සැප්තැම්බර් 11 ප්‍රහාරය - මොහොමඩ් සිද්දික් ඛාන්ගේ හඬපටය

විකිපීඩියා වෙතින්

2005 සැප්තැම්බර් 1 වැනි දින අල් ජසීරා රූපවාහිනි සේවය මොහොමඩ් සිද්දික් ඛාන් පෙනී සිටින හඬ පටයක් විකාශනය කළේය. බෝම්බකරුවන්ගෙන් කෙනෙකු වූ ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

“මම සහ මම වැනි දහසක් දෙනා අප විශ්වාස කරන දෙය වෙනුවෙන් සෑම දෙයක්ම අත හරිමු. මෙම ලෝකයෙන් දෙන අතට දැනෙන පෙනෙන ද්‍රව්‍යවලින් අප සොයන දේ නොලැබේ. අපගේ ආගම ඉස්ලාමයයි. එකම සත්‍ය දෙවියාට කීකරු වීමයි. අනාගත වක්තෲන්ගේ අඩි පාරේ යාමයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට තෝරා ගත් ඔ‍බේ ආණ්ඩු ලෝකය පුරා සිටින මාගේ ජනතාවට එරෙහිව දිගින් දිගටම කෲර ක්‍රියාවල යෙදී සිටියි. ඔබ ඔවුනට උදව් කිරීමෙන් ඔබ කෙළින්ම වගකිව යුතු වෙයි. එය හරියට මම මාගේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ගේ ආරක්ෂාව සහ පළිගැනීම් සම්බන්ධයෙන් කෙළින්ම වගකීමට බැඳී සිටිනවා මෙනි.

අප ආරක්ෂාකාරී යයි අපට හැ‍ඟෙන තෙක් ඔබලා අපගේ ඉලක්කයන් වෙයි. ඔබලා බෝම්බ දැමීම, ගෑස් ප්‍රහාරයන් එල්ල කිරීම, සිරගත කිරීම් යන වද බන්ධන පැමිණවීම් නවත්වන තෙක් අපේ සටන නොනවතිනු ඇත. අපි යුද්ධයෙහි නිරත වී සිටින අතර මම සොල්දාදුවෙකු වෙමි. දැන් ඔබත් මෙම තත්වයේ යථාර්ථය විඳිනු ඇත”

හඬපටය සංස්කරණය කර තිබුණු අතර අල් කයිඩා අංක දෙක අයිමාන් අල් සවාහිර්ද ඉදිරිපත් කරන ලද්දේ ඛාන් සහ අල් - ඛයිඩා අතර ඍජු සම්බන්ධයක් ති‍ෙබන බව හැඟී යන ආකාරය පෙනී යන පිරිද්දෙනි බෝම්බ ප්‍රහාරයට අල් කයිඩාව සම්බන්ධයෙන් තිබෙන බවක් ඛාන් විසින් පවසන ලද ලද බවට වාර්තා වී නොතිබුණි.

විකි සෝර්ස් හි (Wikisource) හඬ පටයේ වඩාත් සම්පූර්ණ පිටපතක් තිබේ.


ෂෙහ්සාඩ් තන්වීර්ගේ හඬ පටය[සංස්කරණය]

පහර දීමේ පළමු සංවත්සර දිනය වූ (2006 ජුලි 6 වැනි) දින අල් ජසීරා සේවය විසින් බෝම්බ කරුවන්ගෙන් කෙනෙකු වූ ෂෙහ්සාඩ් තන්වීර්ගේ පටිගත කරන ලද පණිවුඩයක් ගුවන් ගත කරන ලදී. ඔහු මෙසේ කීවේය.

“බ්‍රිතාන්‍යයේ වෙසෙන මුස්ලිම් නොවන අය සඳහා - මෙය ලබා ගැනීමට සුදුස්සන් වීමට ඔබ කර ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට කැමැත්තෙන් සිටිනවා විය හැකිය. ඔබලා ඔබේ රටේ රජයට ඡන්දය දීමෙන් මෙදින දක්වා එම රජයට, බටහිර සිට නැගෙනහිර දක්වා පලස්තීනය තුළ, ඇෆ්ගනිස්ථානය, ඉරාකය සහ චෙච්නියා ආදි රටවල සිටින අපගේ මව්වරුන්ට දරුවන්ට සහෝදර සහෝදරියන්ට හිංසා පීඩා කිරීම නොකඩවා කරගෙන යන්නේය. ඔබේ රජය 150,000 කට අධික අහිංසක මුස්ලිම් ජනතාවක් ෆලුජාහි දී සමූල ඝාතනය කිරීමට විවෘතව සහයෝගය දී ඇත්තේය.

අපි සියයට සීයයක් ඉස්ලාම් ධර්මය සඳහා කැපවී සිටින්නෙමු. ඔබ ජීවිතයට ආශා කරන ආකාරයට අපි මරණයට ආදරය කරමු. සියලු බ්‍රිතාන්‍ය පුරවැසියන්ට, අසත්‍යය කියන බ්‍රිතාන්‍ය රජයට උදව් කිරීම නතර කරන ලෙසත් ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයයි කියනා සටන් නතර කරන ලෙසත් මම කියා සිටිමි. මුස්ලිම් ආගම උදෙසා දහස් ගණනක් මිනිසුන් ජීවිත පූජා කරන්නේ ඇයිද යන්න ඔබ ඔබෙන්ම විමසා ගත යුතුය. ඔබ දැනට දැක තිබෙන්නේ ප්‍රහාර මාලාවක ආරම්භය පමණි. ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරාකයෙන් ඔබේ හමුදා ආපසු කැඳවා ගන්නා තෙක්ද, ඔබලා ඊශ්‍රායලයට හා එක්සත් ජනපදයට මූල්‍ය හා යුධ ආධාර සැපයීම නතර කරන තෙක්ද, බෙල්මාර්ෂ්වල සහ පුනරුත්ථාපන කඳවුරුවල සිටින සියලු මුස්ලිම් සිරකරුවන් නිදහස් කරන තෙක්ද මෙම ප්‍රහාර නොකඩවා සහ දැඩිව කෙරුණු ඇත. එසේම ඔබ මෙම ඉල්ලීම්වලට එකඟ නොවන්නේ නම් මෙම යුද්ධය කෙදිනකවත් නතර නොවන බවද, අපේ ජීවිත ඉස්ලාම් ධර්මය වෙනුවෙන් සිය ගුණයකට වැඩියෙන් කැප කරන බවද ඔබලා දැන ගත යුතුය. ඇෆ්ගනිස්ථානයේ කාශ්මීරයේ, පලස්තීනයේ, ඉරාකයේ සිටින අපේ දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, මව්වරුන්ට සාමය ළඟා වන තෙක් ඔබලාටද කිසිදු සාමයක් නොවන බව දැන ගත යුතුය.

අල් කයිඩා උපනාකයක අයිමාන් අල් - සවාහිරිගේ ප්‍රකාශයක් චිත්‍ර පටියේ නැවතත් පෙන්වන ලදී. ඔහු මෙසේ කීවේය. “තන්වීර්ගේ විශ්වාසයන් මගින් පැහැදිලි වනවා ඔහු අල් - කයිඩා කෙරේ යොමු වුනේ මන්ද, ජීවිත පරිත්‍යාගයෙන් කෙරෙන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට තන්වීර් සහ මොහොමඩ් සිද්දික් ඛාන් බලාපොරොත්තු වන්නේ මක්නිසාද කියා” ඔහු තවදුරටත් කතා කරමින් අල් සවාහිර් කීවේ තන්වීර් සහ මොහොමඩ් සිද්දික් ඛාන්, අල් කයිඩා කඳවුරකට ඇතුළත් වූ බවයි. එම දෙදෙනා පාකිස්ථානයටද, මැඩ්රාසාස් වෙතද ගිය බව දැනගන්නට ලැබුණු නමුත් අල් කයිඩා වෙන් පුහුණුවක් ලැබුවා යයි කීම අළුත් දෙයක් විය.

http://en.wikipedia.org/wiki/9/11#Khalid_Sheikh_Mohammed