සාගර උදම් තරංඟ

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

සාගර උදම් තරංඟ

පෘථිවියෙහි සාගර උදම් තරංඟ චන්ද්රsයාගේ ගුරුත්වාකර්ශණය (එහි ත්රීණව්ර තා අනුක්රතමණය) නිසා ඇති වන උදම් බල හේතුවෙන් ඇති වන්නක් වන අතර පාථිවි සාගර මත බලපාන වෙනත් ආචරණ සමුහයක් හේතු වෙන් වර්ධනය වු තත්වයට පත් වෙයි. ගුරුත්වාකර්ශක උදම් බලය හටගැනීමට හේතු වන්නේ සද වෙත මුහුණලා පිහිටන පෘතුවි අර්ධය (සඳට වඩාත් ආසන්න ප්රැදේශය) ස‍ඳෙහි ගුරුත්වාකර්ශණය හේතුවෙන් පෘථිවි කේන්ද්රවයට සහ පෘතුවියේ සඳ ට වඩාත් ඈතින් පිහිටන ප්ර දේශට සාපේක්ෂව වැඩි ආකර්ශණ බලයකට යටත් වීමයි. ගුරුත්වාකර්ශක උදම් තරංඟ හේතුවෙන් පෘථිවි සාගර පෘථිවිය කෙන්ද්රවය වන පරිදි පිහිටන ඉලිප්සයක ආකාරයට හැඩයකට සකස් වෙයි. මෙම ආචරණය හේතුවෙන් සඳ ට වඩාත් ආසන්න සහ වඩාත් ඈතින් පිහිටි ප්රිදේශ ආශ්රිමතව පෘථිවියට සාපේක්ෂව මුහුදු මට්ටම ඉහළ නගියි. මෙම ප්රතදේශ මුහුදු මට්ටම නෙරාගිය ප්රචදේශ ලෙස සැලකිය හැක. මෙම නෙරාගිය ප්ර දේශ සිය අක්ෂ්යඩ වට‍ා භ්රමමණය වෙමින් දිනකට එක් වරක් බැගින් පෘථිවිය වටා ගමන් කරයි. මේ හේතුවෙන් නිරන්තරයෙන් චලනය වන මෙම නෙරාගිය ප්ර දේශ දෙසට මුහුදු ජලයද නිරන්තරයෙන්ම චලනය වෙමින් පවති. මෙම නෙරුම් යුගලයේ සහ ඒවා පසු පස ගමන් කරන දැවැන්ත සාගර ජල තරංඟ වල ආචරණය අනෙකුත් ආචරණයන්ගේ අන්තර් ක්රිේයාවක් හේතුවෙන් වර්ගික තත්ත්වයට පත්වෙයි. මෙම ආචරණයන් වනුයේ පෘතුවි භ්රනමණයට සාගර පතුල හරහා ජලය ඝර්ෂණ ඔස්සේ සම්බන්ධ වීම, ජලයේ චලනයෙහි අවස්ථිතිය, භූමියට ආසන්නවත්ම ක්ර මයෙන් ගැඹුර අඩුවන සාගර ද්රෝ්ණිය සහ විවිධ සාගර ද්රෝ ණි අතර පවතින විචලන යන ඒවායි. මෙම වර්ධක ආචරණයෙන් නාන ජල බඳුනක ගැඹුරු ජල කඳ සහිත කොටසෙහි ශරීරය චලනයෙන් ඇති වන සුළු කැළඹීමක් හේතුවෙන් ඇලවු කෙළවර ජලය ඉහළ නැගීමට යම්තාක් දුරට සමාන වේ.

චන්ද්ර යන් සහ ඊට ආසන්නතම සාගර නෙරුම අතර හටගන්නා ගුරුත්වාකර්ෂණ සම්බන්ධය හේතුවෙන් චන්ද්ර්යාගේ කක්ෂය වෙත බලපෑමක් එල්ල වෙයි. පෘතුවිය සිය අක්ෂ්යඇය වට‍ා චන්ද්රනයා පරිභ්රකමණය වන දිශාව ඔස්සේම දළ වශයෙන් චන්ද්ර යා මෙන් 27 ත් ගුණයක වේගයෙන් යුතුව භ්රසමණය වෙයි. ඒ හේතුවෙන් සාගර ජලය සහ සාගර පතුල අතර හට ගන්නා ඝර්ෂණ සම්බන්ධය සහ ජලයෙහි අවස්ථිතිය හේතුවෙන් චන්ද්රවයාට ආසන්නව පිහිටන උදම් නෙරුමෙහි මුදුන චන්ද්රෙයාගේ කේන්ද්රනය සහ පෘථිවියෙහි කේන්ද්රටය යා කෙරෙන මනඃකල්පිත රේඛාවෙන් මඳක් ඉදිරියට යොමුව පිහිටයි. චන්ද්රායාගේ පැතිකඩින් බලන විට සඳට ආසන්න උදම් නෙරුමෙහි ස්කන්ධ කේන්ද්රොය එය පරිභ්රරමණය වන ලක්ෂ්යපයට හැමවිටම මදක් ඉදිරියෙන් පිහිටයි. චන්ද්ර්යාට වඩාත් ඈතින් පිහිටන නෙරුම සදහා මෙම ආචරණයෙහි විලෝමය සත්ය් වේ. එනම් එය ඉහත සදහන් මනඃකල්පිත රේඛාවට සාපේක්ෂව මදක් පසු පසින් පිහිටයි. කෙසේ නමුත් එය තවත් කිලෝමීටර් 12756 ක් සදට ඈතින් පිහිටන අතර එය හා ස‍ඳ අතර පවතින ගුරුත්වාකර්ෂණ සම්බන්ධව මඳක් අඩු අගයක් ගනී. මේ හේතුවෙන් පෘථිවිය වටා කක්ක්ෂය ඔස්සේ නිරන්තරයෙන්ම චන්ද්රවයා ගුරුත්වාකර්ෂණ බලය මගින් ඉදිරියට ඇදෙමින් පවති. මෙම ගුරුත්වාකර්ෂණ සම්බන්ධ හේතුවෙන් භ්රගමනය වන‍ පෘථිවියේ (දිනය සහ අධික තත්පරය යන ලිපි ද බලන්න) කෝණික ගම්යෙතාවය සහ එහි චාලක ශක්තිය නිරන්තරයෙන්ම අඩු වෙමින් පවතියි. එසේම චන්ද්රියාගේ කක්ෂය වෙත කෝණික ගම්ය තාවය එකතු වන අතර ඒ හේතුවෙන් කාලයත් සමග ක්රුමයෙන් චන්ද්රයයා වඩාත් ඉහළ කක්ෂයක් වෙත ළඟාවෙයි. චන්ද්රනය‍ාගේ කක්ෂීය අරය මත මෙමඟින් ඇති වන බලපෑම ඉතා කුඩා වෙයි. එය සංඛ්යාඩත්මක වශයෙන් වසරකට 0.1 ppb පමණ‍ වේ. නමුත් වාර්ෂිකව මේ හේතුවෙන් චන්ද්ර යා සහ පෘථිවිය අතර පරතරය මැනිය හැකි අගයක් වන 3.82 cm ප්රවමාණයකින් ඉහළ යයි. එසේම මෙම ආචරණය කාලයත් සමඟ වඩ වඩාත් ප්ර.බල තත්ත්වයට පත් වන අතර මුල් වරට ගගන ගාමීන් සඳ මත පා තැබීමෙන් පසු දළ වශයෙන් වසර 39 ක් ගත වන විට චන්ද්ර යා සහ පෘථිවිය අතර දුර ප්රමමාණය මීටර් 1.48 කින් වැඩි වී ඇත.




http://en.wikipedia.org/wiki/Moon#Ocean_tides

"https://si.wikipedia.org/w/index.php?title=සාගර_උදම්_තරංඟ&oldid=418826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි