සාකච්ඡාව:සීතා අම්මාන් කෝවිල

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
  • වාල්කිමිගේ රාමායනයට අනුව වාල්මිකී පවසන්නේ සීතා සිරකර තිබුනේ මුහුද අසල තිබු රෝස පැහැති හිරිගලින් නිමකළ මාලිගාවක බවය. තවද වාල්මිකීගේ රාමායන කාව්‍යයේ තවදුරටත් සදහන් කරනුයේ හුදකලාව විසු ඇයව මුහුදු සුළගින් හමන නාදය ගීත ගායනයෙන් අයව සැනසූ බවය(රාමායනය කියවන්න ). එබැවින් ලිපියේ අන්තර්ගතය වන සීතාව පැහැරගෙන පැමිණ සැඟවූවා යැයි පැවසීම නුවර එළියේ මුහුදක් නොමැති නිසාත් නුවරඑලියට සෘජු මුහුදු සුලගක් හමන්නේ නැති නිසාත් මුසාවකි. මෙහි අන්තර්ගතය පිලිගැනීමටනම් වාල්කිමිගේ රාමායනය වෙනස් කල යුතුය.වාල්කිමිගේ රාමායනය බොරුනම් සීතා කෙනෙකු නැත.එබැවින් සීතා අම්මාන් කෝවිලක්ද නැත.
  • තේ වතුවල සේවයට ඉංග්‍රීසින් විසින් දකුණු ඉන්දියානු කුලීකරුවන් ගෙනආවිට ඔවුන් සමග පැමිණි හින්දු පූසාරීන් ශීත දේශ ගුණය නිසා සිංහලයින් භාවිතා කල ශීත එළිය,ශීත පොකුණ,ශීත ඇල්ල,ශීත ගුහාව ආදිය රාමායනයේ සීතා ලෙස අව භාවිතා කරමින් 'සීතා ජනප්‍රවාද' ගෙතීය.--RsEkanayake 18:20, 7 අගෝස්තු 2016 (යූටීසී)[reply]