සාකච්ඡාව:පුරාවස්තු විනාශය පිටු දකිමු.

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්


මෙසපොටේමියාව, ඊජීප්තුව, වැනි ශිෂ්ටාචාර වල පුරාවස්තු වෙනත් ශිෂ්ටාචාරවලින් හමු වේ. මෙයට හේතු වී තිබෙන්නේ 15, 16 වැනි සියවස්වල අධිරාජ්‍යවාදීන් කොල්ලකෑමේ ව්‍යාපාරයක් ඇරඹීමයි. ආසියාතික, අප‍්‍රිකානු , ලතින් ඇමරිකානු රටවල මේ අතර ප‍්‍රධාන තැනක් ගන්නා සංස්කෘතික වටිනාකමක් ඇති පුරාවස්තු මෙලෙස කොල්ලකා තිබේ. මෙහි ප‍්‍රතිඵල ශ‍්‍රී ලංකා සමාජය කෙරෙහිද බලපා තිබේ. පෘතුගීසි, ලන්දේසි, ඉංග‍්‍රීසීන් පුරාවස්තු විශාල ප‍්‍රමාණයක් ඒ ඒ් රටවලට අරගෙන යන ලදී. ඒවා බොහොමයක් ඒ රටවල මහජන ප‍්‍රදර්ශනයට ද තබා තිබේ. සමහර රටවල මෙම කොල්ලකන ලද ද්‍රව්‍ය ඒ ඒ රටවල වෙන්දේසියට පවා තබා තිබේ. මෙසේ ඇරඹි පුරාවස්තු විනාශය සහ කොල්ලය වර්තමානයේ ලෝක සංස්කෘතික උරුමයට මහත් ව්‍යවසනයක් බවට පත්ව ඇත. මේ තත්වය කෙරෙහි සංවේදීත්වයෙන් පසුවන ජාත්‍යන්තර ප‍්‍රජාව ලොව පුරා විසිරී පවත්නා පුරා සංස්කෘතික ශේෂයන් ලෝක සංස්කෘතික උරුමය ලෙස සලකා ආරක්ෂා කිරීමට විශේෂ අවධානයක් යොමුකර ඇත. මෙහිදීී UNESCO සහ ICOMOS වැනි සංවිධානයන්ගේ ප‍්‍රභවය සහ කැපවීම මැනවින් ප‍්‍රදර්ශනය වේ.


කලින් කලට වෙනස් වෙමින් වර්ධනය වූ සංස්කෘකතික සම්පත් විනාශ වීමේ ප‍්‍රවණතාවයන් හඳුනා ගනිමින් නීතිමය ප‍්‍රතිපාදනය හඳුන්වාදීමට එම සංවිධාන මේ දක්වා කටයුතු කර ඇත. සංස්කෘතික උරුමය සුරැුකීම පිළිබඳ ප‍්‍රඥප්තිය හා නීති විරෝධී සංස්කෘතික සම්පත් ආනයනය හා අපනයනය තහනම් කරමින් සහ වළක්වාලමින් පැනවූ ප‍්‍රඥප්තිය පුරාවස්තු විනාශයේ ජාත්‍යන්තර ස්වරූපය පෙන්වයි.


ලෝක සංස්කෘතික උරුමයේ බිම් කඩවල් 6ක් සහ තවත් පුරාවිද්‍යාත්මක ස්ථාන ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සහිත ශ‍්‍රී ලංකාව මෑතකාලීන පුරාවස්තු විනාශය සහ සොරකම හුදෙක් මෑතකාලීන ප‍්‍රවනතාවයක් නොවේ. ලංකාවේ පුරා සාධක කටයුතු ප‍්‍රාථමික මට්ටමින් සිදුවුණු 1910න් එපිට කාලවකවානුව ගවේෂණාත්මක කාල අවධියක් ලෙස සැලකෙන අතර එම අවධියේදී පුරාවස්තු සහ කෞතුක වස්තු ආරක්ෂණය මුල්ම සියවසේ තත්වයක් කල එළි දකින ආකාරය ශ‍්‍රී ලංකාවේ ධන නිධාන නීතිය තුළින් (Treasure Trove Act) පැහැදිලිය. නීතියක් පැනවෙන්නේ නීති විරෝධි ක‍්‍රියාවන් නිසාය. එසේනම් මේ කාලවකවානුව තුළත් ශ‍්‍රී ලංකාවේ ධන නිධානයන් තර්ජනයට ලක්වී ඇති බව පෙනේ.


1940න් පසු පුරාවිද්‍යා ආඥාපනත මඟින් ශ‍්‍රී ලංකාවේ පුරාවස්තු ආරක්ෂා කිරීම පිණිස විශේෂ අවධානයක් යොමුවන්නේ පුරාවස්තු විනාශය කාලීන ප‍්‍රවණතාවයන්ට මග ඇහිරීමක් වශයෙනි. ශ‍්‍රී ලංකාවේ පුරාවස්තු විනාශයන් මේ වකවානුවේ කවර පරිමාණයකින් සිදුවූවාද යන්න අප සතුව ඇත්තේ අපහැදිලි චිත‍්‍රයකි. මේ අවදියේ පුරාවස්තු, කෞතුක වස්තු රැුස්කිරීම විනෝදාංශයක් කරගත් පිරිසක්ද සිටි බව පැහැදිලි වේ. එහෙත් එදා ඔවුන් හා වර්තමානයේ පුරාවස්තු රැුස්කර අලෙවි කරන්නන් අතර පරමාර්ථ සහ ආකල්පමය වශයෙන් පැහැදිලි පරතරයක් පවතී.


මේ සිදුවීම් ප‍්‍රධාන වශයෙන් ඉලක්කවූ පුරාවස්තු සහ ස්ථාන අනුව ඒවා විවිධ මුහුණුවර ගනු ලැබේ. 01. පැරණි ස්මාරක ගොඩනැගිලි සඳහා හානි කිරීම.තද පැහැති අකුරු පෙළවිශාල පෙළ 02. ප‍්‍රතිමාවලට හානි කිරීම. 03. දාගැබ් බිඳීම. 04. පුරාවස්තු සොරකම. 05. පුරාවස්තු සෙවීමට තැත්කිරීම. 06. පුරාවස්තු වලට හානි වන පරිදි පිහිටි ගල් කැඞීම.

වර්තමානය වනවිට නිධන්හෑරීම නීති විරෝධී නව ආර්ථික ව්‍යාපාරයක් ලෙස දක්නට ලැබේ. මෙහි භයානකකම වන්නේ ශ‍්‍රි ලංකාව තුළ ආරක්ෂා වියයුතු බොහෝ දේවල් පිටරට වෙත ඇදී යාමය. 2011/2012 වර්ෂ වන විට නිධන්හෑරීම සහ පුරාවස්තු විනාශ කිරීම පිළිබඳ සිද්ධි විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.


 දිප්පිටිය රතනජෝත්‍යාරාමයේ විහාරගේ තුළට මෑතකදී ඇතුලූවූ නිධන් හොරුන් හිඳි පිළිමය කඩා බිඳ දමා විහාර බිමේ මැද විශාල වලක් හාරා තිබේ. සෙසු පිළිමද කඩාබිඳ දමා විනාශ කර ඇත.

 නිධානයකින් ගොඩගත් දඹරන් පිළිමයක් හා ලෝකඩ පිළිම දෙකක් රුපියල් පන්කෝටි අසූලක්ෂයකට අලෙවි කිරීමට තැත් කර ඇත.

 සීගිරිය ගල්ළිඳ ප‍්‍රදේශයේ විශාල වස්තූන් හා සීගිරි කාශ්‍යප රජුගේ රන් හා මැණික් ඔටුන්නක් ඇතැයි යන මතය තුළ මෙම ස්ථානය නිධන් හොරුන්ගේ ග‍්‍රහනයට ලක්වී ඇත.

 ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ බවට සැකකරන බස්තමක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට හමුදා සෙබලෙක් තැත්කර තිබේ.

 මැණික් ඔබ්බවා ඇතැයි සැලකෙන කිරිගරුඩෙන් නිමැවූ පුන්කලසක හැඩගත් මංජුසාවක් ලක්ෂ 10කට අලෙවි කිරීමට යාමේදී පුද්ගලයකු අත්තඩංගුවට ගෙන තිබේ.

 ගාල්ල වරාය ආශ‍්‍රිතව වසර ගණනාවකට පෙර මුහුදුබත් වූ නාවික යාත‍්‍රාවල කොටස් ගලවාගෙන ඒමේ ජාවාරමක සැකකරුවන් දක්ෂිණ නාවික කඳවුරේ නිලධාරීන් විසින් අත්තඩංගුවට ගෙන තිබේ.

 කොළඹ ජාතික කෞතුකාගාරයේ සිදුවූ පුරාවස්තු මංකොල්ලය නිසා විශාල පුරාවස්තු සංඛ්‍යාවක් අහිමි විය. එම භාණ්ඩ අතර, x 13 සහ 15 වන සියවසට අයත් රන්කාසි 93ක්. x 13 සහ 15 වන සියවසට අයත් රිදීකාසි 50ක්. x ක‍්‍රි.ව. 8වන සියවසට අයත් විවිධ වර්ගයේ ලෝහ කාසි 09ක්. x ක‍්‍රි.ව. 8වන සියවසට අයත් රන් කහවනු 28ක්. x විශේෂිත අවස්ථා වලදී නිතුකත්කරන ලද සමරු කාසි 13ක්. x රුපියලේ මුදල් නෝට්ටුවේ සිට මේ දක්වා මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටු 35ක්. x 17 සහ 18 වැනි සියවස්වල නුවර යුගයේ විසූ නුගවෙල අධිකාරම්ට අයත් කඩුවක් හා බඳ පටියක් , බස්තමක උඩ කොටසක්. x 17 සහ 19 වැනි සියවස්වලට අයත් කඩුකස්තාන 10ක් x ක‍්‍රි.ව. 3වන සියවසට අයත් මුද්දක්. x 17 සහ 19 වැනි සියවස්වලට අයත් මුතු අල්වන ලද මුදු කිහිපයක්.


පුරාවස්තු විනාශය හා කොල්ලය හමුවේ ක‍්‍රියාත්මක වන දිසි අදිසි බලවේග කිහිපයකි. සමාජයේ ධනයෙන් හා බලයෙන් පිරිපුන් පුද්ගලයින් මේ සෑම කටයුත්තක් පසුපසම අදෘශ්‍යමාන බලවේග ලෙස මෙහෙයුම් කරනු ලබන බව ප‍්‍රසිද්ධ රහසකි. දුගී දුප්පත් ජනතාව අනවබෝධය හේතුවෙන් දඩ මීමුන් බවට පත්ව ඇත. දේශීය විදේශීය වශයෙන් පැරණි භාණ්ඩ අලෙවිසැල් පවත්වාගෙන යන්නවුන් දේශපාලන බලයද සහිතව ඉතා ප‍්‍රසිද්ධියේ මේ සඳහා සම්බන්ධ වී ඇත. දේශපාලන බලයේ ප‍්‍රභලතාවය කෙතරම්ද කිවහොත් පොලිසියට හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ අලෙවිසැල් පිරික්සීමට බලයක් නොමැති තරම්ය. මේ දශකයේ මුල් කාලයේ සිදු වූ පුරාවස්තු කොල්ලකෑම් සිද්ධීන් සම්බන්ධයෙන් විවිධ දේශපාලඥයන්ගේ සම්බන්ධතා තිබූ බවටත් ඊට අමතරව ව්‍යාපාරිකයන් හා ආරක්ෂක නිලධාරීන්ද සම්බන්ධ බවට තොරතුරු පවතී. එසේම තවත් ස්ථාන භාර චීවරධාරීන් ද සම්බන්ධ වූ බවට තොරතුරු වාර්තා වී ඇත. (හැන්සාර්ඞ් වාර්තාව,1998.සැප්.22* ඉතා මෑතකදී අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ සිදුවූ පුරාවස්තු අතුරුදන්වීමේ සිදුවීම් කිහිපයක ස්වරූපය විමසන විට පෙනී යන්නේ අදාළ ස්ථාන භාර නිලධාරීන් සේවක පිරිස් සහ මුරකරුවන්ගේ ඍජු හෝ වක‍්‍ර සම්බන්ධවීමක් නොමැතිව ඒවා සිදුකළ නොහැකි බවයි.

විශේෂයෙන් කොළඹ ජාතික කෞතුකාගාරයේ පුරාවස්තු මංකොල්ලයට සම්බන්ධ කිසිවෙකු තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ. එම අවස්ථාවේ සිදුවී තිබෙන අනෙකුත් සිදුවීම් දෙස බැලීමෙන් මෙම පුරාවස්තු මංකොල්ලයට කෞතුකාගාරය තුළ සිටින කිසිවෙකු හෝ මෙයට සම්බන්ධදැයි සැක මතුවේ. එයට හේතුව ආරක්ෂක කැමරා පද්ධතියක් තිබෙන මෙතරම් විශාල ස්ථානයකට ඇතුළුවීමට සාමාන්‍ය පුද්ගලයෙකුට නොහැකිය. එමනිසා මෙහි ඇතුලේ සිටින කිසිවෙකුගේ හෝ මගපෙන්වීම අනිවාර්ය වේ. එපමණක් නොව පොලිස් සුනඛයන් අවසානයට නතරවූයේ ආරක්ෂක කුටිය තුළය. මෙමගින් ඔවුන්ගේ යම් බලපෑමක් මෙයට හේතුවී තිබේ යැයි සිතිය හැක. පුරාවස්තු විනාශ කිරීම සඳහා බොහොමයක් ආරක්ෂක නිලධාරීන් සම්බන්ධවී සිටී. පොලිස් වාර්තාවලට අනුව ඒ බව හෙලිවී ඇත. මේ අතර හමුදා සේවයෙන් පැනගිය පුද්ගලයින් බොහොමයක් ද මේ ක‍්‍රියාවන්ට සම්බන්ධ වී ඇත . විශෙෂයෙන් අනුරාධපුර ප‍්‍රදේශයේ පුරාවස්තු විනාශ කිරීම සම්බන්ධව මෑතකදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පිරිසක් අත්තඩංගුවට ගන්නා ලදි.

විදුහල්පතිවරු සහ ගුරුවරුද මේවාට සම්බන්ධවී තිබේ. වැල්ලව දංගොල්ලාගම ෙසෙලතලාරාම විහාරස්ථානයට අයත් ඉඩමක විශාල ගල්පර්වතයේ නිධන් හාරමින් සිටි විදුහල්පතිවරයෙකු හා ඔහුගේ පුතුන් දෙදෙනෙක් ද හිටපු මුල් ගුරුවරයෙක් සහ ඔහුගේ පුතුන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගන්නා ලදි. මෙම ක‍්‍රියාදාමය දෙස බලන විට සමාජය යහ මගට යවන මිනිසුන් පවා පුරාවස්තු විනාශකිරීම මත සමාජ සාරධර්ම කඩා බිඳ දමන අවස්ථා ද ඇත.

ඉහත සඳහන් කරන ලද පිරිසට අමතරව තවත් බොහෝ පිරිසක් මෙරට පුරාවස්තු විනාශ කිරීමේ ක‍්‍රියාවලිය පිටුපස සිටින බව අපට පැහැදිලිය.

ශ‍්‍රී ලංකාවේ බොහෝ ග‍්‍රාමීය පළාත්වල ස්ථාන සහ ස්මාරක මහජන අවධානය සඳහා ඉදිරිපත් කර නොතිබීම නිසා ඒවා වනාන්තර ලෙස ගැනෙන හෙයින් බොහෝ පිරිසක් මෙවැනි ඈත ප‍්‍රදේශවල නිධන් හෑරීමට පෙළඹී ඇත. ලංකාවේ සංස්කෘතික උරුම ස්ථාන ලක්ෂ 05ක් ලෙස සලකා බලන විට 90‍්‍රක්ම තිබෙන්නේ ඈත ගම්මානවලය. ඈත ගම්මානවල චෛත්‍යවලට ඉතා බරපතල හානි සිදුවී තිබේ. නගරයේ සිට ගම්බද ප‍්‍රදේශවලට යන විට චෛත්‍යවල ප‍්‍රමාණය ඉතා කුඩා වේ. මේ නිසා නිධන්හෑරීම වඩාත් පහසු කරගැනීමට හැකිවී තිබේ.

නිධන්හෑරීම දේශීය වෙළඳපොල අතර හුවමාරුව සහ අපනයනය දක්වා දිවෙන බවට පැහැදිලි වේ. මේ කාරණය නව වෙළඳ ආර්ථිකයක් මත ප‍්‍රබලව දැකිය හැකිය. මේ සඳහා වෙන්දේසි වගේම අන්තර්ජාල භාවිත කරන ලදි. උදාහරණ ලෙස බුද්ධ ප‍්‍රතිමා සම්බන්ධ අලෙවි කරන වෙබ් අඩවියක් තිබේ. මෙයින් ආසියාතික රටවල බුද්ධ ප‍්‍රතිමා අලෙවියට යොමුකර තිබේ. මේ බුද්ධ ප‍්‍රතිමා පුරාවිද්‍යා කැණීමක් මගින් 1950 ගණන්වල ලබාගත් ඒවාය. මෙයින් පුරාවිද්‍යාඥයන්ගේ ආචාර ධර්ම ඇතුළු වෙළඳාම තුළ තිබෙන ජාත්‍යන්තර කරුණු අවබෝධ කරගත හැකිය. මෙම පුරාවස්තු විනාශය පිටුදැකීම සඳහා ක‍්‍රියාවට නැංවිය හැකි කළමණාකරන වැඩසටහන් බොහොමයක් තිබේ. එනම්

       01. 90‍්‍ර ප‍්‍රමාණයක් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ස්මාරක ස්ථාන, වනාන්තර බද ස්ථාන, මහජන අවධානය පිණිස හැකි ඉක්මනින් පර්යේෂණ කර ඒ පිළිබඳ දැනුවත් භාවයක් ලබාදීම.
       02. විශාල ප‍්‍රමාණයක් ස්ථාන ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකියාවක් නැත. එමනිසා ගමේ පන්සල මුල්කරගෙන විහාරස්ථාන දායක සභාවට සෝදිසිකිරීම සඳහා බලතල ලබාදීම.
 
       03. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ තිබෙන පොලිස් ඒකකය සහ ඔවුන්ගේ සේවාව විධිමත් කිරීම සහ එම ග‍්‍රාමීය පන්සල් සමග සම්බන්ධතාවයක් ඇති කිරීම.
       04. ගමක පවතින ස්වේච්ඡුා සංවිධාන සමිති සමාගම්වල සහය ලබා ගනිමින් ගම් මට්ටමින් එහි ජාතික උරුමය රැුකගැනීම සඳහා අවධානය යොමු කිරීම.
       05. දැනට පවතින නීතියට අනුව පුරාවස්තු මංකොල්ලකෑම් විනාශකිරීම ඇතුළු කුමන හෝ ක‍්‍රියාවලියකට ලබාදෙන දඬුවම රුපියල් 50,000ක දඩයක් හෝ අවුරුදු 2 සිර දඬුවමකි. මෙය 1998 පුරාවිද්‍යා ආඥා පනත මගින් ලබාදී ඇති දඬුවමයි. මෙය 2005දී දඩ මුදල් වැඩි කිරීමේ පනත මගින් 250000 දක්වා වැඩිකර තිබේ. මෙය තවත් වැඩිකිරීම අවශ්‍ය වේ. 
       06. රටේ ජාතික උරුමය සම්බන්ධයෙන් තියෙන වටිනාකම ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩමුළු සම්මන්ත‍්‍රණ කිහිපයක් ග‍්‍රාමීය මට්ටමින් පැවැත්වීම.
       07. ලංකාවේ නීතිිමය පනත්වල තිබෙන නිධන්හෑරීමට අනුබල දෙන වගන්ති යෝජනා ඉවත්කිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති සම්පාදනයට කරුණු ඉදිරිපත්විය යුතුය. විශේෂයෙන් 1988 සංස්කෘතික දේපළ පනත තුළ තිබෙන ඇතැම් විධිවිධානවලට අනුව සංස්කෘතික දේපළ අපනයනයට පුරවැසියෙකුට අවස්ථාව තිබේ. මේ වගන්තියට අනුව යම් කෙනෙකුට රේගු දෙපාර්තමේන්තුවෙන් ගන්නා ලද අයඳුම් පතකින් පුරාවිද්‍යා කොමසාරිස්තුමාගේ නිර්දේශය මත ශ‍්‍රී ලංකාවේ ජාතික උරුමයට බලපෑමක් නොවේය යන සහතිකය නිර්දේශ කිරීමෙන් පුරාවස්තු පිටරට යැවීමට හැකිවේ. යම් ආකාරයක නිර්දේශය සඳහා අනුමත නොකරන අවස්ථාවක කිසියම් ආකාරයක දේශපාලන බලපෑමක් ඇති විය හැකිය. එමෙන්ම පුරාකෘති අලෙවි කිරීම සඳහා යම් අලෙවිසැල් පවත්වා  ගෙන යාම සඳහා අවසර පත් ලබාදීම තුළින්, මෙහි මුල් කෘතියද අනුකෘතියද යන්න නොකියවෙන නිසා, ව්‍යාපාරිකයන්ට රට තුළම වෙළඳකුටි තබා ගැනීමට මෙය උත්තේජනයවක් වේ. එමනිසා මෙම පනත සංශෝධනය කළ යුතු වෙයි. මෙම වෙළඳකුටි පරීක්ෂාකිරීමට කිසියම් විධියක යාන්ත‍්‍රණයක් අවශ්‍ය වේ.යටි ලකුණු පෙළඋඩු ලකුණු පෙළඋඩු ලකුණු පෙළඋඩු ලකුණු පෙළඋඩු ලකුණු පෙළඋඩු ලකුණු පෙළ

=[සංස්කරණය]

ශීර්ෂ පෙළ[සංස්කරණය]

===

        08. 1888 එන ලද නිධන්වස්තු පනත මගින් ප‍්‍රකාශ කරනු ලබන්නේ පුරාවස්තු ආණ්ඩුවට ලබාදීමයි.  මේ පනත තුළ නිධන්හෑරීම යන වචනය නීතිගත වී තිබීම බරපතල කාරණයකි. මේනිසා පනතේ තිබෙන අදහස් පිළිබඳව මහජනයා දැනුවත් කළ යුතුය.

09. රාජ්‍ය ප‍්‍රත්පත්තිය තුළ යටත් විජිත කාලයේ රැුගෙන යන පුරාවස්තු සහ ඊට පසුව විවිධ ක‍්‍රම මගින් විදේශ රටවල්වලට රැුගෙනගිය පුරාවස්තු ගෙන්වා ගැනීමට තානාපති මට්ටමේ සාකච්ඡුා පැවැත්වීම සිදුකළ යුතුය.

10. පාසල්වල ඉතිහාසය විෂය විධිමත් කර පුරාවස්තු කළමනාකරණය නමින් පාඨමාලාවක් හඳුන්වා දීම සිදුකළ යුතුය.

11. පාසල් ආශ‍්‍රිත ප‍්‍රදේශවල තිබෙන පුරා ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් ශිෂ්‍යභට කණ්ඩායම්, බාලදක්ෂ කණ්ඩායම් යෙදවිය යුතුය.

12. විශේෂයෙන් පුරාවිද්‍යා දැනුමක් තිබෙන උපාධිධාරීන්ගේ සේවාව රේගුවට ලබාගත යුතුය. එමෙන්ම සංස්කෘතික ස්ථාන මාර්ගෝපදේශයට පුරාවිද්‍යා සහ සංචාරක හා සංස්කෘතික සම්පත් කළමනාකරණ උපාධිධාරීන් බඳවා ගත යුතුවේ.

මෙලෙස ශ‍්‍රී ලංකාව තුළ පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට කළමනාකරණ වැඩසටහන් දියත් කිරීමෙන් පුරාවස්තු විනාශය මගහරවා ගත හැකිය. දිනෙන් දින වැඩි වන ජාතික උරුමයන් විනාශ කිරීම වළක්වා ගැනීමට මෙවැනි කළමනාකරණ වැඩපිළිවෙළක් තිබිය යුතුවේ. නැතහොත් අපේ සංස්කෘතික උරුමයන් නොබෝ කලකින් විනාශ වී යනු ඇත.


සමන් ඉන්දික ජයසිංහ ශාස්ත‍්‍රවේදී (විශේෂ දෙවන වසර) පුරාවිද්‍යා අධ්‍යන අංශය කැලණිය විශ්වවිද්‍යාලය