සාකච්ඡාව:විකිපීඩියා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

The article should be translated into Singhalese. --Proof 17:45, 18 April 2006 (UTC)

පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරය[සංස්කරණය]

සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රතපත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් ව්ද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරැණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි. වංශ කතාවලට අනුව ලංකාවේ දෙවන රාජධානිය වන පොළොන්නරැව පිහිට වු පළමු වන විජයබාහු ( ක්‍රි.ව.1070 - 1110 ) රජුගේ කාලය දක්වා තෙල්වත්ත විහාරයේ පුරාණය දිවෙන බව අදහස් කෙරේ.

විහාරයේ ඉපැරණි බව ඊටත් වඩා ඈත අතීතතයට ගිය බව පෙනේ. ක්‍රි.පු දෙවන සියවසසේදි මහ සමුදුර බිහිසුණු වි ගොඩබිමට ගැලු අවස්ථාවේ දි සක් දෙවි රජු විසින් නිර්ම්ත දිසා පිළිමයක් තිබු බව පසලොස්වන සියවසට අයත් ගිරා සංදේශයේ සඳහන් වෙයි. විහාර භමියෙහි ටැම් ලිපි 11 වන සියවසට අයත්ය. 11 වන සියවසේ දී ලංකාව සොලි ආධිපත්‍යයට යටත් වීම හේතු කොට ගෙන ඇති වු දුර්දශා කාලය සීමාවේදි මෙම විහාරය සංවර්ධනයට ද හානි වු බව පෙනේ. ලංකාව එක් සේසත් කිරීමෙන් අනතුරැව විජයබාහු රජතුමා විසින් තම අවධානය නැවත විහාරය වෙත යොමු කරන ලද යැයි සිතිය හැක.

සාහිත්‍ය සාක්කි අනුව විජයබාහු රජු විසින් ඇති කරන ලද ආගමික පුනරැදය නිසා විහාරයේ ප්‍රසිද්ධියට පසුභාගයට අයත් සියවස්වලදි දිගටම පැවති බව පෙනේ. සොලොස් වන සියවසට අයත් ජින චරිතය විජයබාහු රජතුමා විසින් පිළිසකර කළ මෙම විහාරය රාජ වංශයේ ධජයක් ලෙස හඳුන්වයි. සිව්වන පරාක්‍රමබාහු රජතුමා ( ක්‍රි.ව 1302-1326 ) දවස දෙමහල් ප්‍රාසාදයකින් විහාරය සමලංකෘත කළ බව සඳහන්ය.

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:විකිපීඩියා&oldid=150044" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි