සැප්තැම්බර් 11 ප්‍රහාරය වගකීම

විකිපීඩියා වෙතින්

ස්පාඥ්ඥ අධිකරණයට අනුව මොරොක්කෝ, සිරියා, සහ ඇල්ජිරියානු අල්කයිඩා සංවිධානය අනුගමනය කරන කණ්ඩායම්, ගාඩියා සිවිල් හි 02 හා ස්පාඥ්ඥ පොලිස් තොරතුරැ සපයන්නන් 02කු මෙම ප්‍රහාරය සිදු කර ඇති බව විශ්වාස කරයි. 2006 අප්‍රේල් 11 වනා හි විනිසුරැ ජුවාන් ඩෙල් ඔල්මෝ විසින් දුම්රිය බෝම්බ ප්‍රහාරයකට සැක පිට සැකකරැවන් 29 දෙනෙකු චෝදනාවට ලක් කර ඇත. අල්කයිඩා සංවිධානයේ සබදතාවක් පැවැති බවට සාක්ෂි හමු නොවුනත් අල් කයිඩා සංවිධානයේ අබු හෆ්ස් අල් - මස්රි බ්‍රිගේඩ් නම් ත්‍රස්තවාදියා විසින් ප්‍රහාරය දිනයේ දී ප්‍රකාශයක් නිකුත් කර ඇති බව අණාවරනය වී ඇත. කෙසේ වෙතත් ඇ.එ. ජ නිළධාරින් ප්‍රකාශ කරන්නේ මෙම කණ්ඩායම " නාහෙට අහන්නේ නැති " ( කිසි විටෙක විශ්වාස කළ නොහැකි ) කණ්ඩායමක් බවයි. 2007 අගෝස්තුවේ හීදී අල්කයිඩා ප්‍රකාශ කරන ලද්දේ මෙම ප්‍රහාරය පිළිබද තමන් ආඩම්බර වන බවයි.

" ද ඉන්ඩිපෙන්ඩන්ට්" නම් පුවත්පත වාර්තා කරන අන්දමට

" ප්‍රහාරය සදහා යොදා ගත් නවීන ගමන් මළු බෝම්බය පිළිබදව ඒවා නිෂ්පාදනය කළ අය පැවසුවේ එවන් උපකරණ මොරොක්කෝ රැඩිකල් ඉස්ලාමීය සටන්කාමීකණ්ඩායම් උපදෙස් මත ඇෆ්ගනිස්තානයේ ජලලාබාද් පුහුණු කදවුරේදි තමන් අවබෝධයක් ලබා ගත් බවයි. "

ත්‍රස්තවාදය වැළැක්වීම් ජාතික අනුස්මරණ ආයතනයට (MIPT) අනුව මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් මොරොක්කෝ ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම හා සබදතා පවත්වා ඇත. මොහොමෙඩියාහි හසන් විශ්ව විද්‍යාලයේ දේශපාලන විදයාව පිළිබද මහාචාර්‍යයවරයෙකු වු මොහොමඩ් ඩරිෆ්ට එරෙහිව මොරොක්කෝ සටන්කාමී කණ්ඩායම් ඉතිහාසය ඇෆ්ගන්ස්තාන අල්කයිඩා සංවිධානයේ නැගී සිටිමත් සමග බැදී සිටී. ඩරිෆ්ට අනුව,

"1990 අගභාගයේ සිට එනම් එහි ආරම්භයේ හා 2001 වන තෙක් මෙම සංවිධානයේ කටයුතු සීමා වුයේ මොරොක්කොවේ අල්කයිඩා සංවිධානයට උපකරණ / ආයුධ වලින් සහයෝගය ලබා දීම තම සාමාජිකයන්ට වාසය කිරිමට සුදුසු ස්තාන ලබා දීම ව්‍යාජ ලියකියවිලි සකසා දීම, මොරොක්කෝ ජාතිකයන් සමග විවාහා වීමට අවස්ථාවක් ලබා දීම සහ යුරෝපය පුරා ගමන් කිරිමට හැකි අයුරින් ව්‍යාජ හැදුනුම්පත් සකසා දීම ඒ අතරින් පුධාන වේ. සැප්තැම්බර් 11 නක දා තෙක්, කෙසේ වෙතත්, එතෙක් මෙම සංවිධානයට විරැද්ධව ක්‍රියා නොකල මොරොක්කෝව ත්‍රස්තවාදයට එරෙහි ව්‍යාපාරයට දායක වීමත් සමග තම උපක්‍රම වලට විරාමය තැබු මොවුන් මොරොක්කෝව තුළ ත්‍රස්තක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරිම ආරම්භ කරන ලදී.

රොජෙලියෝ අලොන්සේ නම් විද්වතාට අනුව අනුව , " පරික්ෂණ කටයුතු තුලින් අල්කයිඩා සහ මැඩ්රිඩ් සැකකරැවන් අතර පැවති සබදතා හෙළි දරවු වී ඇති බව " ප්‍රකාශ කරන ලදී.

ස්කොට් ඇට්රන් නම් විද්වතාට අනුව " අල්කයිඩා සංවිධානය සමග සබදතා ඇති බවට කිසිම සාධකයක් නැත. අප මේ ඉරයට සෙසෙන් බොහෝ දෙනෙකුගෙන් ප්‍රශ්ණ කලත් ඒ ආකාරයේ සබදතාවයක් අපට දැකගන්නට හැකි වුයේ නැත."

යුරෝපීය උපක්‍රමික යුද්ධමය හා ආරක්ෂන මධ්‍යස්තානයට අනුව ඉස්ලාමීය නොවන සංවිධානයක් සමග ඉස්ලාමීය සංවිධානයක් එකතු වීම ඉස්ලාමීය ත්‍රස්ත ඉතිහාසය තුළ සිදුවු පළමුවැනි අවස්ථාව වේ.