සාර ධර්ම

විකිපීඩියා වෙතින්

'සාරධර්ම' යනු සාරවත් වු ධර්මයයි . ලොව රදා පවතින්නේ සත්‍ය මතයි. සාරධර්ම මඟින් මිනිසා තුළ ගුණ ගරුක පුද්ගලයෙක් බිහිවෙන බව ඔබ අප හොදාකාරවම දන්නා කරුනකි.

සාරධර්ම අප රැකිය යුත්තේ ඇයි? සාරධර්ම අප රැකිය යුත්තේ සමාජයේ යහපත් පුරවැසියෙකු ලෙස ජිවත් විමටය.සිංහල සංස්කෘතියට පමණක් නොව සෑම සංස්කෘතියක් තුළම යම් සාරධර්ම පද්ධතියක් ඇත. එම සංස්කෘතියේ අභිමානය කියාපාන මෙම සාරධර්ම අප සුරුකිය යුත්තෙ යුත්තේ අපගේ අනාගත පරපරම්පරාවට මේවා ආරක්ෂා කළ යුතු නිසාය. දෙමාපියන්ට සැලකිම,වැඩිහිටියන්ට ගරු කිරිම,ගුරුවරුන්ට කීකරු වීම,අන් අයගේ කථා වලට ඇහුම්කන් දීම ආදි දේවල් හා සමාජයේ නිතර පිලිබිඹු කෙරෙන හොඳ සිරිත් සාරධර්ම වලට අයත් වේ.වර්තමාන ලංකාව ගත් කළ එහි සාරධර්ම පිරිහෙමින් පවති. මෙයට හේතුව වී ඇත්තේ නවීන විලාසිතාවන් යැයි මට හැගේ. දෙමාපියන්ට සැලකීම වැනි යහපත් ක්‍රියා අද සමාජයේ ජීවත් වන ඇතැම් පුද්ගලයන් හෙලා දකින්නේ ඉතා පිළිකූල් අයුරිනි.මෙලෙස සාරධර්ම හෙළා දකින්නේ එය ලැජ්ජාවට කාරණයක් යැයි සිතා ගෙනය. තමා හදා වඩාගත් දෙමාපියන්ට සැලකිම උතුම් දෙයක් බව අපගේ ශාස්තුවරයාණන් වහන්සේ දේශනා කර තිබුනද අද සමාජය එය හෙළා දකින්නේ මන්ද? නවීන විලාසිතා ගත් කළ මේවා අනුකරණය මත පදනමි වි ඇත.නිරුවත් හෝ අඩනිරුවත් වශයෙන් සමාජයට පිවිසිම අලුත් විලාසිතාවක් වි ඇත.අතිත ශ්‍රි විභූතියකට උරුමකමි කියන සිංහළ ජාතිය අද පිරිහිමට ලක් වි ඇත්තේ අපට ආවෙිණික නොවු බටහිර සංස්කෘති අනුකරණය කරන නිසාවෙනි.අතිතයේ ගැමියන් නැතහොත් ගෙවිලියන් ඇද සිටියේත් මල් වැටුණ චිත්තය සහ අත්බෝරිචිචි හැටිටය මිස ශරිරයේ අඩක් දිස්වන්නට අදින නවින විලාසිතාවන් යැයි පවසන කැලි කෑලි වෙන් වු කැත අශෝභන ඇදුමි නොවෙි. අපට ආවෙිණික නොවු බටහිර සංස්කෘතින් අනුගමනය කරන්නේ මන්ද? විශිෂ්ඨවුත් අභිමානවුත් සිංහල සංස්කෘතිකයට උරුමකමි කියන අපගේ සංස්ෘතිකය ඔවුනට නොගැලපෙන්නේ මන්ද?මෙිවාට පිළිතුරු ඇත්තේ ඔවුන් ලගමය.මෙම තත්වය සාරධර්ම විනාශ විමට තුඩු දෙන ප්‍රධාන කාරණාවන්ය.නවින විලාසිතා අනුගමනය කරන්නේ තාරුණ්‍යයයි.තම හදා වඩා ගත් අමිමාට තාත්තාට සැලකිම ලැජ්ජාවට කාරණයක් ලෙස සලකන වර්තමාන තාරුණ්‍ය නවින විලාසිතාවන්ගෙන් යුත් අඩනිරුවත් ඇදුමි අදින්නේ තමා හදා වඩා ගත් දෙමාපියන් ඉදිරියේය.මෙසේ දෙමාපියන් ඉදිරියේ සිට ගැනිමට පවා මොවුන්ට මෙම නිරුවත් ඇඳ සිටිය හැකිද? මෙයින් පෙනි යන්නේ සාරධර්ම වල පරිහානියයි.නැතහොත් සිංහල සංස්කෘතියේ පිරිහිමය.එම නිසා අද වන විට තාරුණ්‍යට අනාගතය පිළිබඳ තිරණයක් ගැනිමට සිදු වි ඇත.එය නමි අපගේ සාරධර්ම රුකගෙන ඉදිරියට යනවාද? නැතහොත් සිංහල සංස්කෘතිය පරිහානියට ලක් කරනවාද? යන්නයි.මෙයින් අපට වඩාත් ගැලපෙන්නේ පරමිපරාවෙන් අපට උරුම වු සාරධර්ම රුකගෙන ඉදිරියට යාමයි. සාරධර්ම අප සුරකින්නේ කෙසේද?මෙයට නිවැරදි පිළිතුරු සැපයියහොත් අප දියුණූවායැයි සැලකිය හැකිය.සාරධර්ම නැමති ලෝක පාලන ධර්මය රුකිය යුත්තේ සමාජය දැනුවත් කිරිමෙනි.සාරධර්ම කියා අප අමුතුවෙන් වෙන් කිරිමට අවශ්‍යතාවයක් නැත. සමාජයේ ජිවත් විමෙිදී සාරධර්ම අප විසින් නිතැතින්ම පිළීබිඹු වෙි.වැඩිහිටියෙක් දුටු විට හුස්නෙන් නැගිටිම,වැඩිහිටියන්ට ගරු කිරිම,ගුරුවරුන්ට කිකරු විම,වැඩිහිටියන් ඉදිරියේ සංවරව හැසිරිම අප විසින් කළ යුතු වෙි.මෙිවා හිතට ගැනිමෙන් සමාජයේ ජිවත් විය යුතුය. එවිට නිතැතින්ම සාරධර්ම අප තුළ රුකෙයි. සාරධර්ම අගයන සමාජයේ දියුණූව පිළබඳ අමුතුවෙන් බැලිය යුතු නොවෙි.සාරධර්ම සුරකින පුද්ගලයා දෙස දෙවියන් බලයි.මෙම නිසා ඔවුන්ගේ දියුණූව නිතැතින්ම සැලසේ.මෙලෙස අප සාරධර්ම වඩා වර්ධනය කර ගනිමින් අනාගත පරමිපරාවට අප දායාද කර යුතුය. හෙට දායාද කරන්නට තිඛෙන සාරධර්ම නැමති ජිව රුධිරය අද අප විසින් රැකදීම අපගේ පරම යුතුකමක් වේ.මම ඵය ඔබ සැමගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි

සාරධර්ම සපිරි සමාජයක් ගොඩ නගමු. 

දිනෙන් දින සිදුවන තාක්ෂණික වර්ධනයත් සමඟ සාරධර්ම කියන්නේ මොනවාද යන්න නොදන්නා තරමට අද සමාජය විකෘති වී ඇත. සාරධර්ම සමාජයෙන් පිරිහී ඇත. පුද්ගලයකුගේ කතා විලාසය, ක්‍රියා කලාපය හා හැසිරීම් රටාව යන සෑම දෙයක්ම සාරධර්ම හා බැඳී පවතී. සමාජයේ යහපත් පුරවැසියකු ලෙස ජීවත්වීමට සාරධර්ම අත්‍යවශ්‍යය. මුලින්ම සාරධර්ම ඉගෙන ගන්නේ තම පවුලෙනි. වැඩිහිටියන්ට ගරු කිරීම, හොඳ වචන කතා කිරීම, යහපත් දේ සිදු කිරීම, අවංකකම, ඉවසීම, කරුණාව හා දයාව ආදියෙන් පවුල තුළින් වර්ධනය කරගනියි. එමෙන්ම සමාජයේ සම්බන්ධතා සමඟ ඒවා තවත් වර්ධනයට මෙන්ම පිරිහීමට ඉඩ ඇත...


එනම් සමාජයේ ඇසුරු කරන සමවයස් කණ්ඩායම්, මිත්‍රයන් හා අයහපත් පුද්ගලයින් අනුව එය වෙනස් වනු ඇත‍. සාරධර්ම ගොඩනැගීමට හොඳම ස්ථානය පාසල වේ. මෙහිදී ගුරුවරයකු, පාසල් ශිෂ්‍යයකු හා ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් ලෙස ගිලිහි යන සාරධර්ම නැවත ගොඩනැඟීමට දායක විය හැක. සාරධර්මවලට දරුවාව පුරුදු කරවන්න ඔවුන් කුඩා කළ සිටම දෙමව්පියන් වගකීම ගත යුතුය. පාසලෙනුත් දහම්පාසලෙනුත් යහපත් ගුණාංග දරුවාට පුරුදු කළ යුතුය. වර්තමානයේ ළමයින් ඉගෙනීමට උපන් හපන් ඇති වුවද සාරධර්ම අතින් දුර්වලය.මනුස්සකම් නැත. අනෙකාට වඩා තරගකාරීත්වය අබිබවා යෑම අරමුණ වී ඇත. සාරධර්ම පිරිහිමට ජනමාධ්‍ය ප්‍රධාන හේතුවකි. රූපවාහිනියේ විකාශය වන මෙගා ටෙලි නාට්‍යයද සාරධර්ම කෙරෙහි බලපෑම් කරයි. ජනමාධ්‍යයන් දිනෙන් දින තරගකාරී වන මොහොතක එයින් යහපත් දෙයක් සමාජයට දායාද නොකෙරෙයි. දෙමව්පියන් වශයෙන් දරුවාට, පවුලේ සාමාජිකයන්ට උචිත වැඩසටහන් නැරඹීමට තෝරා ගත යුතුය. එමෙන්ම රූපවාහිනි තීරය තුළින් වෙනත් සංස්කෘතීන් නිරූපණය කිරීමේදී අප සංස්කෘතිය පිරිහී යනු ඇත. අප සංස්කෘතිය බිහි වී ඇත්තේ සාරධර්මවලට අනුකූලවය.

කොරෝනා වසංගතය හමුවේ ළමා පරපුර, තරුණ පරපුර නිරන්තරයෙන් ජංගම දුරකථනය හරහා අධ්‍යාපන කටයුතු ,රැකියා කටයුතු සිදු කළේය. මෙහිදී සිදුවන්නේ සමාජයෙන් පවුලෙන් දරුවා, තරුණයන් දුරස් කිරීමයි. වර්තමානයේ වැඩිහිටි නිවාස ඉදීවීමටත්, සිරගෙවල්වල වැරදිකරුවන් වැඩි වීමටත් සහ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වීම් සිදුව ඇත්තේ නිසි සාරධර්මයන් රට තුළ නොමැති බැවිනි. අනෙකාට වඩා තමන් ඉදිරියට යන්න සිහින දකින ලෝකයක සාරධර්ම යනු නොවටිනා වචනයක් වී හමාරය. එළැඹෙන අවුරුද්ද උදා වේ ද වැඩිහිටියන්ට බුලත් දී වැඳ නමස්කාර කර පවුලේ සමාජයේ නැතිවී ගිය සබඳතා වර්ධනයට, සාරධර්මයන් නැවත යථා තත්ත්වයට වඩවා ගන්න උත්සාහ ගනිමු. පුද්ගලයෙක් සාරධර්ම , උගත්කමින් පරිපූර්ණ වූ කල ඔහු තුළ ඉතා වටිනාකමක් ඇත්තේය. රටක් සංවර්ධනයට භෞතික පරිසරය පමණක් නොව ජිවත්වන මිනිසුන්ගේ හැදියාව, සාරධර්මද ඉවහල්වනු ඇත.

පිරිහී ගිය සාරධර්ම නැවත ගොඩනැංවීමට හොඳම කාලය මෙයයි.[සංස්කරණය]

සාරධර්ම යන්නට නිශ්චිත වූ නිර්වචනයක් ලබා දිය නොහැක. ආකල්ප, අගයන්, වටිනාකම් යන මේ සෑම දෙයක්ම සාරධර්ම සමඟ බැදී පවතී. ආකල්ප යනු ඕනෑම පුද්ගලයකුගේ සිතෙහි ඇති වන හොඳ හෝ නරක සිතුවිල්ලකි. එම සිතුවිලි වලට වටිනාකමක් මෙන්ම අගයක් ලබා දීම අපට සිදු කළ හැකිය. කෙසේ වෙතත් තවත් කෙනෙකුන් වෙනුවෙන් සිදු කරන ඕනෑම හොඳ, සත් ක්‍රියාවක් සාරධර්ම වලට අයත් වේ. සාරධර්ම නම් සදාචාරයයි. මිනිසාගේ හැසිරීම, ගමන බිමන, කතාබහ, ක්‍රියාකලාපය මේ  සෑම දෙයක්ම සාරධර්ම හා බැදි පවතී.

ඇත්තටම කිවහොත් අද සමාජය දෙස බැලූ කළ සාරධර්ම විනාශයට පත්ව ඇත. දරුවන් හ‍ට දෙමාපියන් , දෙමාපියන් හට දරුවන්  නොමැති යුගයක් උදාවී ඇත. එමෙන්ම පාසල තුල ද මෙය මේ ලෙසටම සිදු වේ. ගුරු ගෞරවය ,සිසු විනය,   අද වන විට කෙමෙන් කෙමෙන් විනාශයට පත්ව යන ආකාරයක් දැක ගැනීමට හැකිය . ඉතින් මෙන්න මේ තත්වය නිසාම පිරිහී යන සාරධර්ම ගොඩනැංවීම උදෙසා ඔබ සැම දැනුවත් කිරීමට අපි  හිතුවා.

අවංකකම,ඉවසීම,කරුණාව,දයාව,ගෞරව කිරීම,හොඳ වචන කතා කිරීම,යහපත් දෑ සිදු කිරීම,වැඩිහිටියන්ට සැලකීම,පොදු දේපල සුරකීම

යන මෙම සියල්ල සාරධර්ම ලෙස හදුන්වා දිය හැකිය.

ඇත්තටම සාරධර්ම ගොඩනැංවීමට හොඳම නවාතැන තමයි පාසල කියන්නෙ. ඔබ ගුරුවරයකු , පාසල් ශිෂ්‍යයකු , පාසල් යන දරුවන් සිටින දෙමාපියකු වෙන්න පුළුවන් ඉතින් එහෙනම් සමාජයේ සිටින වගකීමක් ඇති පුරවැසියකු ලෙස ඔයාටත් පුළුවන්  ඉදිරි අනාගතයේ බිහිවන්නා වූ අපේ දරුවන් උදෙසාවත්  ගිලිහි ගිය සාරධර්ම ගොඩනැංවීමට දායක වන්න.

වර්තමාන පාසල් පද්ධතිය දෙස බලන කල සාරධර්ම සඳහා ප්‍රබල අභියෝගයක් පාසල් පද්ධතිය තුල එල්ල වී අැත. කෙසේ වෙතත් ගුරුවරයකු , විදුහල්පතිවරයෙකු හා දෙමාපියකු ලෙස විනය ගරුක සිසු දරු කැලැක් බිහි කිරීමේ  වගකීම අප සැමටම ඇත. අද සමාජයේ සාරධර්ම පිරිහීමට මූලිකවම බලපා ඇත්තේ ජනමාධ්‍යයයි. රූපවාහිනිය තුලින් විකාශය වන මෙගා ටෙලි නාට්‍යය තුලින් පවා සාරධර්ම  පිරිහී යෑමට හේතු වී ඇත. එමගින් දැන් සිටින තරුණ පිරිස සදාචාරය වැරදි ලෙස හැසිරවීමට පණිවිඩ ලබා ගනී.  දෙමාපියන් ලෙස ඔබටද වගකීමක් ඇත. අධ්‍යාපනය ලබන සිසු දරුවන් සිටින ඔබගේ නිවසේ රූපවාහිනිය නැරඹුවද දෙමාපියන් ලෙස ඔබ දරුවන්ටත් ගැලපෙන වැඩසටහන් , ටෙලිනාට්‍ය නැරඹීමට වග බලා ගත යුතුය.

තවද පාසල තුල පැවති සාරධර්ම වලට එල්ල වන බලපෑම් හා අභියෝග ජය ගැනීමට සුදුසු      ක්‍රියාමාර්ග ගැනීමට වැඩිහිටියන් ලෙස අපට පුළුවන. ඒ අනුව

සිසුන් හට උගන්වනු ලබන විෂය  කරුණු වලට අමතරව ඒ සඳහා අනුගාමී උපමා කතා, චරිත කතා අනුසාරයෙන් සිසුන්ට සදාචාරය ගැන දැනුමක් ලබා දිමට හැකිය.  එමෙන්ම  සිංහල සාහිත්‍ය තරඟ, ඉංග්‍රීසි දින තරඟ, කලා උළෙල, ක්‍රිඩා උත්සව වැනි අවස්ථා යොදා ගනිමින් සිසුන් හට විධිමත් හැසිරීම් රටාවක් හුරු කල යුතුය.  කණ්ඩායම් හැගීම් තුලින් එකමුතුව, සහයෝගය, සහෝදරත්වය යන දෑ මනා ලෙස  කියා දීමට හැකිය . පාසල තුලින් සියලුම සිසු දරුවන් හට නායකත්වය ලබා දිය යුතුය. නායකත්වය මගින් දරුවන්ට සාමූහිකත්වය පුරුදු කළ හැකිය.  එමෙන්ම පංතිකාමරය තුලින් දරුවන් හට ලබා දෙන  පොත පතේ දැනුමට අමතරව තවත් බොහෝමයක් දෑ ජීවිතයට ලබා දිය හැකිය.  පාසල් පද්ධතියේ බලවත් ලෙස සාරධර්ම පිරිහී යාම නිසා ඇති වන ගැටලු අවම  කර ගැනීමට  ගුරුවරුන් , දෙමාපියන්, සිසුන් යන මේ සෑම දෙනාම එකට එක්ව පලදායි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුය. එමෙන්ම දෙමාපියන් , වැඩිහිටියන් ලෙස තම දරුවන් හරි මාර්ගයට ගෙන    හරි දේ පමණක් කිරීමට යොමු කිරීම මෙන්ම හොඳ නරක දරුවන්ට කියා දී තම දරුවන් යහපත් පුරවැසියකු ලෙස සමාජයට දායාද කිරීමට උත්සහා විය යුතුය  . සාරධර්ම මග යමින් සමාජයටත් රටටත් ඔබටත් කරදරයක් නැති දරු  පරපුරක් බිහි කිරීමට වැඩිහිටි අපත් අද සිට මේ නැති වී ගිය සාරධර්ම  රැක ගැනීමට අධිඨන් කර ගනිමු.

සාර ධර්ම දිනයට පාසල් වල විශේෂ වැඩසටහන්[සංස්කරණය]

සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහිකරලීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මූලික කරගත් සාරධර්ම වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සෑම වර්ෂයකම ජනවාරි මස 24 වනදා සාරධර්ම දිනයලෙස නම් කර ඇත. පුර්ණකාලීනව වර්ෂය පුරා සිසුන් ද ඇතුලුව පාසල් පද්ධතියට අයත් සියලු ප්‍රජාව සම්බන්ධ කර ගෙන සුදුසු වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට මේ අනුව පියවර ගෙන ඇත.

සාරධර්ම දිනය යෙදී ඇතිජනවාරි 24 වනදා පෙ.ව. 7.30 සිට පෙ.ව. 8.00 දක්වා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා දෙමව්පියන්ගේ සහභාගිත්වයෙන් මේ සම්බන්ධව විශේෂ හඳුන්වාදීමේ මූලික වැඩසටහනකින් ආරම්භ කර යෝජිත ආදර්ශ සාරධර්ම වැඩසටහන් කීපයක් ද එදිනට ක්‍රියාත්මක කළ යුතුය.

යෝජිත ආදර්ශ සාරධර්ම වැඩසටහන් අතර මාපිය, ගුරු, වැඩිහිටි සම්භාවනා වැඩසටහන්, සදාචාරවත් මාධ්‍ය භාවිතය, පරිසර සංරක්ෂණය, දෛනිකව ක්‍රියාත්මක කළයුතු සදාචාර සංවර්ධන වැඩසටහන්, යහපත් මිතුරන් ආශ්‍රය තුළින් ජීවිතය සාර්ථක කර ගැනීම, අසරණයන්ට පිහිටවීම සහ ගිලානෝපස්ථානය වැනි වැඩසටහන් අතරින් කිහිපයක් ද එදිනට සංවිධානය කර ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් සියලුම පාසල් විදුහල්පතිවරුන්, සියලු පරිවෙණාධිපතිවරුන්, විද්‍යාපීඨ කොමසාරිස්වරුන් ඇතුලු සියලු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල දැනුවත් කර තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=සාර_ධර්ම&oldid=652963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි