සාකච්ඡාව:ටොම් නිකලස්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙවැනි පුද්ගලයෙක් ගැන ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් තොරතුරු නොලැබෙන අතර ඉංග්‍රීසි විකිපීඩියාවේ ද කිසිදු සඳහනක් නැත. විකිපීඩියා:ජීවත්වන පුද්ගලයන්ගේ චරිතාපදාන අනුව මෙම ලිපිය පැවැත්මේ වැදගත්කම කුමක් ද? එමෙන්ම ලිපියේ පහලින් 'සිඩ්නි විජේවර්ධන (මොරටුව විශ්වවිද්‍යාල කථිකාචාර්ය)' යනුවෙන් සඳහන් කර තිබෙන්නේ කුමක් සඳහාද? කොහෙවත් නැති පුද්ගලයෙකු පිළිබඳ කරුණාකර මා විශ්වාස කරන්න යන්න ඉන් ගම්‍ය නොවන්නේ ද?----Randeerjayasekara (talk) 08:10, 2 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

මා දන්නා පරිදි ටොම් නිකලස් යනු සුප්‍රසිද්ධ වෙබ් අඩවි හැකර්වරයෙකි. එමෙන්ම ලිපියේ සදහන් කර ඇති පරිදි සෝෂල් ඉංජිනේරුවෙකි. මොහුගේ විස්තර හා පෞද්ගලික දත්ත ගූගල් සෙවුම් යන්ත්‍ර වල ප්‍රචාරය කිරීම නවත්වා ඇත (ගූගල් සෙවුම් ප්‍රතිපල නොලැබීමට හේතුව ලිපියේද කියා ඇත). ඉංග්‍රීසි විකිපීඩියා හි ලිපියක් නැත්තේ මොහු විකිලීක්ස් වෙබ් අඩවියේ කතෘ වරයෙකු වී සිටි නිසා විය යුතුය. ලිපියේ පහලින් 'සිඩ්නි විජේවර්ධන (මොරටුව විශ්වවිද්‍යාල කථිකාචාර්ය)' යනුවෙන් සඳහන් කර තිබීමට හේතුව නම් අපැහැදිලිය. -- Mr. 1100100 (Talk) 09:24, 2 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
කිසිදු මූලාශ්‍රයක් නොයොදා තිබීම නිසා ලිපියේ සත්‍ය බව ඇදහිය නොහැකියි. --L Manju (talk) 13:03, 2 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ටොම්_නිකලස්&oldid=372015" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි