සාකච්ඡාව:මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මුලින්ම බිහි වුනේ අනුරාධපුරයේ මහමෙව්නාව මහා විහාරයයි එබැවින් මෙම ලිපියේ මාතෘකාව ලෙස මහමෙව්නාව මහා විහාරය ලෙස යෙදීම පාඨකයා නොමග යවන සුළුයි ,මාතෘකාව විය යුත්තේ "මහමෙව්නාව මහා විහාරය භාවනා අසපුව" ලෙසයි.--ආර් එස් ඒකනායක (talk) 19:19, 7 සැප්තැම්බර් 2015 (යූටීසී) මෙම ලිපියේ මාතෘකාව පිලිබදව මත+භේද ඇත.එය දැනට යම් දුරකට නිවැරදි කර ඇත. ඒ පිලිබදව මීට දින කීපයකට ඉහතදී මවිසින් ඉදිරිපත් කර තිබු මතය/සාකච්චාව මෙතන ඇත.--Rsekanayake (talk) 16:55, 10 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

දෘශ්‍ය යථාර්තය සහ යතාර්ථය[සංස්කරණය]

"මහමෙවුනාව" හෝ "මහාවිහාරය" හෝ "මහමෙව්නා මහා විහාරය"..... යන ආදී පෞරාණික එතිහාසිකත්වය සිංහල "විකීපීඩියා නිදහස් සංචලනය" නැමැති අවිය උපයෝගී කරගෙන දැනුවත්ව හෝ නොදැනුවත්ව අපහරණය වන බව නිරීක්ෂණය වේ.මෙවැනි තත්වයක් වලක්වාගැනීම පිණිස විකීපීඩියාවේ රීති ප්‍රතිපාදන තිබේද නැද්ද යන්න මා නොදනී.එසේ නැත්නම් එතනත් අඩුවකි.එසේ තිබේද නැද්ද යන්න වග තවදුරටත් කවරකු විසින් හෝ ගැඹුරට අද්‍යනය කලයුතුය.

මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක යන නාමය ගෙන ෛඑතිහාසික යතාර්ථය භක්ෂණය කිරීම අනුමත කල නොහැක,මහාවිහාරය යන නම,එම සම්ප්‍රදායේ නොපිහිටුවමින් ලබාදීම හෝ ලබාගැනීම ගැනීමම සුදුසු නොවේ.මෙය හුදු නමක්ම නොවේ. එම නාමය තුල ඉතිහාසයක් සස්කෘතියක් ගොඩනැගී සැගවී ඇති නාමයකි.එබැවින් ඉහත ෛඑතිහාසික නාමයන් වීකිපීඩියා වැනි විශ්වාශනීයත්වය ගොඩනගාගෙන ඇති අඩවීන් තුල ලබා දීමේදී පාලක වරයන් විසින් ,කතෘ වරුන් විසින් විශේෂ අවධානයක් යොමු කර ලබාදිය යුතුය.එකගතාවයක් ඇතිකරගෙනම ලබාදිය යුතුය. එය හුදෙක් දෘශ්‍ය යථාර්තයක් මත ගොඩනගා කීප දෙනෙකුගේ එකග තාවයෙන් පමණක්ම ලබාදීම නොකළ යුතුය,එය මංකොල්ල කෑමට ඉඩ නොදිය යුතු යනු පොදු අදහසයි. ප්‍රමුකත්වය දිය යුත්තේ බුද්දිමතුන් අතර ප්‍රචලිත මතවාදයටමය. මා විසින් ජෝජිත ප්‍රතිවිරුද්දතාවය යම් සුලුතරයකින් අභියෝගයට ලක්වන්නේනම්(දෘශ්‍ය යථාර්තයක් මවා) මේ සදහා බුද්ධිමය සංවාදයක්, කතිකාවතක් පළමුව ඇති කර තීරණය කල යුතු බව මගේ මතයයි. ස්තුතියි --Rsekanayake (talk) 08:58, 23 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]