සිමේරියානුවෝ

විකිපීඩියා වෙතින්

සිමේරියානුවෝ (ග්‍රීක: Κιμμέριοι) යනු, ක්‍රිපූ 1300[1] තරම් ඈත අතීතයේ සිට සිට, ක්‍රිපූ 8 වන සියවසෙහිදී සිතියානුවන් විසින් දකුණු දෙසින්වූ ඇනටෝලියාවට ඔවුන් පලවා හරන තෙක්, කෝකසස් පෙදෙසට සහ ඈසෝෆ් මුහුදට උතුරින් ජීවත්වූ, පුරාතන ඉන්දු-යුරෝපියානු ජන කොට්ඨාශයකි. භාෂාමය වශයෙන්, ඔවුන් හැඳින්වෙන්නේ ඉරානියානු ලෙසින් හෝ, සමහරවිට ඉරානියානු පාලන පන්තියක් සහිත ත්‍රේෂනියානු ලෙසිනි.

පොන්ටික් ස්ටෙප්ස් තණබිම් පෙදෙසෙහි සිට ඔවුන්ගේ නිර්ගමනයෙන් පසුව, ක්‍රිපූ 714දී පමණ, සිමේරියානුවෝ උරාතු වෙතට පහර එල්ල කල මුත්, වසර 705දී ඇසිරියාවේ දෙවන සැරගෝන් රජ විසින් පළවා හරිනු ලැබීමෙන් පසුව, ඔවුන්ගේ අවධානය ඇනටෝලියාව වෙත යොමුවූ අතර, වසර 696–695 දී ෆ්‍රිජියා යටත් කර ගත්හ. වසර 652දී, ලිඩියාවේ අගනගරය වූ සාර්ඩීස් යටත් කරගැනුමෙන් අනතුරුව, ඔවුහූ බලයෙහි මුදුන් හිණි පෙත්තට නැංගාහ. ඔවුන්ගේ අවනතිය විගසින් ඇරඹුනු අතර, ලිඩියාවේ අලියාටීස් විසින් වසර 637 හෝ 626 දී ඔවුන් පරාජය කිරීම, ඔවුන්ගේ අවසන් පරාජය ලෙසින් සටහන්වී ඇත. ඉන්පසුව, ඓතිහාසික මූලාශ්‍රයන්හි ඔවුන් සඳහන් නොවන අතර, බොහෝවිට කැපඩෝකියා ප්‍රදේශයෙහි පදිංචි වන්නට ඇත.[2]

සටහන්[සංස්කරණය]

  1. ගෝර්ඩන්, බෲස්. "රෙගනල් ක්‍රොනොලොජීස්". සම්ප්‍රවේශය 8 මැයි 2013.
  2. "සිමේරියන් (ජනයා)". එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 8 සැප්තැම්බර් 2012.
"https://si.wikipedia.org/w/index.php?title=සිමේරියානුවෝ&oldid=290012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි