සාක්‍ෂි යනු

විකිපීඩියා වෙතින්

සාක්‍ෂි

පුළුල් අර්ථයෙන් සැලකූකළ ඉන් අදහස් වන්නේ කිසියම් ප්ත‍රකාශයක සත්‍යවාදී බව නිරූපනය කිරීම සඳහා යොදාගත හැකි ඕනෑම දෙයකි. දාර්ශනිකව අත්‍යයැයි උපකල්පනය කරනු ලබන වෙනත් ආස්ථානයකට ආධාරකයක් ලෙසින් යොදාගනු ලැබිය හැකි සත්‍ය යැයි උපකල්පනය කරනු ලබන ප්ද‍රමේයයන් සාක්‍ෂි ලෙස හඳුන්වනු ලැබිය හැක. ප්න‍රතිපත්ති, විද්යාකත්මක පර්යේෂණ, අපරාධ පරීක්‍ෂණ සහ නෛතික කතිකාව වැනි විවිධ ක්ෙෂ්ත්න‍රයන් තුල සාක්‍ෂි යන්නට සුවිශේෂී අර්ථයන් පවතී. උතුරු කැෙරාලිනා විශ්ව විද්යා්ලයේ දර්ශනය පිලිබඳ අධ්‍යනාංශය විසින් සිදුකරනු ලබන පර්යේෂණයන්ට පාදක වන්නාවූ පශ්චාත් නූතන න්‍යායන් තුල සාක්‍ෂි පරිභෝජන භාණ්ඩයක් ලෙස සලකනු ලැබේ. යම් කෙනෙකුට ලබාගත හැකි වඩාත් වේගවත් සාක්‍ෂිය වන්නේ ඔහුගේම සංවේදී ඉන්ද්‍රියන්ගේ සංවේදනාවන්ය. උදාහරණයක් ලෙස අහස නිල් පැහැති බවට සාක්‍ෂියක් සොයන අයකු සිදුකළ යුතුව ඇත්තේ අහස දෙස බැලීම පමණකි. කෙසේවෙතත් මෙම උදාහරණය තුලම සාක්‍ෂි සම්බන්ධයෙන් වන ගැටළුකාරී තත්වයන් ගණනාවක්ද අන්තර්ගත වෙයි.

• නිල්-කහ වර්ණ අන්ධතාවයකින් පෙලෙන නමුත් ඒ බව නොදන්නා අයකු අහසේ වර්ණය පිලිබඳ වෙනස් සංවේදනයක් ලබනු ඇත. සාක්‍ෂි පිලිබඳ ප්ා‍රමිතීන් ගොඩනැංවීමේදී මුහුණ පෑමට සිදුවන්නාවූ ප්ය‍රධානතම අභියෝගය වන්නේ ඉතා සරළ සංවේදනාවන් පවා පුද්ගලනීෂ්ශි්ි‍රත වන අතර එම තොරතුරම විෂයමූලික වන විට වඩා සාත්‍ය ලෙස සැලකිය හැකිවීමය. • එමෙන්ම ‘නිල්’ යන්නෙන් කුමක් අදහස් කළේද යන්නද ප්ද‍රශ්ණගත වියහැක. අප එය මනින්නේ කෙසේද ? (එය තීරණය වන්නේ වර්ණයක තරංග ආයාමයක් මත නම් අප එය මනින්නේ කෙසේද ?) • එමෙන්ම සාක්‍ෂිය පරිවර්තනයවීමේ ගැටළුද ඇත. උදාහරණයක් ලෙස ජර්මන් භාෂාවේ blau ලෙස දැක්වෙන දෙය ඉංගී්න‍රසි භාෂාවට blue ලෙස පරිවර්තනය කෙරේ. නමුත් ජර්මානුවන්ට වර්ණාවළියේ විවිධ කොටස් වළට විවිධ වචන පැවතිය හැක. එනම් ‘සාක්‍ෂි’ යනු සමාජීය ගොඩනැංවීමකි.

"https://si.wikipedia.org/w/index.php?title=සාක්‍ෂි_යනු&oldid=471951" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි