සැවැන්දරා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සැවැන්දරා
Vetiveria zizanioides0.jpg
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
ශ්‍රේණිගත-නොකළ: Angiosperms
ශ්‍රේණිගත-නොකළ: Monocots
ශ්‍රේණිගත-නොකළ: Commelinids
ගෝත්‍රය: Poales
කුලය: Poaceae
ගණය: Chrysopogon
Species: C. zizanioides
Binomial name
[Chrysopogon zizanioides]
(L.) Roberty
Synonyms

Vetiveria zizanioides

හැඳින්වීම[සංස්කරණය කරන්න]

සැවැන්දරා යනු මානා වර්ගයට අයත් තෘණ පැළෑටියකි. ශශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල වැවෙන සුවඳ හොට, දැවැන්න, සැවැන්දරා යන විශේෂිත නාමයන්ගෙන් සැදුම්ලත් අනගි ශාකයකි. ඉන්දියානුවෝ විජිණිපත්, අවාන්, පැදුරු තැනීම සඳහා ද භාවිතා කරති.

සැවැන්දරා සඳහා පර්යාය නම් තිස් හයකි. උශිර, නලද, ජල, අභය, අවදාත, ඉන්ද්‍රගුප්ත, ජිත, උශිරක, ජලවාස, හරිපි‍්‍රය, රතාපි‍්‍රය, වීර, කරු ඉන් කිහිපයකි.

Vetiveria zizanioides (L) Nash මෙහි උද්භිද විද්‍යාත්මක නාමයයි. එසේම මෙය තෘණ (POACEAE) කුලයට අයත් වේ.

සුවඳ විලවුන් සඳහා ගන්නා සුගන්ධ තෙලකින් යුක්ත ප්‍රධාන පෙළේ සුගන්ධ ද්‍රව්‍යයකි. පාංශු සංරක්‍ෂණය සඳහා යොදාගන්නා ශාක අතරින් මුල් තැනක් ලැබෙන්නේ අඩි අටකට වඩා ගැඹුරට විහිදෙන මූල පද්ධතියක් ඇති සැවැන්දරාවලටයි.

විශේෂයෙන් ම ශශ්‍රී ලංකාවේ පාංශු ඛාදනය අධික කඳුකර ප්‍රදේශවල වගා කිරීමට උචිත ශාක විශේෂයකි.

ශශ්‍රී ලංකාවේ උණුසුම් වියළි ප්‍රදේශවල හා වැව් මායිම්වල ස්වභාවිකව දක්නට ලැබේ. මෙරට ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කළ හැකි වේ.

ඖෂධ සඳහා ප්‍රධාන වශයෙන් මුල් ගනු ලබයි. සෙම් පිත් සමනය කරයි. දැවිල්ල නසයි. බඩගින්න ඇතිකරයි. වමනය වළකයි. මුත්‍ර කාරකයි.

ඉදිමුම අඩු කරයි. ශීතලයි. තිත්තයි. සැහැල්ලුයි. මධුරයි. ලේ දොස් දාහය නසයි. සැවැන්දරා විශේෂයෙන් මුත්‍රා රෝගවලට ගුණදායකයි.

ශරීරයේ දැවිල්ලට හා අධික දහඩිය දැමීම වැළැක්වීමට සැවැන්දරා මුල් ඇල්වතුරින් අඹරා ඇඟේ ගා පැයකින් පසු නෑම සුදුසුයි.

මෙයින් දහඩිය ගඳ ද නැති වී යයි. සැවැන්දරා මුල් කුඩු කර ඇල් දියර දමා රැයක් තබා පෙරා බීම මුත්‍ර දැවිල්ලට අනගි අත් බෙහෙතකි.

එසේම සැවැන්දරාවලින් වෙන්කර ගත් තෙල් බිංදු දෙකක් දිව ගෑම වමනයට සුදුසු වේ. සැවැන්දරා මුල් දල්වා එයින් නැඟෙන දුම් නාසයට ඉරීම හිසරදයට හා හිස බර ගතියට යෝග්‍යයි.

සැවැන්දරා තෙල් සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගනී. පාංශු සංරක්‍ෂණය සඳහා බෑවුම් ඉඩම්වල සමෝච්ච වැටි ලෙසත්, ගල් වැටි මායිම්වලත්, කාණු සහ ගං ඉවුරුවලත් වගා කරනු ලැබේ.

ළපටි පත්‍ර සත්ත්ව ආහාර ලෙස ගැනේ. වියළි මුල් සුවඳ හමන තිර, පැදුරු සහ අවාන් සෑදීමට ගනී. කොළ පල්ප බවට පත්කර කඩදාසි නිෂ්පාදනයට උපයෝගී කර ගනී. මේවා සැවැන්දරාවලින් ගන්නා වෙනත් ප්‍රයෝජන ලෙස හඳුනා ගත හැකිය.

සුදු හඳුන්, ඉරමුසු, ඉරිවේරිය, ගල්කූ®ර මුල්, හාතාවාරිය අල, වැල්මී, මුද්දරම්පලම්, වැල්මදට, මානෙල් අල, සැවැන්දරා මුල් මේවා කලං 1 යි. මදටිය 4 බැගින් ගෙන වතුර පත 8 – 1 ට සිඳ පෙරා මී පැණි දමා වරකට පත භාගය බැගින් උදය සවස දෙන්න.

මෙය කාන්තාවන්ගේ ප්‍රදර රෝගවලට හිතය. එසේම රත්පිත් දැවිල්ල, කරකැවිල්ල ආදිය දුරු වී ඇඟ නිවීමට ගන්නා කෂායකි.

සුදු හඳුන් හා සැවැන්දරා මුල් වියළා කුඩු කර රෑ කාලයේ දී තැඹිලි ගෙඩියක දමා වසා එළිමහනක තබා උදේට පෙරා බොන්න. උෂ්ණ භාවය නිසා ඇතිවූ දැවිල්ල, දහඩිය ගැලීම් හා සමේ රෝග සනීප වේ.

මුද්දරප්පලම්, සුදු හඳුන්, සැවැන්දරා මුල් හා උක්ගස් රෑට ජලයේ දමා උදේට පොඩිකර පෙරා සීනි හා පොරි කුඩුකර දමා බොන්න. වතුරට දැමීමේදී සියලුම අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් කුඩු කර හා තලා දමන්න. මෙය ශරීරගත උෂ්ණත්වයෙන් ඇතිවූ පිපාසයට උචිතයි.

සැවැන්දරා සඳහා ඉතා හොඳ වෙළඳපොළ ඉල්ලුමක් ඇති හෙයින් එය වාණිජමය වගාවක් ලෙස ඉතා හොඳ ආදායමක් ලබාගත හැකි ඖෂධීය ශාකයකි. ආයුර්වේද ඖෂධ කර්මාන්තයට මෙන්ම සුගන්ධ තෛල නිෂ්පාදනයට සැවැන්දරා බහුලව භාවිතා වේ.

භාවිතය[සංස්කරණය කරන්න]

ඖෂධීය ගුණාංග[සංස්කරණය කරන්න]

අධිසබැඳුම[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=සැවැන්දරා&oldid=324286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි