සිකුරු සංක්‍රාන්තිය, 1639

විකිපීඩියා වෙතින්
ජෙරමායා හොරෝක්ස් විසින් 1639 සිකුරු සංක්‍රාන්තිය නිරික්ෂණය කිරීම (ද ෆවුන්ඩර් ඔෆ් ඉංග්ලිෂ් ඇස්ට්‍රොනොමි එයා ක්‍රෝ විසින්, 1891)

සිකුරු සංක්‍රාන්තියක දැනට දන්නා පළමු නිරික්ෂණ සහ දත්ත තබා ගැනුම් 1639 වසරෙහිදී සිදු කර ඇත්තේ ඉංග්‍රීසි තාරකා විද්‍යාඥයින් වූ ජෙරමායා හොරෝක්ස් සහ ඔහුගේ මිතුරු සහ වාර්තාකරු විලියම් ක්‍රැබ්ට්‍රී විසිනි.[1] මෙම දෙදෙන ඔවුන්ගේ නිරික්ෂණ ස්වායත්ත ලෙසින් සිදුකර ඇත්තේ එම වසරෙහි දෙසැම්බර් 4 දිනදීය (එකල එංගලන්තයෙහි භාවිතාවූ ජූලියානු දින දසුන ප්‍රකාර නොවැම්බර් 24 දිනදීය); හොරොක්ස් විසින් මෙය සිදුකලේ, එකල ලැන්කැෂයර්හී , මච් හූල් නම්වූ ගම්මානයෙහි, කාර් හවුස් හිදී වන අතර, ක්‍රැබ්ට්‍රී විසින් මැන්චෙස්ටර් අසබඩ, බ්‍රෝට්න් හී ඔහුගේ නිවසෙහිදී මෙම නිරික්ෂණ සිදු කර ඇත.


ආශ්‍රිත[සංස්කරණය]

සටහන්

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Kollerstrom නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි