සායි පල්ලවි
Appearance
සායි පල්ලවි | |
---|---|
උපත | 1992 මැයි 9 කොයම්බුතූර්, තමිල්නාඩු, ඉන්දියාව |
පුරවැසිබව | ඉන්දියානු |
රැකියාව | නිළියක, නිරූපිකාවක හා වෛද්‍යවරියක් |
සායි පල්ලවි සෙන්තාමරෛ යනු දකුණු ඉන්දිය නිළියක හා නිරූපිකාවක් වේ. ඇය දෙමළ,මලයාලම් හා තෙලිගු චිත්‍රපට සදහා රංගනයෙන් දායක වී ඇති අතර ප්‍රේමම් නම් මලයාලම් චිත්‍රපටයෙන් පසුව ඇය වඩාත් ප්‍රසිද්ධ තරුවක් බවට පත්වූවා ය.
පෞද්ගලික ජීවිතය
[සංස්කරණය]සායි පල්ලවි උපත ලැබුවේ ඉන්දියාවේ නීලගිරි ප්‍රදේශයේ කොටගිරි ග්‍රාමයේ ය. අධ්‍යාපනය සදහා කොයම්බුතූර් වෙත පැමිණි ඇය දැන් වෘත්තියෙන් වෛද්‍යවරියක් වන අතර ජෝර්ජියාවේ ට්බිලිසී ප්‍රාන්ත වෛද්‍ය විශ්ව විද්‍යාලයේ 2016 වසරේදි වෛද්‍ය උපාධියක් ලැබුවා ය.
නර්තන හැකියාව
[සංස්කරණය]සායි පල්ලවි සතුව අධ්‍යාපනයට අමතරව නර්තන හැකියාවක්ද තිබිණි. ඇය ස්ටාර් විජෙයි නාලිකාවේ උන්ගලිල් යාර් අඩුත්ත ප්‍රභූදේවා නම් නර්තන වැඩසටහනට 2008දීත්, ඊ ටීවි තෙලිගු නාලිකාවේ ධී අල්ටිමේට් ඩාන්ස් ෂෝ සදහා ද සහභාගි වූවා ය.
චිත්‍රපට නාමාවලිය
[සංස්කරණය]වසර | චිත්‍රපටය | චරිතය | භාෂාව | සටහන් |
---|---|---|---|---|
2005 | කස්තූරි මාන් | දෙමළ | ||
2008 | දාම් දූම් | ෂෙන්බාගේ ඥාතීයෙක් | ||
2015 | ප්‍රේමම් | මලර් | මලයාලම් | |
2016 | කලි (කාලි) | අංජලි | ||
2017 | ෆිඩා | බානුමති | තෙලිගු | |
මිඩ්ල් ක්ලාස් අබ්බායි | පල්ලවි "චින්නි" | |||
2018 | දියා | තුලසි | දෙමළ | |
කනම් | තෙලිගු | |||
පඩි පඩි ලෙචි මනසු | වෛශාලි චෙරුකුලි | |||
මාරි 2 | අරාත්තු ආනන්දි | දෙමළ | ||
2019 | NGK | මෛතිලි | ||
අතිරන් | මලයාලම් |