සායනික විශාදය

විකිපීඩියා වෙතින්
වින්සන්ට් වෑන් ගොග්ගේ චිත්‍රය, 1890
ICD-10 F32., F33. ICD-9 296
OMIM 608516
DiseasesDB 3589
MedlinePlus 003213
eMedicine med/532

විශාදය යනු දෛනික ක්‍රියාකාරකම් සඳහා උද්යෝගය අඩුවීම සහ සතුට ලබා ගැනීමට හැකියාව අඩුවීම යන රෝග ලක්ෂණවලින් යුක්ත වන මානසික ආබාධයකි.

දොම්නස යන්න පුද්ගලයෙකුගේ තාවකාලික පීඩිත මනෝභාවය හැඳින්වීමට යොදාගත්ත ද සායනික විශාදය යනු පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම් ,පවුල් කටයුතු ,අධ්‍යාපනික කටයුතු, නින්ද, ආහාර ගැනීම, කායික සෞඛ්‍යය සහ ජීවිතයේ සතුටු වීමට ඇති හැකියාව අඩපණ කරන මානසික රෝගී තත්වයකි. විශාදයේ සායනික මාර්ගය පුළුල් ලෙස වෙනස්විය හැකිය. එනම් විශාදය ජීවිතයේ එක් වරක් පමණක් ඇතිවිය හැකි අතර ඇතැම් අයෙකු කිහිපවාරයක් මෙම රෝගයට ගොදුරු විය හැකිය. තවද එය ක්‍රම ක්‍රමයෙන් හෝ හදිසියේම ඇති විය හැකිය.

මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයා මාස කිහිපයකින් සුව විය හැකි අතර ඇතැම් රෝගීහු ජීවිත කාලය පුරාම නිරතුරුවම රෝගයෙන් පීඩා විඳිති. විශාදයට ගොදුරු වී සිටින රෝගීන් තම ජීවිත හානිකර ගැනීමට වැඩි නැඹුරුතාවයක් දක්වන අතර වෙනත් ක්‍රම මගින් ජීවිත හානි සිදු වීමට ඇති හැකියාවද වැඩි වේ.

විශාදය තනිව ඇතිවිය හැකි රෝගයක් ලෙසද ඇතැම් විට ද්විධ්‍රැව රෝගයක හෝ නිද්‍රාගත වේදනාවක අතුරුඵලයක් ලෙසද ඇතිවිය හැකිය. මනෝචිකිත්සාව සහ විශාද නාශක ඖෂධ භාවිතය විශාදයට උචිත ප්‍රතිකාර ක්‍රම ලෙස පෙන්වා දිය හැකිය.


ආශ්‍රිත ලිපි[සංස්කරණය]

  1. Section F33 of ICD 10 classification  https://www.who.int/classifications/icd/en/bluebook.pdf
  2. විශාදය (online doctor sri lanka)
"https://si.wikipedia.org/w/index.php?title=සායනික_විශාදය&oldid=486206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි