සිරිමේඝවන්

විකිපීඩියා වෙතින්

303–331 CE කීර්ති ශ්‍රී මේඝවර්ණ මහසෙන් රජුගේ එකම පුත්‍රයා ය. මොහු කිත්සිරිමෙවන් ලෙසද හඳුන්වයි. මහසෙන් රජුගෙන් පසු මෙම කුමාරයා ලංකාවේ රජවිය.

කිත්සිරි මෙවන් රජතුමා බුද්ධ ශාසනයේ දියුණුවට කළ කටයුතු අතර කිහිපයක්:

දළදාව වැඩමවා පෙරහැර ආරම්භය.

අද ඉසුරුමුණි විහාරයේ (එකල මේඝගිරි විහාරය) දළදාව වඩා හිඳුවා පුද පූජා කිරීම.

බුදුන්වහන්සේගේ ජලසාටිකා ධාතූන් වහන්සේ - නානකඩය තැන්පත්කර එගොඩ කැලණිය විහාරය කරවීම (සිරිපතුලක් ඇත).

වැල්බෝධිය- භාවනා සඳහා ප්‍රසිද්ධ

පියා මහසෙන් කඩා තිබූ මහාවිහාරය සහ ලෝවාමහාපාය නැවත ප්‍රතිසංස්කරණය.

ලෝක තැන්පතු සහ කළමනාකරණයේ බැංකු ක්‍රමය ගැන පැරණිත ම ලියවිල්ල වන තෝනිගල සෙල්ලිපියට අනුව ධාන්‍ය බැංකු ඇතිකර බුදු සසුණේ වැඩිම පිරිසක් අසා සෝවාන්වූ බව සඳහන්වන අරියවංශ සූත්‍රදේශනාවට අනුග්‍රහය දැක්වීම.

"https://si.wikipedia.org/w/index.php?title=සිරිමේඝවන්&oldid=627544" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි