සාගර ඉංජිනේරු විද්‍යාව

විකිපීඩියා වෙතින්

සාගර ඉංජිනේරු විද්‍යාව

Argonaute නැමැති ප්‍රංශ සැපයුම් නෞකාවේ එන්ජින් කාමරය.

සාගර ඉංජිනේරුවා නැමැති යෙදුම නාවික යන්ත්‍ර සූත්‍ර නිර්මාණය හා ගොඩ නැගීමෙහි විශේෂඥ දැනුමක් ඇති නිමාණකරුවන් හැඳින්වීමටද සමහර අවස්ථා වල නාවික නිර්මාණකරණයේ සහ නැව් තැනීම් හි විශේෂඥ වූ පුද්ගලයින් හැඳින්වීමටද යොදාගැනේ. සාගර ඉංජිනේරුවන් යනු නැවක ප්‍රචාලනය(propulsion) හා නැවෙහි පවතින අනෙකුත් පද්ධති ක්‍රියාකරවන හා නඩත්තු කරන නාවික පිරිසෙහි සාමාජිකයන් ය. සාගර ඉංජිනේරුවන් නැවේ හෝටල් පහසුකම්, මලාපවහනය, ආලෝකනය(lighting), වායු සමනය සහ ජල පද්ධති සම්බන්ධවද කටයුතු කරනු ලබයි. තවද ඉන්ධන තොගය මාරු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ඔවුන් ගිනි නිවීම් කටයුතු පිලිබඳ හා ප්‍රථමාධාර පිලිබඳ පුහුණුවක්ද ලබා තිබීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම නැවේ තිබෙන බෝට්ටු හා අනෙකුත් නාවික කටයුතු සම්බන්ධව, විශේෂයෙන්ම නැව් බඩු පැටවීම හා බඩු බෑම සඳහා අවශ්‍ය උපකරණ සහ ආරක්ෂක පද්ධති පිලිබඳ (නැවේ බඩු බෑම සම්බන්ධ කාර්යයන් නැවේ තට්ටුවේ නිලධාරින්ගේ හා සේවකයින්ගේ වගකීම වුවද) පුහුණුවක්ද ලබා තිබිය යුතුය. සමහර අවස්ථාවල ඔවුන් මෙම සංකීර්ණ පද්ධති නිර්මාණය හා ඉදිකිරීම් කටයුතු වලද නියැලේ. නව නිර්මාණ, බොහෝ විට නාවික නිර්මාණ හෝ නැව් නිර්මාණ ගණයට වැටේ. මෙම ක්ෂේත්‍රය, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවට සමීප සබඳතාවක් දැක්වුවද, නවීන ඉංජිනේරුවන් හට විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික, වායව(pneumatic), ද්‍රාව(hydraulic), රසායනික, පාලක ඉංජිනේරු විද්‍යාව(process engineering), නාවික නිර්මාණකරණය, ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව, වායු තලබමර සහ සමහර යුධ නෞකාවල න්‍යෂ්ටික තාක්ෂණය පිලිබඳ දැනුමක් ලබාතිබීම(සහ ප්‍රායෝගික පලපුරුද්ද ) අත්‍යවශ්‍ය වේ.