සාගෝ ජයවික්‍රම

විකිපීඩියා වෙතින්
සාගෝ ජයවික්‍රම
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමසාගරදත්ත සුදිරික්කු ජයවික්‍රම
උපත10 ජනවාරි 1911(1911-01-10)
Galle, Ceylon
මරණය15 February 1983(1983-02-15) (වයස 72)
Colombo, Sri Lanka
පිතිකරන විලාසයදකුණත්
පන්දුයැවීම් විලාසයදකුණත් මඳ වේග
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි First-class
තරග 28
රැස් කල ලකුණු 1254
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 25.59
100ඒවා/50ඒවා 2/6
වැඩිම ලකුණු 138
යැවුනු පන්දු 2561
කඩුළු 27
පන්දු යැවීමේ සාමාන්‍යය 40.22
ඉනිමකදී කඩුළු පහක් 1
තරගයකදී කඩුළු 10 ක් 0
හොඳම පන්දු යැවීම 5/58
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 16/–
මූලාශ්‍රය: Cricinfo, 20 September 2017

සාගරදත්ත සුදිරික්කු "සාගෝ" ජයවික්‍රම MBE(2454 [1911] ජනවාරි 10 - 2526 [1983] පෙබරවාරි 15) යනු පළමු පෙළ තරඟවලැ දී 1932 සිටැ 1950 දක්වා සිලෝන් (දැන් ශ්‍රී ලංකා) ක්‍රිකට් පිල නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. 1940 ගණන්වල දී හේ එහි නයුව ද දැරී යැ.

තැනැති හා තරඟ දිවිය[සංස්කරණය]

කොළඹැ රාජකීය විදුහලේ උගැන්ම ලැබූ සාගෝ ජයවික්‍රම මැද පෙළ පිතිකරුවෙක් හා මඳ වේ පන්දු යවන්නෙක් හා වී. සිව් වරක් රාජකීය - සා. තොමොසු මහ ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කළ හේ, තම අවසන් වසර වූ 1930 දී සිය පිල මෙහෙයවා ජය ගෙනැ ඒමට සමත් වී යැ. පාසලේ උගැනීමෙන් පසු රබර පාලන දෙපාර්තමේන්තුවේ සේවය කළ හේ සිංහල ක්‍රීඩා සමාජයට එක්වී යැ. [1]

හේ 1932-33 දී ඉන්දියාවේ සැරියාවෙකැ යෙදුණු සිලෝන් (දැන් ශ්‍රී ලංකා) පිලේ කනිටුතමයෙක් වූ අතර, එ මැ සංචාරයේ දී සැමැනිය 46.77 ක් සමඟ ලකුණු 421ක් ලබා ගනිමින් පිතිකරුවන් අතර ඉදිරිතමයා වී යැ. සැමැනිය 25.53ට කඩුලු 15ක් ද දවා ගති. හේ සංචාරය ඇරැඹූයේ සිය කුළුඳුල් පළමු පෙළ තරගය ද වුණු සින්ද් පිලට එරෙහි වැ වූ සංචාරයේ පළමු තරගයේ දී ලකුණු 58කට කඩුලු 5ක් සහ ලකුණු 30කට කඩුලු 2ක් දවාගනිමිනි. හේ ඉන්දියාවට එරෙහි වැ පැවැති තරඟ දෙකේ දෙවැන්නේ දී ලකුණු 130 ක් ලබා ගත් අතර, ලකුණු 86කට කඩුලු 5 දැවී සිටි සිය පිල සියලු දෙනා දැවී 305 ක් දක්වා රැගෙනැ ගියේ යි. "ද ක්‍රිකට" සගනුවට සංචාරය ගැනැ සැළැ කරමින්, ඉන්දු මාධ්‍යවේදියෙක් වූ අයි.එම් මන්සුඛානි, ජයවික්‍රම "පුළුල් සහ ප්‍රියජනක පහර පරාසයක්" සහිත සිලනීස් පිතිකරුවන් අතර වඩාත් සිත් ඇදැගන්නා පිතිකරු බව පවසයි. [2]

සිලෝන් පිලේ ඊලඟ සංචාර දෙක වූ 1940-41 ඉන්දියාවට හා 1949-50 පකිස්ථානයට හා කළ සංචාර දෙකේදී ජයවික්‍රම එහි නයු බව දැරී. 1940-41 දී ඉන්දියාවට එරෙහි වැ තරග දෙකේ පළමුවේ දී හේ සිය පිල ලකුණු 24 කට කඩුළු 3ක් දැවී සිටියදී පෑ 7.5 (හෝරා 3) කට මඳක් වැඩි කලක දී ලකුණු 138ක් රැස් කළේ යැ.

1937-38 හා 1944-45 හා තරඟ සමයන් සඳහා ඉන්දු මුම්බායි පනැසියුරු (බොම්බේ පෙන්ටැංග්‍යුල) තරඟවැලේ දී "ද රෙස්ට්" පිල වෙනුවෙන් පළමු පෙළ තරඟ කිහිපයකට ක්‍රීඩා කරනුව හේ ඇරියිණ.

හේ සියළු ක්‍රිකට් තරඟ වලදී සියයන් 56ක් රැස් කළේ යැ. [1] හේ ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් එම්.බී.ඊ. නාමයෙන් පිදුම් ලැබී යැ. ඔහුට හා ඔහු පියඹට හා දූහු දෙදෙනෙක් වූ හ. [1]

යොමු කිරීම්[සංස්කරණය]

 

  1. 1.0 1.1 1.2 Epasinghe, Premasara (26 May 2012). "Sargo Jayawickrema - one of the greatest of batsmen of Ceylon". Daily News. සම්ප්‍රවේශය 22 September 2017.
  2. I. M. Mansukhani, "Ceylon Tour in India", The Cricketer, Spring Annual, 1933, p. 74.

බාහිර සබැඳි[සංස්කරණය]

  • Sargo Jayawickreme at ESPNcricinfo
  • Sargo Jayawickreme at CricketArchive (subscription required)
"https://si.wikipedia.org/w/index.php?title=සාගෝ_ජයවික්‍රම&oldid=616875" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි