සාකච්ඡාව:1928 කටුකුරුන්ද දුම්රිය අනතුර

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ගාඩ්වරයා වෙනුවට දුමිරිය නියාමක හොබී.---- Shwetha (talk) 23:57, 15 මැයි 2014 (යූටීසී)[reply]

අපිට මගහැරෙන දේවල් ගැන සහ අත්වැරදීම් ගැන කියාදෙනවාට අනේ බොහොම ස්තූතියි, Shwetha මහත්මයා.--- L Manju (talk) 02:12, 16 මැයි 2014 (යූටීසී)[reply]

:හිස පහත්කරගෙන "මහත්මයා" යැයි කතා කරන්නන් විශ්වාස කරන්නට එපා යැයි මගේ පියා මට අවවාද කළේ රාජ්‍ය සේවයෙහි එතුමාගේ පළපුරුද්ද අනුව විය යුතුය. ඉහත ප්‍රකාර ස්තූති කිරීම් වලට මගේ කැමැත්තක් නැත. එවැන්න මම කරන්නේද නැත. "මුහුණට මුහුණලා ස්තූති කිරීමද නැති තැනක විවේචනය කිරීමද එකම දෙයකි" යන්න මම තදින්ම විශ්වාස කරමි. මෙම දෙකින්ම වන්නේ යමෙකු වික්ශිප්ත භාවයට පත් කිරීමයි. ස්තූති කල ළුිට කුමක් කියන්නද? අනේ මම මෙම ස්තුති කිරීමට සුදුසු නැහැ කියන්නද? නිශ්ශබ්දව ඉන්නද? බොහොම ස්තුතියි කියන්නද? මෙවිට වන්නේ තමන් රැකවල් කර ගැනීමට බැරි වීමකි. තැති තැන විවේචනය කල විටද එම විවේචනයට පිළිතුරු දීමට බැරි වෙයි. එතනද තමන් රැකවල් කර ගැනීමට බැරි වීමකි. මේ දෙකටම මම කැමති නැත. හොඳ දෙයකට ප්‍රතිචාර වශයෙන් හොඳ දෙයක් කිරීම පමණක් මගේ ප්‍රතිපත්තියයි.
බ්‍රිතාන්‍ය ලංකාවේ විදේශ පාලනය අවසන් සමයෙහි ව්‍යවස්ථාදායක සභාව. රාජ්‍ය මන්ත්‍රණ සභාව ආදිය පැවති අතර ලංකා මන්ත්‍රණ සභාව යන්න වෙනුවට සුදුසු පදය සොයා එය යොදන මෙන් ඉල්ලමි. --- Shwetha (talk) 05:34, 16 මැයි 2014 (යූටීසී)
ප්‍රකාශය ඉවත් කර ගනිමි--Shwetha (talk) 14:54, 7 ජනවාරි 2016 (යූටීසී)[reply]

::යම් අයෙක් මාගේ හා මගහැරීම් වැරදි පෙන්වා දෙන විට ඊට ස්තූති කිරීම මා එකල සිට පවත්වා ගෙන ආ පුරුද්දක් මිස, හිස පහත් කරගෙන යැදීමක් නොවන බව (ඔබගේ වෙනස් කර ගැනීම අකමැති, පියාගේ අවවාදයෙහි එල්බ ගැනීම) ඔබ දැනගැනීම වටින එකක් නැතැයි මා සිතමි. (මහත්මයා යන්නෙන් කථා කිරීම හිස පහත් කර ගැනීමක් ලෙස සිතීමත් විහිළුවකි. එවැනි මතයන්ගේ එල්බ සිටින පුද්ගලයෝ මෙරට කීර්තිමත්, සෑම විටම නිවැරදි දේ කරන හා කියන දේ සත්‍යයැයි විශ්වාස කරන්නෝ බව මෙය දකින හා අත්විදි අය දැන ගනීවි) සෑම දෙයක් පිළිබඳවම එක් පසෙක සිට එක් ප්‍රතිපත්තියක පිහිටීම සුදුසු නොවන බව ("මහත්මයා" යැයි කතා කරන්නන් විශ්වාස කරන්නට එපා යැයි කීමෙහි එල්බ ගැනීම), අවස්ථානුකූලව ජීවත් වීමේදී ඕනෑම අයෙකු වටහා ගන්නා කරුණකි. දන්නා හදුනන හා කිසිදිනෙක දැක නැති, හමුනොවන පුද්ගලයෙකුට හෝ මහත්මයා ලෙස කතා කිරීම මට සතුටකි. යම් අයෙක් වෙනත් පුද්ගලයෙකු වෙත ගෞරව කරන තරමට (සුදුසු පුද්ගලයින්ට පමණක්) මටද ගෞරව ලැබෙන බව මම හොඳින් දනිමි.

ඔබ විසින් සඳහන් කරන "මුහුණට මුහුණලා ස්තූති කිරීමද නැති තැනක විවේචනය කිරීමද එකම දෙයකි" යන්න ගැනනම් මා හට පැහැදීමක් හා අවබෝධයක් නැත. සාමාන්‍යයෙන් තමාගේ පුරුදු අනෙක් අය සතුව අනිවාර්යයෙන් ඇතැයි සිතන්නවුන් මෙසේ පූර්ණ එළැබීම් වලට පැමිණෙන බව බොහෝ දෙනෙකු විශ්වාස කරති.
ස්තූති කල ළුිට කුමක් කියන්නද? - කෙනෙකු ස්තූතියක් කල විට වික්ශිප්ත භාවයට පත් වීමක් ගැන සිතීමත් හරිම අමුත්තකි. ස්තූතියක් පල නොකරන කෙනෙකු ස්තූතියක් ලත් විට මෙලෙස අනවශ්‍ය වික්ෂිප්තයකට එළැබෙනවාද නම් මම නොදනිමි.
සිංහල විකිපීඩියාව තුල රැකවල් බැඳීම ගැන අදහසද විකාරයකි. සිංහල විකියේ අපිට අයිති දෙයක් හෝ රැකවල් බැඳීමක් නොමැත. සිංහල විකියේ පමණක් නොව ලෝකයේම අපට හිමි දෙයක් නොවේ.
බ්‍රිතාන්‍ය ලංකාවේ විදේශ පාලනය අවසන් සමයෙහි ව්‍යවස්ථාදායක සභාව. රාජ්‍ය මන්ත්‍රණ සභාව ආදිය පැවති අතර ලංකා මන්ත්‍රණ සභාව යන්න වෙනුවට සුදුසු පදය සොයා එය යොදන මෙන් ඉල්ලීමක් කිරීම අවශ්‍ය නැත. 1928 කටුකුරුන්ද දුම්රිය අනතුර මගේ ලිපියක් නෙමේනෙ. අපි හැමෝටම අයිති දෙයක්නෙ. ඉතිං වැරදි තිබෙනවානම් හැදීම හෝ මකා දැමීම හෝ අනාථ ලිපි ටැගය හරි ඕනෑම ටැගයක් එල්ලීම හරි කල හැකියිනෙ.
සමහර රාජ්‍ය සේවාවන්ගෙන් සාමාන්‍ය පුද්ගලයෝ වන අප සේවා ලබාගැනීමට යාමේදී ස්තූති කරත් ඇඟට කඩා පනින සම්ප්‍රදාය, මම කීප විටක් අත්විද ඇත්තෙමි. ඒත් පුරුද්දටදෝ එවැනි අයටත් සමුදෙද්දී ස්තූති යැයි කීම මගේ ක්‍රමයකි. ඒ වගේම අනුන්ගේ ගතිපැවතුම් අවමානයට ලක් කල යුත්තේ (වැරැද්දක් නම් පමණයි) අවස්ථානුකූලවයි.
ඇත්තෙන්ම මහත්මයා යන්නෙන් කථා කිරීම හිස පහත් කර ගැනීමක් ලෙස අරුත් දැක්වීම (එක් එක් පුද්ගලයාට හිතෙන ලෙස), මට මහත් සේ කණගාටුවකි. Singhalawap මහතාගේ හා මීට පෙර පැමිණි අනෙකුත් පරිහීලකයින්ගේද ඇඟෙහි කටු අත්තක් සේ එල්ලෙන්නාක් මෙන්, මගේ ඇගේද එල්ලීමට උත්සාහ නොකරන මෙන් ඉල්ලා සිටිමි. --- L Manju (talk) 07:00, 16 මැයි 2014 (යූටීසී)ප්‍රකාශය ඉවත් කර ගනිමි--L Manju (talk) 14:19, 7 ජනවාරි 2016 (යූටීසී)[reply]
ඔබගේ පිළිතුරට ස්තුතියි. ඔබ සම්පූර්ණයෙන් හඳුනාගතිමි. --- Shwetha (talk) 07:19, 16 මැයි 2014 (යූටීසී)ප්‍රකාශය ඉවත් කර ගනිමි---Shwetha (talk) 14:51, 7 ජනවාරි 2016 (යූටීසී)[reply]

විකිපීඩියාව තුල සංස්කාරකවරුන්ට අඩන්තේට්ටම් සිදු කිරීම[සංස්කරණය]

පරිශීලකයින්ගේ පුද්ගලික හඳුනාගැනීම සිදුකිරීමත් (Shwetha මහතා විසින් මෙහි දැක්වෙන 1928 කටුකුරුන්ද දුම්රිය අනතුර යටි ඡේදයේ මා සම්පූර්ණයෙන් හඳුනාගති යන්න පිළිගෙන ඇති නිසා), විකිපීඩියාවෙහි අන්තර්ගතය ගැන සංවාද නොකොට සංස්කාරකවරයාගේ/වරුන්ගේ පුද්ගලික ගතිපැවතුම් තමන්ගේ පදනම් මත යැපෙමින් අවඥාවට සහ සමච්චලයට ලක් කිරීමත්, අනාරාධිත ලෙස පීඩාවට ලක්වන ආකාරයේ අවවාද ලබා දීමත්, සංස්කාරකවරුන්ට විකිපීඩියාව අප්‍රසන්න ස්ථානයක් බවට පත්කිරීමට උත්සාහ දැරීමත් හා මා ලවාම සංස්කරණ සිදුකරවීමේ (කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ) විකීලුහුබැඳීමක් (WIKIHOUNDING) වැනි දෑ දක්නට ලැබෙන නිසාත්, මෙම සිදුවීම විකිපීඩියා සුසිරිත් වලට පටහැනිව සිදුවූ අඩන්තේට්ටම් (harassment) කිරීමක් ලෙසින් මා දකිමි. --- L Manju (talk) 06:35, 17 මැයි 2014 (යූටීසී)ප්‍රකාශය ඉවත් කර ගනිමි--L Manju (talk) 14:19, 7 ජනවාරි 2016 (යූටීසී)[reply]