සාකච්ඡාව:විද්‍යාව, ගණිතය සහ දර්ශනය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

විද්‍යාත්මක ක්‍රමය හා ලෝකය දැන ගැනීමේ එකම ක්‍රමය විද්‍යාවද යන්න ‍මෙහි සාකච්චා වට ලක් වෙනවා.

විද්‍යාත්මක ක්‍රමය විද්‍යාවේ ප්‍රධාන විධික්‍රමය. නමුත් ඒ පිළිබඳව තවමත් පැරඩයිමයක් සම්පාදනය වෙලා නැහැ. උදාහරණ ලෙස කාල් ප්‍රොපර් ගෙ විද්‍යාව පිළිබඳ දර්ශනය තුල තියෙන අසත්‍යකරණය පිළිබඳ අදහස ප්‍රශ්නාර්ථයන්ට බදුන් වූ එකක්. කෙසේ උනත් ලෝකය ඥාණනය කිරීමේ එකම විධික්‍රමය විද්‍යාව නෙමේ. කලාව ඒ කාර්යය වෙනත් ආකාරයකට කරනවා. ඒ සංකල්ප රූප ඔස්සේ. විද්‍යාත්මක ක්‍රමය විද්‍යාවේ ප්‍රධාන විධික්‍රමය.

මේ සියල්ල තවමත් දාර්ශනිකව, ඒ වගේම භෞතික පොලව මත විමර්ෂණයට, වෙනස්වීම් වලට ලක් වෙමින් තියෙනවා. ඒක තමයි විශ්වයෙ තියෙන දයලෙක්තික ස්වාභාවය. ඒක හැම දෙයකටම පොදුයි. -ප්‍රභාත් ගලගමගේ


උදාහරණයක් - විද්‍යාව ඍණ එකේ වර්ගමූලයක් නිර්වචනය කිරීමෙන් නොනැවතී ඒ මත ‘සංකීර්ණ සංඛ්‍යා’ (complex numbers) පාඩම සම්පූර්ණයෙන් ගොඩ නඟන්නේ කවර නම් තර්කයකට අනුව දැයි පහදන්න.

ඍණ එකට වර්ගමූලයක් තිබේද?

තර්කයට අනුව මේ සුමට කප්පි, ඝර්ෂණයෙන් තොර පෘෂ්ඨ, අප්‍රත්‍යස්ථ තන්තු, ශුන්‍ය බරින් යුතු තන්තු වැනි භෞතික ලෝකයේ නොපවතින බොරු නොවේද? විද්‍යාව 100%ක් තර්කානුකූල යැයි කියන කවුරුන් හෝ මේවා ගෝචර වන්නේ කවර තර්කයටදැයි කියන්න.

විද්‍යාව ආගම් වලට වඩා තර්කානුකූල වූ පමණින් එය හැමවිටම තර්කානුකූල බවවත්, ඇදහීමෙන් තොර බවවත් නොකියැවේ. විද්‍යාව ගැඹුරින් හැදෑරූ ඕනෑම කෙනකු දන්නා පරිදි විද්‍යාවේ ඕනෑ තරම් ඇදැහීම් ඇත. මේ ඇදැහීම් ප්‍රශ්න කිරීම් වලට ලක් නොවන්නේ ඒවා එසේ තබා ගැනීම අපට වඩා පහසු නිසාය. ඒ අර්ථයෙන් විද්‍යාවද ආගමකි.

/නමුත් ඇදහීම කියන්නෙ තර්කයට විවෘත නැති විශ්වාසයයි කියන අර්ථයෙන් ගන්නවා නම් කිසිවිටෙක විද්‍යාව ඇදහිය නොහැක./

x එකට සීමා වන විට (x^n -1)/(x-1) ශ්‍රිතය nx^(n-1) ට සමාන වන බව තර්කයට විවෘතද, එසේ නම් ඒ කවර තර්කයටදැයි කියන්න.

(ප්‍රශ්නය ඕනෑම කෙනෙකුට විවෘතය.)

ප.ලි. මේ විද්‍යාව හැමවිටම තර්කය මත පදනම් වේය යන බොරුව මට අවබෝධ කැරැවූ පළමු පාඩමය. විද්‍යාවේ හැම දෙයක්ම තර්කය මත පදනම් වේය සිතන්නා යුක්ලීඩියානු ජ්‍යාමිතිය ඉගෙනීමෙන් පසු තම ඉගෙනීම අවසාන කළ යුතුය.


හිතවත ,the Uncertainty principle නොමැති විශ්වයක තාරක දිලෙන්නේ නොමැතිබව වත් ඔබවැනි scientist කෙනෙකු නොදන්නා බව විශ්මයකි! ?

PLEASE WATCH: What is quantum tunneling? --raju (talk) 03:12, 15 ජනවාරි 2015 (යූටීසී)[reply]

හිතවත් User:රාජු
ඔබ පවසන කරුණු සමග එකඟය.
මෙතැන ගැටළුව වන්නේ කරුණු නොව ඒ සඳහා විකිපීඩියාව සුදුස් ස්ථානය නොවීමයි.
මෙම ලිපිය අලුත් පොතක් ලෙස විකිපොත් වෙත එක්කිරීම නම් ගැලපෙක බව සිතමි.
විකිපීඩියා:විකිපීඩියාව කුමක් නොවන්නේද ලිපිය පරිශීලනය කරන ලෙසද ඉල්ලා සිටිමි. Singhalawap (talk) 06:05, 15 ජනවාරි 2015 (යූටීසී)[reply]