සිග්මන්ඩ් ෆ්‍රොයිඩි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සිග්මන්ඩ් ප්‍රොයිඩ්
සිග්මන්ඩ් ප්‍රොයිඩ්, by Max Halberstadt, 1921
උපත සිග්මන් ස්කෝල්මෝ ෆ්‍රොයිඩ්
6 මැයි 1856(1856-05-06)
ප්‍රියිබර්ග්, මොරාවියා, Austrian Empire (වර්තමානයේ චෙක් රෙපබ්ලික්)
විපත 23 සැප්තැම්බර් 1939 (වයස 83)
ලන්ඩන්, එංගලන්තය, එක්සත් රාජධානිය
පදිංචිය ඕස්ට්‍රියා, එක්සත් රාජධානිය
ජාතිකත්වය ඕස්ට්‍රියානු
ක්ෂේත්‍රය Neurology
Philosophy
Psychiatry
Psychology
Psychotherapy
Psychoanalysis
Literature
ආයතන University of Vienna
ඉගෙනීම ලත් ශාස්ත්‍ර ශාලාව University of Vienna
ප්‍රසිද්ධ වන ක්ශේත්‍රය Psychoanalysis
බලපෑම Breuer, Charcot, Darwin, Dostoyevsky, Goethe, Haeckel, Hartmann, Jackson, Kant, Mayer, Nietzsche, Shakespeare, Schopenhauer, Sophocles, J.P. Jacobsen
ආභාෂය ලැබුවේ John Bowlby
Viktor Frankl
Anna Freud
Ernest Jones
Carl Jung
Melanie Klein
Jacques Lacan
Fritz Perls
Otto Rank
Wilhelm Reich
Stanley Kubrick
සංගණ්ය ත්‍යාගයන් Goethe Prize
අත්සන

සිග්මන්ඩ් ප්‍රොයිඩ් යනු ඕස්ට්‍රියානු ජාතික ස්නායු විද්‍යාඥ සහ මනෝ චිකිත්සකයෙකි. මොහු විසින් මනෝ විද්‍යාවේ සඳහා වූ මනෝ විශ්ලේෂණ ක්ෂේත්‍රය සඳහා පුරෝගාමී විය. ප්‍රොයිඩ් ආවේනික මනස සහ අවරෝධනය සඳහා ආරක්ෂණ යාන්ත්‍ර සඳහා වන න්‍යායන්වලට ප්‍රසිද්ධාත්වයක් උසුලයි. තවද ලිංගිකත්වය සඳහා ආශාවන් මිනිසාගේ ප්‍රාථමික අභිප්‍රේරණ ශක්තියක් ලෙස ද ප්‍රකාශ කොට ඇත. තවද මොහු රෝග ප්‍රතිකර්ම සම්බන්ධතාවයක් තුළ ඇතිවිය හැකි සංක්‍රමණය පිළිබඳ ද, සිහිනයන් අචේතනික මනස තුළ ඇති ආශාවන් පිළිබඳ තොරතුරු පෙන්වන දර්ශනයක් ලෙස ද සෛද්ධාන්ත බිහි කරන ලදී.

ප්‍රොයිඩ් මනෝ විශ්ලේෂණයේ පියා ලෙස ප්‍රසිද්ධ වී ඇති අතර තවද ඔහුගේ කාර්යයන් නිසා අචේතනික මනස , ඉඩිපස් සංකීර්ණය , ආරක්ෂණ යාන්ත්‍රණ , ප්‍රොයිඩිය Slips, ඔහු විසින් සාහිත්‍යය, සිනමාකරණය, මාක්ස්වාදය සහ ස්ත්‍රිත්වය පිළිබඳ න්‍යායන් සහ මනෝ විද්‍යාව යන විවිධ ක්ෂේත්‍රයන් හි දිගු කල් පවත්නා බලපෑම් ඇති කොට ඇත. ඔහුගේ ජීවිත කාලය තුළ බොහෝ ලෙස විවේචනාත්මක චරිතයක් වූ ප්‍රොයිඩ් තවදුරටත් විවාදාත්මක චරිතයක් වෙමින් ඔහුගේ මතයන් මතභේදයන්ට තුඩු දෙමින් පවතී.

ළමා කාලය හා අධ්‍යාපනය[සංස්කරණය කරන්න]

සිග්මන් ෆොයිඩ් 1856 මැයිමස 6 වන දින ඔස්ට්‍රියාවේදී උපත ලැබීය ඔහුගේ පියා ජැකොබ් ෆොයිඩ් නම් විය ඔහු නූල් වෙළෙන්දෙකු විය ෆොයිඩ්ගේ මව අමාලියා නම් වූවාය ඇය ෆොයිඩ්ගේ පියාට වඩා වසර 20 කින් ළාබාල වූවාය අමාලියා ෆොයිඩ්ගේ පියාගේ දෙවන විවාහයේ බිරිදවිය

ෆොයිඩි තම මූලික අධ්‍යපනය කටයුතු ඉතා සාර්ථකව නිම කළේය පාසැල් අධ්‍යපනය ලබන කාලය තුල ඔහු පාසැලේ දීප්තිමත්ම සිසුවා විය ෆොයිඩ්ට වසර 17 දී වියානා විශ්ව විද්‍යාලයට ඇතුලවිය ඔහු අරමුණු කරගෙන සිටියේ නීති පීඨයට ඇතුලත්වී නීතිය හැදෑරීමටයි එහෙත් එම අදහස වෙනස් කරන ඔහු වෛද්‍ය පීඨයට අතුලත් වෙයි දර්ශනය කායික ව්‍යවච්ඡෙද විද්‍යාව සත්වවිද්‍යාව ඔහුගේ උපාධි පාඨමාලාවට ඇතුලත්විය ඔහු විටින් විට පාඨමාලාවන් වෙනස් කරමින් ඉගෙනුම ලැබීය කෙස් වෙතත් ෆොයිඩි තම වෛද්‍ය උපාධිය ප්‍රථම පංති සාමාර්ථයක් සහිතව ඉතා උසස් ලෙස සමත් වුද ඔහුට ආධුනික කතිකාචාර්‍යවරයෙකු ලෙස වියානා විශ්ව විද්‍යාලයට ඇතුලත්වීමට සුදුසුකම් ලැබුවද ඔහු යුදෙවු ජාතිකයෙකු වූ බැවින් විශ්ව විද්‍යාල පාලනාධිකාරය විසින් ඔහුගේ අවස්ථාව අහිමි කළහ එකළ යුදෙයු ජාතිකයන්ට තිබුනේ ඉතා පහළ පිළිගානීමකි

රැකියාව හා විවාහය[සංස්කරණය කරන්න]

1882 දී ෆොයිඩ් වියානා ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයට බැදුනේය එහිදී ඔහු මොළය ව්‍යවච්ඡේදනය කොකේන් වේදනා නාශකයක් ලෙස ශාවිතා කිරීම ආදී නොයෙක් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂන රැසක් සිදුකරන ලදී 1891 දී ෆොයිඩ් තම ප්‍රතම කෘතිය ලෙස On the Aphasias: a Critical Study ප්‍රකාශයටපත් කළේය. වසර තුනක් පමණ වියානා රෝහලේ විවිධ අංශයන්හි සේවයේ නිරතවිය.1886 දී ඔහු වියානා රෝහලෙන් ඉවත්ව පෞද්ගලික වෛද්‍ය ආයතනයක් ආරම්භ කළේය. මෙම වසරේ දීම ඔහු මාර්තා බර්නාස් නම් තරුණිය සමග විවාහ විය. ඔවුන් දෙදෙනාට දරුවන් සය දෙනකු විය. මෙම පවුලේ ලාබාල ම සාමාජිකයා වූ ඇනා ෆ්‍රොයිඩ් තම පියාගේ අඩිපාරේ යමින් මනෝවිද්‍යා විෂය පෝෂණය කිරීමට දායක විය.

ෆ්‍රොයිඩ්ට වයස 24 වන විට ඔහු දැඩිලෙස දුම්පානයට ඇබ්බැහි වී සිටියේය.ඔහුගේ මරණයට පවා හේතුවූයේ අධික දුම්පානය නිසා ඇතිවූ මුඛ පිළිකාවක් නිසාය.ඔහු දක්වන පරිදි ඔහුගේ මෙම ඇබ්බැහිවීම් වලට හේතුව මුඛ ලිංගික අවධියේ ඇතිවූ ගැටළුය.මුඛ ලිංගික අවධිය යනු මනෝ ලිංගික සංවර්ධන අවදීන්හි ප්‍රමුඛ අවධියකි.

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට එවක ප්‍රකට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුවූ ජෝසප් බෘෘවර් මුණගැසින.එවක යුරෝපා සමාජයට මහත් හිසරදයක් වූ මායා රෝගය(hysteria) පිළිබද පර්යේෂණ රැසක් මොවුන් දෙදෙනා එක්ව සිදුකළහ.මෙම රෝගයට වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාරයක් සොයා ගැනීමට කිසිවෙකුට නොහැකිවිය.මෙම අවධියේ දී මොවුන් දෙදෙනාට ස්වාප්නවෙදය හෙවත් මෝහන නිද්‍රාව පිළිබද අසන්නට ලැබීණ. මෝහනය මගින් ඉතා සාර්ථකව මෙම මායා රෝගය සුවකලහැකි බව ඔවුන්ට දැනගන්නට ලැබිණි.ඒ අනුව මොවුන් දෙදෙනා 1885 දී පැරීසියට ගොස් එහි ප්‍රකට ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වූ ජීන් මාටීන් චාගොට් ගෙන් මෝහනය පිළිබද පුහුනුව ලබා ගත්තෝය.ඉන් පසු මොවුන් දෙදෙනා එක්ව මායා රෝගය පිළිබද පර්යේෂණ සිදු කළහ.ෙම් අතර ඔහු තම ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කිරීම සදහා නැවත ඔට්‍රියාවට පැමිණේ.ඔහු එහිදී ඉතා පහසුවෙන් තම ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කළේය.ඒ 1891 දීය.මෙයින් පසු බෘෘවර හා එක්ව ඇනා නමින් හදුන්වනු ලැබූ මායා රෝගී කාන්තාවක් මෝහන ප්‍රතිකාරයද සමගින් ප්‍රතිකාර කිරීම ආරම්භ කළෝය.

මනෝ විශ්ලේෂණවාදය බිහිවීම[සංස්කරණය කරන්න]

මූලික ලිපිය මනෝ විශ්ලේෂණවාදය

ඇනා ජොෂප් බෘෘවර් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණියකවූවාය.ඇයට නිතර ඇතිවන කැස්සක්.අයට කතාකිරීමේ අපහසුතාව විවිධ ශාරීරික වේදනා ශරීරයේ අංශයක් පණ නැතිවීම අසාමාන්‍ය දර්ශන මැවී පෙනීම(තම මියගිය පියා ඇය ඉදිරියේ පෙනී සිටීම)ආහර අරුචිය ආදී විවිධ ශරීරික හා මානසික අපහසුතාවයන් පවතිනබව ඇය බෘෘව වෙත දන්වා තිබිණි.ෆ්‍රොයිඩ් හා බෘෘව එක්ව ඇයට ප්‍රතිකාර ඇරඹු අතර ටික කළක් ප්‍රතිකාර කරගෙනයාමේ දී ජොසප් බෘෘවර් ගේ අදහස වූයේ නොබෝ දිනකින් ඇය මියයන බවයි.බෘෘවර් තම ප්‍රතිකාර අතරමග නවතා මෙම පරීක්ෂණයෙන් ඉවත්විය.කෙසේ වෙතත් තව දුරටත් ප්‍රතිකාර කළ ෆොයිඩ් ඇගේ මායා නොගයට හේතුව ශරීරික හේතුවක් නොවන බවත් මානසික හේතුවක් බවත් සොයාගත්කේය.මෙය විඝටන ආබාධයක් නිසා සිදු වූබව ප්‍රත්‍යක්ෂ කරගත්තේය.ඇගේ අවිඥානය තුල සැගවී තිබුන රෝග බීජය ඉවත් කර පුර්ණ සුවය ලබා දීමට ෆ්‍රොයිඩ්ට හැකිවිය.මෙහි දී ඔහු නිදහස් සංඝටණය නම් ප්‍රතිකාර ක්‍රමය ප්‍රථම වරට අත්හදා බැලීය.

ඇනා හෙළිකල අයුරින් ඇගේ නව යොවුන් අවධිය ගෙවුනේ තම ආබාධිත පියාට උවටැන් කිරීමටයි.ඇය තම පියාට දැඩිව ආදරය කල අතර වරෙක ඇයට මෙය කරදරකාරී ක්‍රියාවක් යැයි ඇයට හැගුනි.තම පියා ඉක්මනින් මියයනවානම් හොදයැයි වරෙක සිතුනි.තවත් වරෙක මෙම අදහස ඉතා වරදකාරී හැගීමක් යැයි සිතමින් ආත්ම අවලාදයක යෙදුනි.මේ අතර ඇය තම පියාට ආහාර කවමින් සිටියදී ආහාර සිරවී ඔහු මිය ගියහ.එයින්පසු මෙම රෝග තත්වයන් ඇයට උරුමවිය.මෙවැනි ආබාධ ෆොයිඩ් විසින් විඝටන ආබාධ ලෙස හදුන්වනු ලැබුවේය.මෙම සිද්ධි අධ්‍යනය ඇනා ඕ නමින් නම්කළේ්ය.මෙම අධ්‍යනයෙන් පසුව තවදුරටත් පර්යේෂණය කළ ඹහු මෙම රෝග මූලයන්ට හේතුව යටපත්වූ ලිංගික ආශයන් බව ප්‍රත්‍යෂකර ගත්තේය.මායා රෝගය යනු ශරීරික ආබාධ නිසා හටගන්නක් නොව මානසික හේතුමත එනම් යටපත් වූ ලිංගික ආශයන් නිසාබව ඔහු දැක්වීය.

නිදහස් සංඝටනය[සංස්කරණය කරන්න]

මායා රෝගයට හේතුව යටපත්වූ ලිංගික ආශයන් බවත් අවිඥානය තුල සැගවුක මෙම ආශයන් ඉවතට ඇදැමීහ සදහා මෝහන ක්‍රමය ප්‍රමාණවත් නොවන බව ෆොයිඩ්ට වැටහින.එයට හේතුව ඇතැම් පුද්ගලයන් මෝහන නිද්‍රාවට පත්කිරීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවීමත් ඇමුන් කෙසේවත් මෝහන නිද්‍රාවට පත් නොවීමත් යන කරුණුය.වරෙක ඔහු සදහන් කරන ආකාරයට එක් රෝගියකු මෝහනයට පත් කරනු ලැබුවේ සිය වතාවකටත් වඩා වාර ගණනක් උස්සාහ කිරීමෙන් පසුවය.මෙම කරුණු පාදක කරගනිමින් ෆ්‍රොයිඩ් නිදහස් සංඝටන ක්‍රමය සොයාගත්තේය.

මෙම ප්‍රතිකාරය සිදු කරන්කේ මෙසේය.මුලින්ම රෝගියා කවිච්චියක හෝ සෝපාවක පහසු ඉරියවුවකින් හිදීමට සලස්වනු ලබයි.මනෝ චිකිත්සකවරයා රෝගියාට නොපෙනෙන ලෙස පිටුපසින් හෝ පැත්තකින් හිදගනී.අනතුරුව රෝගියාට තම ශරීරය සැහල්ලුවෙන් තබා ගන්නා ලෙස උපදෙස් දෙයි.අවශ්‍යනම් අැස්පියාගන්නා ලෙස උපදෙස් දෙයි.ඊලගට තමා දන්නා සියල්ල පවසන ලෙස මනෝ චිකිච්චකයා ගෙන් උපසේ ලැබේ.මෙහි දී රෝගියා තම සිතට නැගෙන සියල්ල පාලනයකින් තොරව කියාගෙන යනු ලබයි.මෙහි දී මනෝ චිකිස්සකයා රෝගියාට බාධා කිරීමකින් තොරව අදහස් පළ කිරීමට ඉඩදෙයි.එහෙත් රෝගියා පිළිබද ඉතා සූක්ෂම අවධානයෙන් සිටිමින් ඔහු ගේ අදහස් දැක්වීම් වල ස්වභාවය චිත්තවේග ක්‍රියාකාරීත්වය මාතෘකාව වෙනස් කරන ආකාරය ආදීය අවධානය කරමින් රෝගියා අපේක්ෂිත දිශාවෙන් වෙනතකට යනවිට ඔහු නිවැරදි කරමින් ද තමා රෝගියාට සවන් දෙන බව අගවමින් රෝගියා නිවැරදි මගට ගෙන එයි.මෙහි දී රොගියා විසින් අදහස් දක්වීමේ දී ඇතැම් කරුණු සැගවීමට කතාව දිගු කිරීමට නිහඩව සිටීමට හැඩීමට හා නොයෙක් භාවමය ආවේග ඉස්මතු කිරීම ද රෝගියා විසින් සිදු කරනු ලැබේ.මේවා චිකිස්සකයා ගේ ඍජු නිරීක්ෂණයට හසුවෙයි.මෙමගින් අවිඥානය තුල සැගවුන රෝග බීජයන් ඉවත් කිරීමට හැකිවේ.

මෙම ප්‍රතිකාර ක්‍රමය සොයා ගැනීම කෙරේ ෆ්‍රොයිඩ්ට කතෝලික හා යුදෙවු ආගමේ පවතින පවු සමා කිරීමේ චාරිත්‍රය ඉවහල් වන්නට ඇතැයි මනෝ විද්‍යාඥයන්ගේ අදහසයි.

"https://si.wikipedia.org/w/index.php?title=සිග්මන්ඩ්_ෆ්‍රොයිඩි&oldid=379292" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි