සාකච්ඡාව:විශ්වවිද්‍යාල

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය[සංස්කරණය]

එදා සුන්දර මනරම් පරිසරයකට හා වීර ජාතියකට උරුමකම් කී ඵෙතිහාසික පුරවරයක් වූ වෙල්ලස්ස අද රටට වැඩදායි විද්‍යාර්ථයින් රැසක් බිහි කරමින් නිහඬ සේවයක නියැලෙමින් සිටී. ශ්‍රී ලංකා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළු වූ නවක පුරුක වුවත්, රටට අවැසි උගත් බුද්ධිමත් මිනිසුන් නිර්මාණය කරන්නා වූ ස්ථානයක් බවට පත්වී හමාරය. සාම්ප්‍රධායික සරසවි ක්‍රමය ඔස්සේ නොයා දියුණු ලොවට ගැලපෙන අයුරින් ආකල්ප හා හැදියව සහිත ඌව වෙල්ලස්ස සරසවි සිසුවා තවත් එක් සරසවි සිසුවෙක් නොවේ.

                   ඌව වෙල්ලස්ස සරසවි මව් තුරුල්ලේ දැඩිවූ සරසවි සිසුවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරසවි සිසුවෙක් බව සනාත කිරීමට එහි ඇති සම්පත් හාවිතාව මනා නිදසුනකි. පිරිසිදුව පිළිවෙල මුල්කොට සලකන සරසවි සිසුන් සරසවිය එය රැක ගැනීම කෙරෙහි දක්වන මෙහෙය කල ගුණ දත් ජාතියක් බව නැවතත් ක්‍රියාවෙන් ඔප්පු කර හමාරය.