සිංහළයෝ

විකිපීඩියා වෙතින්

මහා සම්මත රජ නම් වූ කහල්සෙන් නම් ගොවි රජතුමාගෙන් ඇරඹුනා යයි ජනප්‍රවාද හා වර්ගපූර්ණිකා වැනි හෙළ යක්ෂ ගෝත්‍රික භාෂාවලින් ලියැවුණ ග්‍රන්ථවල කියැවෙන සිංහලේ රාජාවලිය මතින් අධ්‍යයනය කළ යුතු සිංහලයෝ හෙවත් සිංහල ජාතියේ ආරම්භය නිර්වචනය කිරීම ක්‍රම දෙකකට සිදු වේ. ඉන් පළමුවැන්න වන්නේ බොහෝ දෙනාගේ හා මහාවංශය නමැති වංශකතා ග්‍රන්ථයට අනු ගෞතම බුදුන්ගේ පරිනිර්වාණය සිදුවන දිනයේ ලංකාවට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු වන සිංහයෙකුගෙන් පැවත එනවා යයි සැලකෙන විජය කුමාරයාගෙන් සිංහල ජාතිය ඇරඹි බවයි. මෙම මතය ප්‍රසිද්ධ හා අද්‍යතන සමාජයේ මුල්බැසගත් නිර්වචනය බව පසක් කල යුතුය. මෙම මතයට විරුද්ධව යමින් වසර 2500කින් ඔබ්බට ගිය ප්‍රාග් ඉතිහාසයක් සිංහලයා සතුවනවා මෙන්ම එය මහා සම්මත මනු රජතුමා දක්වා පවතිනවා යන්න තවත් ප්‍රභල නිර්වචනයකි. මෙහිදී ගෝනගල සෙල්ලිපිය, වර්ගපූර්ණිකා පුස්කොල පොත ආදී සාක්ෂි මතින් සිංහල ජාතියේ ආදිතම යුගයක් හෙළි කළ හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=සිංහළයෝ&oldid=450413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි