවේ රසායනික අවි වැඩසටහන ඇරඹුනු අතර, සිරියාව තුල රසායනික අවි නිපැයීම 1980 ගණන් වල මැද භාගයේදී ඇරඹිණි. 2013 සැප්තැම්බර මසදී රසායනික අවි සම්මුතිය (විධිමත් ලෙස එක්වීම ඔක්තොම්බර් 14 දිනදී සිදුවිය) හා සිරියාව එක්වූ අතර, සම්මුතියෙහි අවශ්‍යතාවය ප්‍රකාර, රසායනික අවි වාරණ සංවිධානයෙහි අධීක්ෂණය යටතේ, එහි අවි සංහරණය කෙරුමට එකඟ විය. සංහරණ ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා ඕපීසීඩබ්-එක්සත් ජාතීන් ඒකාබද්ධ මෙහෙයුමක් පිහිටුවන ලදි. සම්මුතිය අපරානුමත නොකළ රාජ්‍යයන් අතලොස්ස අතුරින් සිරියාව එක් රාජ්‍යයක් වූ අතර, සිරියානු රජය විසින් එය පිළිබඳ වගකිවයුතු බව බටහිර රාජ්‍යයන් විසින් (එනමුදු සිරියාව හා රුසියාව විසින් තරයේ ප්‍රකාශ කෙරුණේ සිරියානු සිවිල් යුද්ධයේ සිරියානු කැරැළිකරුවන් එයට වගකිවයුතු බවයි) තරයේ ප්‍රකාශ කෙරුණු 2013 අගෝස්තු ගූටා රසායනික ප්‍රහාරය වෙත ජාත්‍යන්තර දෝෂාරෝපණය එල්ලවීමෙන් පසුව සම්මුතිය හා එක් විය. රසායනික අවි තමන් සතු බවට, සැප්තැම්බර් මසට පෙර සිරියාව විසින් ප්‍රසිද්ධයේ පිළිනොගත් මුත්, බටහිර රහස් තොරතුරු සේවාවන් විසින් විශ්වාස කළේ එය සතුව ලෝකයේ විශාලතම සංචිතයන් තිබූ බවයි. [1] 2013 සැප්තැම්බර් මාසයේදී, ප්‍රංශ රහස් තොරතුරු සේවාව විසින් අදහස් දැක්වූයේ සිරියානු සංචිතය ටොන් 1,000 වූ අතර, එයට යිපිර්ට්, වීඑක්ස් සහ " සාරින් ටොන් සිය ගණනක්ද" අයත් වූ බවයි.[2]


ආශ්‍රිත[සංස්කරණය]

  1. කොංග්‍රස් පර්යේෂණ සේවාව, 12 සැප්තැම්බර් 2013, සිරියාස් කෙමිකල් වෙපන්ස්: ඉෂූස් ෆො කොංග්‍රස්
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; frenchInt13 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි