සිපොයි කැරැල්ල
යුරෝපා බල ව්‍යාප්තිය ඉන්දියාවට ද බලපෑ අතර ක්‍රි.ව. 1498 වනවිට මුළු ඉන්දියාවේ ම විශාල ප්‍රදේශයක බලය පිහිටුවා ගැනීමට බ්‍රිතාන්‍යයෝ සමත් වූහ. මෙහිදී පළමුවෙන් ම ඉන්දියාව පාලනය කළේ පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම විසිනි. ඔවුන්ගේ දැඩි පාලනයට එරෙහිව ඉන්දීය ජනතාව තුලින් කැරැලි හට ගත්තේය. එහිදී ඇතිවූ බිහිසුණු ම කැරැල්ල වූයේ මෙම හමුදා කැරැල්ල හෙවත් සිපොයි කැරැල්ල යි.
මෙය ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරයේ අඩිතාලම යි.
හේතුවූ සාධක
[සංස්කරණය]ක්‍රි.ව. 1857 කැරැල්ලට හේතුවූ සාධක දේශපාලන, ආර්ථික, සමාජයීය, හා යුඬමය ලෙස බෙදා දැක්විය හැක. ඒවා නම්,
- ඉංග්‍රීසීන් ඉන්දියාවේ ප්‍රදේශ ඈඳාගැනීමේදී අනුගමනය කළ අත්තනෝමතික ප්‍රතිපත්ති ගැන කළකිරීම
- ඉන්දියානු නායකයන් නිගරුවට පත්කිරීම.
- දුම්රිය, තැපැල් සේවා මගින් ප්‍රාන්ත තුල ආවේණිකව බැවති හුදකලා බව නැතිවී බටහිරකරණය වීම.
- බ්‍රිතාන්‍ය පාලකයන් ක්‍රිස්තියානි මිෂනාරීන්ට උදව් දීම.
- ඉන්දියාවේ සම්පත් බ්‍රිතාන්‍යයට ගෙන යාම.
- ඉන්දියාවේ අවශ්‍යතා නොසලකා හැරීම.
- ඇෆ්ගනිස්ථානය වැනි බ්‍රිතාන්‍යයින්ගේ අන් යටත් විජිතවල පැවැති යුඬමය තත්ව.
මර්දනය
[සංස්කරණය]ක්‍රි.ව. 1857 මැයි 10 දින ඇරැඹි මෙම කැරැල්ල ඉතා දරුණු ලෙස මර්දනය කෙරිණි. ඊට මාස 15ක් පමණ ගතවිය.
අසාර්ථක වීමට බලපෑ සාධක
[සංස්කරණය]මෙය අසාර්ථක වීමට අභ්‍යන්තරික ගැටළු රැසක් හේතුවිය.
- සැලැස්මක් නොතිබීම.
- සාමාන්‍ය ජනතාවගේ සහාය නොලැබීම.
- මනා නායකත්වයක් නොතිබීම.
- ධනය හා සේනාබලය හිමි ප්‍රභූවරුන් මේ කැරැල්ලට සහාය නොදීම.
- පොදු අරමුණක් නොතිබීම.
- බ්‍රිතාන්‍යයන් අනුගමනය කළ උපායශීලී ක්‍රියාමාර්ග.
- ඉංග්‍රීසි හමුදාවට මුහුණදීමට අවශ්‍ය තරම් අවි අයුධ නොමැතිවීම.
ප්‍රතිඵල
[සංස්කරණය]මෙම කැරැල්ලේ වැදගත් ම ප්‍රතිඵලය වූයේ, බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම යටතේවූ පාලනය අවසන් කොට ඉන්දියාව බ්‍රිතානය කිරීටය යටතට පත්කිරිමයි. මෙය ක්‍රි.ව.1858 අගෝස්තු 02 දින සම්මත කරගත් ඉන්දියානු ආණ්ඩු පනත මගින් සිදුකෙරිණි.
- බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන් මෙම කැරැල්ල උපහාසයෙන් සැලැකූව ද ඉන්දියාව සලකන්නේ නිදහස් අරගලයේ වැදගත් සන්ධිස්ථානයක් වශයෙනි.