සාන්ත සර්වේසස් විද්‍යාලය

විකිපීඩියා වෙතින්
සාන්ත සර්වේසස් විද්‍යාලය, මාතර.
Location
Map

තොරතුරු
වර්ගයජාතික පාසලකි.
ආදර්ශ පාඨයපිරිපුන් මිනිසකු වන්න.
ආරම්භ කලේ1897
විදුහල්පතිඑච්.කේ ලසන්ත විරාජිත්
ශ්‍රේණි1–13
සිසුන් ගණන2500ට වැඩි
වර්ණ(ය)කොළ සහ සුදු
        
වෙබ් අඩවියhttps://servatiuscollege.lk

සාන්ත සර්වේසස් විද්‍යාලය දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

අතීතය[සංස්කරණය]

වසර 100කට වඩා පැරණි සාන්ත සර්වේසස් විද්‍යාලය'[1] 1897 නොවැම්බර් මස 2වන දින ආරම්භ කරන ලදි.බෙල්ජියම තුල විසු සාන්ත සර්වේසස් බ්ශොප් වරයාගෙ නම මෙයට යොදන ලදි. අනෙත් සාන්ත සර්වේසස් විද්‍යාලය පිහිටා තිබුනේ බෙල්ජියම තුලය.

සාන්ත සර්වේසස් විද්‍යාලය 1897 නොවැම්බර් මස 2වන දින මුලින් පිහිටුවා ඇත්තේ මතර පල්ලිමුල්ලේ නිල්වලා ගග අසලය.[2] එහි මුලිකත්වය ගනු ලැබුවේ පුජ්‍ය. ස්ටෑන්ඩර්ට් පියතුමා විසිනි.[3]

පසුව එය මාතර කොටුවේගොඩ වර්තමනයේ අති ස්ථානයට ගෙන ගොස් ඇත.[4] 1961 දී රජයට පවරා ගත් අතර 1993 මාර්තු 14 දින මෙය ජාතික පාසලක් කරන ලදි.

වත්මන් සර්වේසස් විද්‍යාලය[සංස්කරණය]

  මාතර නගරයේ ඉපැරැණිතම විදුහලක් වන අතර අද වන විට සිසුන් 2000 කට වඩා[5] සාන්ත සර්වේසස් විද්‍යාලය තුල ඉගනුම ලබන අතර 100 කට අදික ගුරු මඩුල්ලක් ඔවුනට මග පෙන්වයි.[6] වත්මන්(2019 to present) විදුහල්පති එච්.කේ ලසන්ත විරාජිත් මහතා ය[7].

විද්‍යාලයාධිපතිවරු[සංස්කරණය]

  Name Period
01. පුජ්‍ය. ස්ටෑන්ඩර්ට් පියතුමා 1897 – 1901
02. පුජ්‍ය. ඇඩොල්ෆස්ට් පියතුමා 1901 – 1905
03. පුජ්‍ය. ඇන්ත් වෙඑපොන් පියතුමා 1905
04. පුජ්‍ය. ඩබ්ලිව්. වික්රමසින්හ පියතුමා 1905 – 1910
05. පුජ්‍ය. බර්නාර්ඩ් පියතුමා 1910
06. සැම්සොන් කොස්තා Unknown
07. පුජ්‍ය. ෆුරුස්ට්‍රටෙ පියතුමා 1922
08. පුජ්‍ය.ඕ. ෆෙරොන් පියතුමා 1922 – 1930
09. පුජ්‍ය.ඇස්.ජි. පෙරේරා පියතුමා Unknown
10. පුජ්‍ය.ඇස්. ක්‍රොබ්ග් පියතුමා Unknown
11. පුජ්‍ය. ඹෙස්ටිනේර්ස් පියතුමා Unknown
12. පුජ්‍ය. ටෙරෙන්ස් ද සීල්වා පියතුමා 1930 – 1933
13. පුජ්‍ය. මාර්ක් ඇන්ටොනි පියතුමා Unknown
14. පුජ්‍ය. බුගුස්ට් පියතුමා 1942 – 1945
15. පුජ්‍ය. ඇන්ගි පියතුමා 1945
16. පුජ්‍ය. ඇල්ලෙස් පියතුමා 1945
17. පුජ්‍ය. ගයිඩ් පියතුමා 1945 – 1947
18. පුජ්‍ය.රාජපක්ශ. ජේ. පියතුමා 1947 – 1966
19. ඒස්.එ.ඇම්. උනවීර 1967 – 1968
20. ජේ. ෂෙල්ටන් ද සිල්වා 1968 – 1970
21. එස්.කේ.එච්. ජයවර්ධන 1970 – 1971
22. ජී.එල්. ගලප්පත්ති 1971 – 1985
23. කේ.එ. ධර්මදාස 1985– 1986
24. එම්.ජේ.ගූනසේකර 1987 – 1997
25. එ.එච්.එන්.ජයවීර 1997
26. එම්.ආර්.එම්.වීජේසිංහ 1997 – 1998
27. ඩ්. ජයවීර 1998 – 2000
28. ඩබ්ලිව්. සොමවන්ත 2000 – 2001
29. කොඩිප්පිලි 2001 – 2002
30. ඩ්.විදානපතිරන 2002 – 2008
31. ඩබ්ලිව්.බී. නිමලසිරි වනිගබදුගෙ 2008–2012
32. අශෝක කුමාර 2012 – April 2013
33. කේ. රණසිංහ April 2013 – October 2014
34. එම්. රත්නසේකර October 2014 – 2018
35. කේ. එච්. එල්. එම්. කෞෂල්‍ය 2018 –2019
36. එච්.කේ ලසන්ත විරාජිත් 2019 – present

විද්‍යාලයීය නිවාස[සංස්කරණය]

  • ඇඩොල්ෆස්ට් වර්ණය: කොළ     
  • බර්නාර්ඩ් වර්ණය: කහ     
  • ස්ටෑන්ඩර්ට් වර්ණය: රතු     
  • වෝල්ටර් වර්ණය: නිල්     


සර්වේසස් විද්‍යාලයීයආදි ශිෂ්‍ය සංගමය[සංස්කරණය]

මෙහි ශාඛා දෙකකි.
1. කොළඹ ආදි ශිෂ්‍ය සංගමය
2. මාතර ආදි ශිෂ්‍ය සංගමය

විද්‍යාලයීය ගීතය[සංස්කරණය]

සරසවි නිවසන රසකාමී
සිරිකත ගැවෙසන සරු භූමී
රණ හඬ පැතිරෙන රණ භූමී
අප පණ ගැන්වූ ජය භූමී
ශාන්ත ශර්වේසස් මහ විදුහල් මාතා සැරදේවා........//

විදුසක් දැනුමෙන් ලලිත කලා
රසයෙන් හැඟුමෙන් ඔකඳ වෙලා
පෙරමුණ ගෙන යති දෑ අභිමානේ
මව්නි ඔබේ දරුවෝ.............//

සරසවි නිවසන රසකාමී
සිරිකත ගැවෙසන සරු භූමී
රණ හඬ පැතිරෙන රණ භූමී
අප පණ ගැන්වූ ජය භූමී
ශාන්ත ශර්වේසස් මහ විදුහල් මාතා සැරදේවා........//

ජය බෙර හඬ ජය පිටිය කරා
ජය සක් නාදය දිගත පුරා
පතුරති හැමවිට දෑ අභිමානේ
මව්නි ඔබේ දරුවෝ.............//

සරසවි නිවසන රසකාමී //

ක්‍රීඩා[සංස්කරණය]

බොහෝ සර්වේසස් ශිෂ්‍යයෝ බොහෝ ක්‍රීඩා සඳහා ඇල්මක් දක්වති. එසේ ම බොහෝ ජාතික ක්‍රීඩාවන් සර්වේසස් විද්‍යාලයේ පුහුණු කෙරේ.

  • මළල ක්‍රීඩා
  • පැසි පන්දු
  • බොක්සිං

  • චෙස්
  • ක්‍රිකට්
  • රග්බි

  • පාපන්දු
  • පිහිනුම්
  • අත් පන්දු

රුහුණු මහා නිල් සටන (Battle of blues)[සංස්කරණය]

 ශාන්තුවරුන්ගේ නිල් සංග්‍රාමය හෙවත් රුහුණු මහා නිල් සටන මාර. සාන්ත තොමස් විද්‍යලය සමග පුරා වසර 116 ක් පුරා වාර්ශිකව පවත්වා අැත. මෙය ශ්‍රී ලංකාවේ 2 වැනි පැරණිතම මහා ක්‍රිකට් තරඟයයි.

නිර්දේශය[සංස්කරණය]

  1. "The history of St. Servatius College".
  2. "Established".
  3. "The pioneer of the school".
  4. "Present Premises".
  5. "Number of Students".
  6. "Number of Teachers".
  7. "Principal of the school".

මේවාත් බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

විද්‍යාලයීය අඩවි[සංස්කරණය]

වෙනත්[සංස්කරණය]