සිංහල ටීකා සීපද

විකිපීඩියා වෙතින්

අපේ ජන කවි අතර ටීකා සීපද නම් විශේෂයක් වේ. ගද්‍ය ලෙස වූ හෑල්ලක් වැනි කොටසකින්ද ඉන් ඉක්බිතිව සිවු පද රීතියට අනුව වූ කොටසකින්ද සැදුනු ටීකා සීපද වලින් බොහෝ විට ඉස්මතු වන්නේ හාස්‍ය රසයයි. ගැමි කර්මාන්ත වන පොල් අතු විවීම, කුරහන් ඇඹරීම, ලණු ඇඹරීම ආදියෙහි යෙදෙන කාන්තාවන් විඩාවෙන්, කර්කෂ බවින් මිදීමට ටීකා සීපද ගැයුවා යයි සිතිය හැක. හුදෙක් හාස්‍ය රසය ඉස්මතුවන මේ ගායනා වලට පිරිමින් ද එකතු වූහ. ශබ්ද නගා කරණ ගායනය හා යොදා ගන්නා පද වල ස්වරූපය නිසා ටීකා සීපද ගායනයෙන් විනෝදය නොඅඩුව ජනිත වූවාට සැක නැත. පෙර සඳහන් කරණ ලද කර්මාන්ත වලින් සමහරක් අදත් පැවතුනත්, ජන සංගීතය හදාරන්නන් පමණක් විෂය අනුබද්ධ ක්‍රියාකාරකමක් ලෙස ගයතොත් විනා, අද කාලයේ නම් ගැයෙන ටීකා සීපදයක් නොමැති ය. පහත ඇත්තේ එවැනි කවියකි

කජු වාරයක් ද, කොස් වාරයක් ද, දෙල් වාරයක් ද,

අඹ, රඹුටන්, මොර, හිඹටු වාරයක් ද, මොන හත්වලාවක වාරයක් ද කියන්න මම දන්නෙ නෑ

වාරේ කුරුඳු අරගෙන මම යන කලට

අලින් ගිය පාරක් ද, කොටින් ගිය පාරක් ද, මුවන් ගිය පාරක් ද, ගෝනුන් ගිය පාරක් ද,

නයින්, පොළඟුන්, පිඹුරන් ගිය පාරක් ද, මොන විදියේ පාරක් ද කියන්න මම දන්නෙ නෑ

පාරේ වැරදිලා ගියෙ කටුගස්තොටට

රත්තරන් මාලයක් ද, රිදී මාලයක් ද, තඹ මාලයක් ද, පිත්තල මාලයක් ද,

මුතු, මැණික්, වෛරෝඩි බැඳපු මාලයක් ද, මොන කෙහෙල් මල් මාලයක් ද කියන්න මම දන්නෙ නෑ

මාලේ පළඳාපු අඟනක් එගොඩ සිට

තාත්තගෙන් ආ නෑ කමක් ද, මුත්තාගෙන් ආ නෑ කමක් ද, නත්තගෙන් ආ නෑ කමක් ද, පනත්තගෙන් ආ නෑ කමක් ද,

කිත්තගෙන්, කිරි කිත්තගෙන්, කිරි කෑ මුත්තගෙන් ආ නෑ කමක්

ද කියන්න මම දන්නෙ නෑ

හුරේ ඔරුව පැදපන් කීය එගොඩට

වාරේ කුරුඳු අරගෙන මම යන කලට

පාරේ වැරදිලා ගියෙ කටුගස්තොටට

මාලේ පළඳාපු අඟනක් එගොඩ සිට

හුරේ ඔරුව පැදපන් කීය එගොඩට



pathum nissanka 18

kusal medis 13

dananjayada silva 75

Manoj sanjeewa

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_ටීකා_සීපද&oldid=602396" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි