සාකච්ඡාව:දෙවන ලෝක යුද්ධය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

දෙවන ලෝක යුද්ධයේ ඛේදවාචී පසුබිම[සංස්කරණය]

හිට්ලගේ සේනාව සහ යුද්ධමය ශක්තිය වැඩි වීමෙන් හිට්ලර්ගේ මිලේච්චත්වය වැඩි විය. එහි ප්‍රතිපලයක් වශයෙන් ඔහු පෝලන්තය ආක්‍රමණය කලේය. ඉන්පසු ඔහු පෝලන්තයේ ඉතා විශාල බන්ධනාගාරයක් ඉදිකලේය. තවද එය මහා වදකාගාරක් ලෙසද හැදින් විය හැක. මේ වදකාගාරයේ නම ඕශිෂ්ස් (Auschwitv). එය ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇත. වර්ථමානයේ එය කෞතුකාගාරයක් ලෙස සකස් කර ඇත්තේ පෝලන්තයට සංචාරය සදහා එන දෙස් විදෙස් සංචාරකයිටයි. එදා ඒ වදකාගාරයට නැත්තම් බන්ධනාගාරයට මිලියන ගනන් යුදෙව් ජනතාව මෙන්ම පෝලන්තයේ පොලිෂ් ජනතාව හා රුසියානු ජනතාව මේ වදකා ගාරයට ගෙන්නුවේය. මෙහිදී යුදෙව් ජනතාව පළමුව රවටා ඔව්න්ව කොටස් කිහිපයකට බෙදුවේය, එය නම් හොද ශක්තිමත් පිරිමි පුද්ගලයෝ වදකාගාරයේ සේවය සදහා සහ එහි සුද්‍රපවිත්‍ර කටයුතු සදහා, සියලුම ගෑනු පාර්ශවය හා කුඩා ළමුන්, අත දරුවන් මරනය සදහාද නියම කෙරුනි. තවද නිව්න් දරවන් විශේෂයෙන්ම ඔව්ගේ පර්‍යේශන සදහාද තෝරා ගත්තේය. මේ මරනයට නියමු සියලු දෙනා රවටා ඔව්න්ට උනුසුම් ස්නානයක් ලබා දෙන බව පවසා ඔව්න්ව ගෑස් කුටීරයකට ඇතුල් කර විෂ වායි මගින් මිලියන ගනන් යුදෙව් ජනතාව මරනයට පත් කලහ. මේ සියලු දෙනා සිතා සිටියේ ඔව්න් දැන් උනුසුම් ස්නානයක් සදහා සූදානම් බවයි. මේ මිය ගිය පිරස් වල රන් ආභරණ, කොන්ඩ සියල්ල ඉවත් කර ඔව්න්ව පුලුස්සූහ. අනිත් පෝලන්තය හා රුසියානු ජනතාව සියල්ල හිර කරුවන් ලෙස නියම කලෝය. මේ සියලු හිර කරුවන්ට ජීවත් වීමට කාලය ඇත්තේ මාස හයක් පමණයි. එකල පෝලන්තයේ ඉතා බුධ්ධිමත් ජනතාව සිටීම නිසා හිට්ලගේ නාසි හමුදාව මේ සියලු උගත් මිනිස්සු(ගුරුවරු, වෙද්‍යවරුන්, නීතිඥයන්,...) මරා දැමුවෝය. අනිත් දුප්පත්, නූගත් ජනතාව වහල්ලු ලෙස නම් කලෝය. මේ හමා මිලේච්චයන්ට ගොදුරු වූ බොහෝ අය ලමයි ය. මේ නාසින්ට ගොදුරු වී මිය ගිය ලමයිගේ මෙන්ම අනිකුත් අයගේ කොන්ඩ, බඩුමුට්ටු, ආබාධයන්ගේ බඩු, ඇදුම් චායාරූප හා තවත් බොහෝ දේවල ඕශිෂ්ස් බන්ධනාගාරයේ කෞතුක භාන්ඩ ලෙස අදට අපිට දැක ගත හැක. ●මා මේ ලිපිය ලිවීමෙ අරමුණ මේ අතීතය ගැන ඔබට අවබෝධ කරලීම වගේම මේ වගේ තුන්වන ලෝක යුද්ධයක් ආය නොයෙන්නට වග බලා ගන්නට ඔබ සැම දැනුවත් කිරීමයි. ස්තූතිය, මීට කර්තෘ, පාරමිත් විජයවර්ධන... 2407:C00:D003:C813:C5C1:BB1C:77B5:A599 08:28, 8 මැයි 2021 (යූටීසී)[reply]